Pole vault ලෝක ශූරයාට තවත් වාර්තාවක්

135
Armand Duplantis
Image Courtesy : Getty Images

Pole vault ඉසව්වේ කැපී පෙනෙන දස්කම් දක්වන එම ඉසව්වේ වර්තමාන ලෝක වාර්තාවට හිමිකම් කියන ස්විස්ටර්ලන්ත ක්‍රීඩක Armand Duplantis පසුගිය දා රෝමයේ පැවති Golden Gala Pietro Mennea මලල ක්‍රීඩා තරගාවලියේ දී එළිමහන් (outdoor) Pole vault ලෝක වාර්තාව බිඳ හෙලීමට සමත් විය. 

එම තරගාවලියේ Pole vault ඉසව්ව නියෝජනය කරමින් එහි තම දෙවැනි උත්සහයේ දී මීටර් 6.15ක දස්කමක් දක්වමින් 1994 වසරේ Sergey Bubka විසින් මීටර් 6.14ක දක්ශතාවයක් දක්වමින් පිහිටුවා තිබූ වසර 26ක් පැරණි Pole vault එළිමහන් වාර්තාව බිඳ හෙළීමට Armand Duplantis සමත් විය. 

Pole vault ඉසව්වේ ගෘහස්ථ ලෝක වාර්තාවට පවා හිමිකම් කියන විසි හැවිරිදි Armand Duplantis මෙම වාර්තාව පිහිටුවීමෙන් පසුව ඒ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙම වාර්තාව පිළිබඳව බොහෝ දෙන කතා කළ බවත්, එම නිසාවෙන් තමන්ට මෙම වාර්තාව පිහිටුවීමට විශාල උවමනාවක් තිබූ බවයි.

“මට මේ මීටර් 6.15 ඉක්මවා යන්න විශාල උවමනාවක් තිබුණා, හැමෝම ඒ ගැන කතා කළා. ඒ නිසා මම විශාල පීඩනයකින් සිටියේ, ඒත් මම ඒ උස ඉක්මවා ගියාම එය විශාල සතුටකට වඩා විශාල සහනයක් වුනා.

එයට බොහෝ කාලයක් ගත වුනා, මේ කාලසීමාවේ අපිට තවත් තරගාවලිවලට සහභාගි වීමට අවස්ථාව ලැබේ දැයි අපි දන්නේ නෑ, එම නිසා මේ ලෝක වාර්තාව බලාපොරොත්තු නොවූ අනපේක්ෂිත දෙයක්. ඒ නිසා මම ගොඩක් සතුටට පත්වනවා” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

තවත් මලල ක්‍රීඩා පුවත්

ඇමරිකාවේ උපත ලද Armand Duplantis ස්විස්ටර්ලන්තය නියෝජනය කරමින් තරග බිමට පිවිසි අතර ළාබාල වියේ සිටම දැක්වූ දස්කම් නිසාවෙන් ඔහුගේ වයස අවුරුදු 15 වන විට 2015 වසරේ පැවති World Youth Championships තරගාවලියේ දී Pole vault ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

එම ජයග්‍රහණයෙන් පසුව දිගින් දිගටම දස්කම් අතර සිටි ඔහු පසුගිය වසරේ පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ Pole vault ඉසව්වේ රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වූ අතර මෙම වසරේ පෙබරවාරි මස මීටර් 6.18ක දස්කමක් දක්වමින් Pole vault ඉසව්වේ ගෘහස්ථ ලෝක වාර්තාව මෙන්ම එම ඉසව්වේ ගෘහස්ථ සහ එළිමහන් යන ද්විත්වයේම වාර්තා කළ හොඳම දක්ෂතාවය වාර්තා කිරීමට සමත් විය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<