දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියේ නායකත්වයත් ලක්මාල්ට?

1672

එළඹෙන 12 වැනිදා ගාල්ලේ දී ආරම්භ වන තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.

චන්දිමාල්, හතුරුසිංහ හා ගුරුසිංහ චෝදනා පිළිගනී

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ…

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් හට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අවම වශයෙන් තවත් ටෙස්ට් තරග දෙකක් තහනම් කරනු ඇති අතර එවැනි තරග තහනමක් පැනවුවහොත් නිසැක වශයෙන්ම සුරංග ලක්මාල්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලැබෙනු ඇත.

පසුගිය 27 වැනිදා නිමා වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ දෙවන ටෙස්ට් තරගයේ දී සිදුවූවා යැයි පැවසෙන පන්දුව පළුදු කිරීමේ සිද්ධියට අදාලව ICC විසින් එම තරග සංචාරයේ තෙවැනි ටෙස්ට් තරගය නායක දිනේෂ් චන්දිමාල්ට තහනම් කරන ලදි. ඔහු විසින් ඒ සඳහා අභියාචනාවක් සිදු කළ අතර අභියාචනා විභාග කිරීමෙන් පසුව ප්‍රතික්ෂේප විය.

කුසල්ගේ ධෛර්යයෙන් ශ්‍රී ලංකාව ගොඩ යයි

දිල්රුවන් පෙරේරා සහ කුසල් පෙරේරා එක්ව 7 වැනි කඩුල්ලේ දී පෑ දක්ෂතා හේතුවෙන් බටහිර..

එසේම දෙවන ටෙස්ට් තරගය අතරතුර පන්දු රැකීමට පිටියට නොපැමිණීමේ වරද ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ, කළමනාකරු අසංක ගුරුසිංහ හා නායක චන්දිමාල් විසින් පිළිගන්නා ලදි. එම වරද ICC විනය නීති සංග්‍රහයේ තෙවැනි මට්ටමේ වරදක් බැවින් ඔවුන් තිදෙනා හටම අවම වශයෙන් ටෙස්ට් තරග දෙකක තරග තහනමක් ලබා දෙනු ඇත. එම දඬුවමේ ප්‍රමාණය පිළිබඳ අවසන් තීන්දුව ලබන 10 වැනිදා ICC විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

දිනේෂ් චන්දිමාල් හට තරග තහනමක් පැනවීම නිසා තෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩ බලන නායකයා ලෙස සුරංග ලක්මාල් ක්‍රීඩා කරන ලදි. අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි හා අවසන් ටෙස්ට් තරගය කඩුලු 4කින් ජයගෙන තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමා කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවා වන වමතින් පිත්ත හසුරුවන දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්වීම නිසා කොදෙව් තරග සංචාරය ඔහුට මඟ හැරී ගිය අතර ලහිරු ගමගේ හා ඇන්ජලෝ මැතිව්ස් කොදෙව් දේශය බලා පිටව ගොස් පළමු ටෙස්ට් තරග ක්‍රීඩා කළ අවසන් වූ පසුව ඔවුන් දෙදෙනා පිළිවෙළින් ආබාධයකට ලක්වීම නිසා හා පුද්ගලික හේතුවක් නිසා නැවතත් දිවයිනට පැමිණියේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<