UAE ගිය චෙන්නායි ක්‍රීඩකයින්ට කොරෝනා!

1365

ගැටලු රැසක් මැද සැප්තැම්බර් 19 වැනිදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබෙන පසුබිමක එම තරගාවලිය සඳහා සහභාගී වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සහ සහයක කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වී ඇත.

එංගලන්ත ආරම්භක පිතිකරු භූමිකාවේ වෙනසක්; ප්‍රබලයෙකු ඉවතට!

Cricbuzz පවසන පරිදි ඒ අතර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් ද ඇතුළත් වන බව වාර්තා වන නමුත් ඔහු කවුරුන් දැයි තවමත් ප්‍රකාශ කර නොමැත.

තරගාවලිය සඳහා සහභාගී වන චෙන්නායි කණ්ඩායම අගෝස්තු මස 21 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ළඟා වූ අතර ඔවුන් දින හයක නිරෝධායන කාලයක් අවසන් කර අද (28)  සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් සකස් කර තිබුණි.

කෙසේ නමුත් මෙම ක්‍රීඩකයින් සියලුම දෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණි වහාම PCR පරීක්ෂණ සිදු කර ඇති අතර නිරෝධායන කාලය තුල ද PCR පරීක්ෂණ කිහිපයක්ම කර ඇත. එසේ සිදු කොට PCR පරීක්ෂණයේ ප්‍රතිඵල බැලීමේ දී චෙන්නායි කණ්ඩායමේ කිහිපදෙනෙකු හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට මෙසේ අනාවරණය වී තිබේ.

කොරෝනා එක්ක T20 ලෝක කුසලානය තියන්න පුළුවන් ද?

එසේම චෙන්නායි කණ්ඩායම එක්සත් අරාබි එමීරි රාජ්‍යයට පැමිණීමට පෙර ඉන්දියාව තුල දින හයක පුහුණු කඳවුරක් පවත්වා ඇති අතර ඒ සඳහා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් වන මහේන්ද්‍ර සිං දෝනි, සුරේෂ් රයිනා, දීපක් චහාර්, අම්බති රයිදු, පියුෂ් චවුලා, ශර්දුල් ථාකූර් වැනි ක්‍රීඩකයින් මෙන්ම ලක්ෂපති බලාජි ද පන්දු යවන පුහුණුකරු ලෙස එම පුහුණු කඳවුර සඳහා එක්ව තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<