ඉන්දීය ක්‍රිකට් දූෂණ මඩින්න නව සභාපති පොරොන්දු දෙයි

60

හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සවුරව් ගංගුලි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ලෙස තේරී පත් වුනා. අද (23) දිනයේ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු පොරොන්දුවක් ලබා දුන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ වංචා මඩින්නට තමන් කටයුතු කරන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න පුහුණුකරුවන් රැසක් ආනයනයට?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයෙන් පසුව….

ඉන්දියාවේ සිටින ලක්ෂ ගණනක් ක්‍රිකට් ප්‍රේක්ෂකයින් නිසා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ලොව ධනවත්ම ක්‍රිකට් පාලක මණ්ඩලයක් බවට පත්ව ඇති අතර ඔවුන් සෑම වසරකම දැවැන්ත අනුග්‍රාහක කොන්ත්‍රාත්තු හා රූපවාහිනී ප්‍රදර්ශන කොන්ත්‍රාත්තු සඳහා ගිවිසුම්ගත වෙනවා.

ඒ නිසාම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ වංචා පිළිබඳව දැඩි කතාබහක් ඇතිව තිබෙන අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිදු වූ තරග පාවා දීම් හා දූෂණ පසුගිය වසර කිහිපයේ දී කැපී පෙනුණා.

47 වැනි වියේ සිටින ගංගුලි මාස 10ක කාලයක් සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති බවට පත්වුනේ ඉන්දීය ඉහළ අධිකරණය පත් කළ ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩ බලන කමිටුවේ වසර දෙකක පාලනය නිමා කරමින්. 

“ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති බවට මාව පත් කිරීම මට ගෞරවයක්.” ගංගුලි පවසා සිටියේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ලෙස සිය පළමු මාධ්‍ය හමුවේ දී ඉන්දීය ක්‍රිකට් නායක බ්ලේසරය ද පැළඳ ගෙනයි.

“ගොඩක් දේවල් තිබෙනවා නැවත හරිගස්සන්න. පුනරුත්තාපන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න ඕන. ප්‍රාදේශීය සංගම් වලට ගොඩක් මුදල් ගෙවන්න තිබෙනවා.”

“එක අභියෝගයක්. මම මගේ දැනුමේ ලෙසට ඒ වෙනස කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය පිළිබඳ විශ්වාසය වැඩි කරලා, එහි දූෂණ නැති කරලා දාන්න ඕන. එහෙම තමා මම ඉන්දියානු කණ්ඩායම මෙහෙය වූයේ. කොච්චර කාලයකට මට මේ තනතුර හිමි වුනත් ක්‍රිකට් පාලක මණ්ඩලය මම මෙහෙය වන්නෙත් ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවපු විදියටයි.”

තරග පාවා දීම නවත්තන්න වැටුප් වැඩි වීමක්?

හිටපු බංග්ලාදේශ ක්‍රිකට් ආයතන ප්‍රධානී පසුගිය අඟහරුවාදා බංග්ලාදේශ ක්‍රිකට්….

2013 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී සිදු වූ තරග පාවා දීමේ සිදුවීම නිසා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ දැඩි අර්බුදයක් හට ගත් අතර එවකට සභාපති වූ නාරයනස්වාමි ශ්‍රීනිවාසන්ගේ බෑණා තරග සඳහා ඔට්ටු ඇල්ලූ බවට චෝදනා එල්ල විය. 

ඉන්පසුව අනුරන්ග් තාකුර් හා ඔහුගේ දෙවැන්නා වූ අජේ ශිර්කේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පාලනය කළ නමුත් 2017 වසරේ ජනවාරි මාසයේ දී ඉන්දීය උපරිමාධිකරණය ඔවුන් දෙදෙනාවම තනතුරුවලින් ඉවත් කළා. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ව්‍යුහය හා ව්‍යවස්ථාව වෙනස් විය යුතු බවත් එහි දී ඉන්දීය උපරිමාධිකරණය  නියෝග කළා. 

හිටපු මහාධිකරණ විනිසුරු රාජේන්ද්‍ර මාල් ලෝධා විසින් මෙහෙයවූ කමිටුව මගින් පෙන්වා දුන් වෙනස්කම් සිදු කිරීමට අසමත් වීම නිසා ඉන්දීය අධිකරණ විනිසුරුවන් 2016 වසරේ දී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ බැංකු ගිණුම් වලට තහනමක් ද පැනවූවා.

පසුව ඉන්දීය අධිකරණය, විනෝද් රායි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩ බැලීම සඳහා පත් කළා. ඔහු යටතේ ලෝධා කමිටුව යෝජනා කළ ප්‍රතිසංස්කරණ ආරම්භ කළ අතර ඒ යටතේ නිළධාරීන්ට වයස් සීමාවක් යෙදීම, වාර ගණන සීමා කිරීම ඇතුළු වෙනස්කම් රැසක් සිදු වුනා. 

දකුණු ආසියානු ක්‍රිකට් තරගාවලියට යන ශ්‍රී ලංකා සංචිත නිකුත් වෙයි

2019 වසරේ දෙසැම්බර් මස දී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ….

ගංගුලි තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ ජාතික කණ්ඩායමේ නායක විරාත් කෝලි සමඟ තමන් සාකච්ඡා කරන බවයි. “ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ වැදගත්ම පුද්ගලයා” සමඟ තමන් එළඹෙන බ්‍රහස්පතින්දා සාකච්ඡා කරන බව ඔහු පවසා සිටියා.

“විරාත් කෝලි තමයි ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවේ වැදගත්ම පුද්ගලයා, අපි ඔහුට සවන් දෙනවා, අන්‍යෝන්‍ය ගෞරවය එහි තිබේවි, ඔහුගේ අදහසුත් ඉතා වැදගත්.”

“අපි ඔහුට උපරිම සහයෝගය දෙනවා. ඉල්ලන ඕනෑම දෙයක් දෙනවා.”

වමත් ආරම්භක පිතිකරු ගංගුලි 2008 වසරේ දී ටෙස්ට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තේ ශතක 16ක් සමඟින් ලකුණු 7212ක් රැස් කර ගෙන සිටිය දී ය. ඔහුගේ මංගල ශතකය වාර්තා වුනේ vඑංගලන්තයේ ලෝඩ්ස් පිටියේ දීයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<