12 වන දිනයේ තරඟ අවසන් වන විට සමස්ථ පදක්කම් සටහනේ පෙරමුණ තවදුරටත් තහවුරු කරගැනීමට රන් පදක්කම් 30 සමඟ මුලු පදක්කම් 93ක් දිනාගත් ඇමෙරිකා එක්සත් ජනපදය සමත් වී ඇති අතර දෙවන සහ තුන්වැනි ස්ථාන පිලිවෙලින් රන් පදක්කම් 19 බැගින් දිනාගෙන ඇති මහා බ්‍රිතාන්‍යටහා චීනය ට හිමිව ඇත.

පසුගිය ලිපි: රියෝ උණුසුම – පිටිය මෙන්ම ඉන් එපිටද උණුසුම් වූ දිනයක්

බෝල්ට් තවත් ලෝක වාර්තාවකට සැරසෙයි

sasassasදිනයේ කාගේත් අවධානය දිනාගත් තරඟ අතුරින් ජැමෙයිකානු ධාවන ශූර උසේන් බෝල්ට් තරඟ වැදුනු මීටර 200 අර්ධ අවසන් වටයේ තරඟය වඩාත් කැපී පෙනුනි. මෙහිදී බෝල්ට් තත්: 19:78 දක්ෂතාවයක් දක්වමින් එම ඉසව්ව ජය ගත් අතර මෙහිදී වඩාත් කැපී පෙනෙන අනෙක් සිදුවීම වන්නේ මීටර 100 තරඟ ඉසව්වේ දී රිදී පදක්කම දිනා ගත් ඇමෙරිකාවේ ජස්ටින් ගැට්ලින් හට අවසන් තරඟයේ ස්ථානයක් නොලැබී යාමයි. ගැට්ලින් මෙම ඉසව්වේ වාර්තා කල කාලය තත් 20:13 විය. මෙහිදී දෙවන ස්ථානය ඇමෙරිකාවේ ලශෝන් මෙරිට් විසින් දිනාගත් අතර ඔහු බෝල්ට් හට ප්‍රබල අභියෝගයක් වනු ඇති බව විචාරකයින්ගේ මතයයි. නමුත් බෝල්ට් පවසන්නේ තමන්ට මෙවර තම ලෝක වාර්තව වන තත් 19:19 කාලය අලුත් කල හැකි බවයි.

තොම්සන් දෙවන රන් පදක්කම දිනා ගනී.

dsadsadsdaමීටර 100 ධාවන තරඟය ජයග්‍රහනය කල ජැමෙයිකාවේ එලේන් තොම්සන් මීටර් 200 ඉසව්වේ රන් පදක්කමද තමන් සතු කර ගැනීමට සමත් විය. නෙදර්ලන්ත ලෝක ශූරි ඩැෆ්නි ශිපර්ස් තත් 0:19 කාලයකින් අභිබවා යමිනි. මෙහිදී තොම්සන් වාර්තා කල කාලය තත් 21:78 විය. තත් 22:15 කින් තරඟය නිමා කල ඇමෙරිකාවෙ ටොරි බොවී හට මෙහි ලෝකඩ පදක්කම හිමි විය.

ජපාන මල්ලව පොර ශූරියට සිව් වැනි ඔලිම්පික් රන් පදක්කම

dsdsdsaකිලෝග්රැම් 58 බර පංතිය යටතේ තරඟ වදින ජපාන මල්ලව පොර ක්‍රීඩිකා කඔරි ඉචෝ තම සිවු වැනි ඔලිම්පික් රන් පද්කකම දිනා ගැනීමට සමත්ව ඇත. ඇය 2004 ඇතන්ස් ඔලිම්පික් උළෙලේ සිට මේ දක්වා පවත්වා ඇති සියලුම ඔලිම්පික් තරඟ වල රන් පදක්කම තමන් සතු කරගැනීමට සමත් ඇත. මෙම ඉසව්වේ රිදී පදක්කම ටියුනීසියාවේ මාර්වා අම් රි විසින් දිනාගත් අතර ලෝකඩ පදක්කම ඉන්දියාවේ සාක්ශි මලික් විසින් දිනාගන්නා ලදී

ඇමෙරිකාව සියල්ල ඩැහැ ගනී

fsadsdadකාන්තා මීටර 100 කඩුලු මතින් දිවීම ඉසව්වේ රන් , රිදී , ලෝකඩ පදක්කම් තුනම දිනාගැනීමට ඇමෙරිකානු ක්‍රීඩිකාවන් තිදෙනෙකු සමත් වීම තවත් කැපී පෙනෙන සිදුවීමක් විය. මෙහිදී බ්‍රිඇනා රොලින් තත් 12.48 දක්ෂතාවයක් පෙන්නුම් කල අතර නියා අලි  තත් 12.59 සහ ක්‍රිස්ටි කස්ට්ලින් තත් 12:61 දක්ෂතාවක් දැක්විය. මෙම ඉසව්ව සඳහ මහා බ්‍රිතාන්‍ය නියොජනය කරමින් සහභාගී වූ සින්ඩි ඔෆිලි හා ටිෆනි පොර්ටර් සොයුරියන් හට පිලිවෙලින් සිව්වන හා සත් වන ස්ථාන වලින් සැහීමට පත් වීමට සිදු විය. මෙහි අනෙක් විශේෂ කාරනය වන්නේ එම සොයුරියන් ඇමෙරිකාවෙ ඉපිද හැදී වැඩී තම බ්‍රිතාන්‍ය ජාතික මව නිසා බ්‍රිතාන්‍යයට තරඟ කිරීමයි.

ඇමෙරිකානු පිහිනුම් ශූරයින් හට බ්‍ර‍සීල පොලිසියෙන් වැට බඳී

fdfdasdsඇමෙරිකානූ පිහිනුම් ශූරයින් දෙදෙනෙකු වන ගනර් බෙන්ට්ස් හා ජැක් කෝන්ගර් යන් ක්‍රීඩකයින් දෙදෙනා මෙලෙස බ්‍ර‍සීල පොලිසිය මගින් ප්‍රශ්න කිරීම සඳහා රටින් පිටවීම වාරණය කර තිබෙන බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි. සොරකමක් සම්බන්ඳ කාරණයක් සඳහා මෙලෙස මොවුන් රඳවා ගත් බව සැලවේ. මෙහිදී ඇමෙරිකානු පිහිනුම් ශූර රයන් ලොෂ්ට් හට වාරන නියොගයක් පැනවී තිබුනද වන විටත් ලොෂ්ට් ඇමෙරිකාව බලා පිටත් ගොස් තිබිනි. මේ පිලිබඳව වැඩි දුර පරීක්ෂණ සිදු කෙරෙන බව බ්‍රසීල පොලිසිය සඳහන් කරයි.

හෙටත් රියෝ උණුසුම ලිපියක් සමගින් හමුවෙමු. ඔබට ක්‍රීඩාශීලී දවසක්!

— අද දිනය නිමාවන විට පදක්කම් සටහන —

gme

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට