23න් පහළ අවසන් පූර්ව තරගවලට කොරෝනා හරස් වෙයි

වයස අවුරුදු 23න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලිය

167

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය යටතේ හෙට (07) පැවැත්වීමට නියමිතව තිබූ අවසන් පූර්ව තරග නැවත දැනුම් දෙන තුරු කල් දැමීමට තරග සංවිධායක කමිටුව අද (06) පියවර ගෙන තිබේ.

වර්තමානයේ රට තුළ ඇතිවී තිබෙන COVID-19 තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් නිකුත් කර තිබෙන සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව පූර්වාරක්ෂාවක් ලෙසින් ඉහත තීරණයට එළඹීමට තරග සංවිධායක කමිටුව තීරණය කර තිබේ.

තවත් ක්‍රිකට් පුවත්: 

ඒ අනුව 23න් පහළ ක්‍රිකට් තරගාවලිය යටතේ හෙට පැවැත්වීමට නියමිතව තිබූ  අවසන් පූර්ව තරග 2 හෙවත් එස්. එස්. සී. සහ බදුරලිය අතර තරගයත්, කෝල්ට්ස් සහ ලංකන් අතර තරගයත් හෙට දිනයේ නොපැවැත්වෙන අතර එය යළි තරග පැවැත්වීමට සුදුසු දිනක දී පැවැත්වීමට කටයුතු යොදනු ඇත.

මේ වන විට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස ඉදිරියෙන් සිටින්නේ එස්. එස්. සී. කණ්ඩායමේ නිපුන් ධනංජය (ලකුණු 376) වන අතර වැඩිම කඩුලු ලාභියා වන්නේ නුගේගොඩ කණ්ඩායමේ නිපුන් ලක්ෂාන් (කඩුලු 15) ය. තවද කෝල්ට්ස් සහ එස්. එස්. සී. කණ්ඩායම් තවමත් තරගාවලිය තුළ අපරාජිතව සිටීම සුවිශේෂී වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<