2018 වසරේ හොඳම මලල ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව නම් කෙරේ

343

2018 IAAF මලල ක්‍රීඩා සම්මාන උළෙල ඊයේ (5) දින මොනාකෝ හිදී පැවැත්වුනු අතර එහිදී මෙම වසරේ හොඳම මලල ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස එලියුඩ් කිප්චෝජ් (Eliud Kipchoge) සහ කැතරින් ඉබර්ගුවෙන් (Caterine Ibarguen) විසින් සම්මාන හිමිකරගනු ලැබුවා.

2018 වසරේ හොඳම IAAF මලල ක්‍රීඩිකාවන් ලෙස අභිෂේක ලබන්නේ?

2018 IAAF ලෝක මලල ක්‍රීඩා සම්මාන උළෙලට ඉතිරිව ඇත්තේ තවත් දින කිහිපයකි. මෙවර සම්මාන උළෙල….

කිප්චෝජ් මේ වසරේ දක්ෂතම දුර ධාවන ක්‍රීඩකයා ලෙස ධාවන පථයේ සිය ආධිපත්‍ය පැතිරවූ අතර 34 හැවිරිදි මෙම කෙන්යානු ජාතික ක්‍රීඩකයා පසුගිය අප්‍රේල් මාසයේ දී ලන්ඩන් මැරතන් තරගය අවසන් කළේ 02:04:17 කාලයක් වැය කරමිනි. ඊට මාස පහකට පසු ඔහු විසින් වාර්තාගත 02:01:39ක කාලයක් තුළ දී බර්ලින් මැරතන් තරගය නිම කරමින් එහි පළමු ස්ථානය ද දිනා ගත් අතර ඔහු එම ඉසව්වේ ලෝක වාර්තාව බිඳ දැමුවේ පෙර පැවති වාර්තාගත් කාලයට වඩා තත්පර 78ක් පසු පසින් සිටිමින් ය. 1967 සිට පිරිමි මැරතන් ලෝක වාර්තාවක් අලුත් වීමට ගත වූ වැඩිම කාල පරාසය ද මෙයයි.

මේ වන විට ලොව සිටින හොඳම තුන් පිම්ම ක්‍රීඩිකාව වන කැතරින් ඉබර්ගුවෙන් ද පසුගිය වසර පුරා ක්‍රීඩා පිටියේ සිය අණසක පැතිරවූයේ තරගාවලි කිහිපයක්ම ජය ගනිමිනි. මෙම 34 හැවිරිදි කොලොම්බියානු ජාතික ක්‍රීඩිකාව මධ්‍යම ඇමරිකානු හා කැරිබියන් ක්‍රීඩා උළෙලේ තුන් පිම්ම හා දුර පැනීම යන ඉසව් දෙකෙහිම ජය හිමි කරගත් අතර ඇය විසින් පැය විසිහතරක කාල පරතරයක් සහිතව එකිනෙකට වෙනස් නගර දෙකක තිබූ IAAF මහද්වීප කුසලානය හා IAAF ඩයමන්ඩ් ලීග් තරගාවලි දෙකේම අවසන් මහා තරග ජය ගැනීම ද විශේෂත්වයක් විය.

තමන් සහභාගී වූ තරගාවලි අටෙහිම තුන් පිම්ම ඉසව් ජය ගැනීමට සමත් වූ ඇය වසර අවසන් කළේ තුන් පිම්ම ඉසව්වෙන් මීටර 14.96 ක් හා දුර පැනීමේ ඉසව්වෙන් මීටර 6.93 ක් වාර්තා කොට ජාතික වාර්තාවක් ද පිහිටුවමිනි.

  • වසරේ නැගී එන තරුව (පිරිමි) – අර්මාන්ඩ් ඩුප්ලාන්ටිස්

ස්වීඩන් ජාතික රිටි පනින ක්‍රීඩක අර්මාන්ඩ් ඩුප්ලාන්ටිස් පසුගිය වසරේ දී ඔහුගේම වයස අවුරුදු 20 න් පහළ වාර්තාව එක් තරගයක දී තුන් වරක් බිඳ දමමින් ජ්‍යෙෂ්ඨ යුරෝපීය ශුරතාවය දිනා ගැනීමට සමත් වුනා. එහිදී ඔහු උත්සහයන් තුනක දී මීටර 5.95, මීටර 6.00 හා මීටර 6.05 ක් බැගින් වාර්තා කළා. වසර මුල දී ඔහු වයස අවුරුදු 20න් පහළ රිටි පැනීමේ ලෝක ශූරතාවය දිනා ගත්තේ මීටර 5.82 ක උසක් වාර්තා කරමින් වන අතර ස්ටොක්හෝල්ම් හිදී පැවැත්වුනු IAAF ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා උළලේ දී ලොව ප්‍රධාන පෙලේ ක්‍රීඩකයින් රැසක් පරාජය කරමින් ඔහු රිටි පැනීමේ ඉසව්ව ජය ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකා ඔලිම්පික් ක්‍රීඩිකාවෝ පරිසරය සුරකින්න එක්වෙයි

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව පසුගිය දෙසැම්බර්….

  • නැගී එන තරුව (කාන්තා) – සිඩ්නි මැක්ලොක්ලින්

එක්සත් ජනපදයේ කෙටි දුර ධාවන ශූරී සිඩ්නි මැක්ලොක්ලින් තමන් විසින්ම පිහිටුවා තිබූ වයස අවුරුදු 20න් පහළ මීටර 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ ලෝක වාර්තාව තත්පර 52.75 කින් බිඳ දැමීමට සමත් විය. ඒ මෙම වසරේ ලොව වාර්තා වූ හොඳම කාලය ද වන අතර එම වාර්තාව නිසා ඇය ලොව හොඳම කාල ගණනයන් 10 තුළට ද ඇතුළු විය. සිඩ්නි මැක්ලොක්ලින් මෙම වසරේ දී ඇය සහභාගී වූ මීටර 400 හා මීටර 400 කඩුලු මතින් දිවීමේ ඉසව් සියල්ලෙන්ම ජය ගැනීමට සමත් වීම විශේෂත්වයක් වන අතර ඇය “US Collegiate” ශුරතාවය ද දිනා ගන්නා ලදී.

2018 වසර මුල ඇය විසින් වයස අවුරුදු 20 න් පහළ ක්‍රීඩිකාවක් ගෘහස්ත තරගාවලියක දී වාර්තා කළ හොඳම කාලය වාර්තා කළේ මීටර 300 හා 400 ඉසව් හි පිළිවෙළින් තත්පර 36.12 ක් හා 50.36 ක් බැගින් වාර්තා කරමිනි. එමෙන්ම ඇය වසර නිමා කළේ වයස අවුරුදු 20න් පහළ ගෘහස්ත හා ගෘහස්ත නොවන හොඳම ක්‍රීඩිකාව, මීටර 400 ගෘහස්ත හා ගෘහස්ත නොවන හොඳම ක්‍රීඩිකාව, ගෘහස්ත මීටර 400 කඩුලු මතින් දිවීමේ හොඳම ක්‍රීඩිකාව හා මීටර 300 ගෘහස්ත හොඳම ක්‍රීඩිකාව ලෙස සිය නාමය ඔසවා තබමින් ය.

  • IAAF සභාපතිගේ සම්මානය – අන්ඩ්‍රේයාස් බ්‍රගර්

හිටපු යගුලිය විසි කිරීමේ ක්‍රීඩිකාවක් මෙන්ම 1955 වසරේ ස්විස්ටර්ලන්ත ජාතික ඔලිම්පික් ශුරයෙක් වන 91 හැවරිදි අන්ඩ්‍රේයාස් බ්‍රගර් IAAF සභාපතිගේ සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහු සුරිච් හී “Weltklasse” ක්‍රීඩා උළෙලේ අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කළා. ඔහු එම ධූරයේ සිටි කාලයේ නව මලල ක්‍රීඩා ලෝක වාර්තා 19 ක් එම තරගාවලියේ දී බිහිවීම ද විශේෂත්වයක්.

2018 වසරේ IAAF ලොව හොඳම මලල ක්‍රීඩකයා කවුද?

2018 IAAF ලෝක මලල ක්‍රීඩා සම්මාන උළෙලට ඉතිරිව ඇත්තේ තවත් දින කිහිපයකි. මෙවර සමාන උළෙල….

  • IAAF වසරේ සාර්ථකම පුහුණුකරුවා – ජෝ විජිල්

50 වසරක් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ ජෝ විජිල් ඇමරිකානු කණ්ඩායම් දෙකක් ඔලිම්පික් ක්‍රීඩා උළෙල දෙකක් සඳහා සුදානම් කර ඇති අතර සත් වතාවක් IAAF ලෝක “Cross Country” ශූරතාවයන් හා සිව්වතාවක් පෑන් ඇමරිකන් ක්‍රීඩා උළෙලන් සඳහා කණ්ඩායම් මෙහෙයවා තිබේ.

ඔහුගේ ධූර කාලයන් හිදී 2004 ඔලිම්පික් මැරතන් ශූර ස්ටෙෆානෝ බෝල්ඩිනී, ඔලිම්පික් රිදී පදක්කම් ලාභී මෙබ් කෙෆ්ලෙස්ගි, ඔලිම්පික් ලෝකඩ පදක්කම් ලාභී ඩීනා කස්ටෝර් හා 2013 ලෝක මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 800 ධාවන ඉසව්වේ රිදී පදක්කම් ලාභී බ්‍රෙන්ඩා මාර්ටිනේස් ඔහුගෙන් ගුරුහරුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වේ.  

  • IAAF වසරේ කාන්තාව – එව්ලින් ක්ලොඩියෝ ලෝපේස්

පුවර්ටෝ රිකෝ රාජ්‍යයේ එව්ලින් ලෝපේස් ඇයගේ සිය ජිවිතයම කාන්තා මලල ක්‍රීඩාව වෙනුවෙන් කැප කළ අතර එම නිසා ඇයට මෙම සම්මානය හිමි ව තිබේ. NACAC කාන්තා කමිටුවේ සභාපති වන ඇය පෑන් ඇමරිකානු මලල ක්‍රීඩකයින්ගේ සංගමයේ ලේකම් ලෙස ද කටයුතු කරයි. තව ද ඇය IAAF ‘Gender Leadership’ සඳහා පිහිට වූ කණ්ඩායමේ ද සාමාජිකාවකි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<