දකුණු අප්‍රිකා 3T තරගයට පෙර COVID-19 ආසාදිතයින් හයක් හඳුනා ගැනේ

2262

දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත ආරම්භ කිරීම සනිටුහන් කරමින් එළඹෙන සෙනසුරාදා පැවැත්වීමට නියමිත කණ්ඩායම් තුනක් තරග වදින 3T ක්‍රිකට් තරගාවලියට පෙර සිදුකරන ලද COVI-19 පරීක්ෂණ 50කින් ආසාදිතයින් 6 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර සිටියි. 

බිග් බෑෂ් ලීගයේ කාලසටහන නිකුත් වෙයි

“පසුගිය ජූලි මස 10 හා 13 දිනයන් වල 3TeamCricket තරගාවලිය සඳහා සහභාගී වූ ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, කණ්ඩායම් කාර්ය මණ්ඩලය හා ක්‍රීඩාංගණ කාර්ය මණ්ඩල වල 50 දෙනෙකු PCR පරීක්ෂණ වලට භාජනය කළ බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය තහවුරු කර සිටිනවා.” 

“COVID-19 ආසාදිතයින් හය දෙනෙක් හඳුනා ගත්තත් ඉන් කිසිවෙක් ක්‍රීඩකයින් නෙවෙයි. දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ වෛද්‍ය කාර්ය මණ්ඩලය, දකුණු අප්‍රිකානු සෞඛ්‍ය අමාත්‍යංශයේ නීතිරීති වලට අනුව කටයුතු කරමින් ඒ ආසාදිතයින්ව බලා ගන්නවා.” 

දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය එම ආසාදිතයින්ගේ අනන්‍යතාවයන් මාධ්‍යට හෙළි කර නැත.

(indianexpress)

මෙම තරගාවලියට The Eagles, Kingfishers සහ The Kites යන කණ්ඩායම් තුන නියෝජනය කරමින් ක්‍රීඩකයින් 24ක් සහභාගී වීමට නියමිතය. 

හිටපු බංග්ලාදේශ නායකයා කොරෝනා පරාජය කරයි

තරගයට එක්වන කණ්ඩායම්.

  • Kingfishers – කගිසෝ රබාඩා (නායක), ෆෆ් ඩු ප්ලේසිස්, ක්‍රිස් මොරිස්, ටබ්‍රිස් ශම්සි, රීසා හෙන්ඩ්රික්ස්, ජන්මන් මලාන්, හෙන්රිච් ක්ලාසන්, ග්ලෙන්ටෝ ස්ටුර්මාන්. 
  • Kites – ක්වින්ටන් ඩි කොක්, ඩේවිඩ් මිලර්, ටෙම්බා බවුමා, Anrich Nortje, ඩ්වේන් ප්‍රිටෝරියස්, බෝරන් හෙන්ඩ්රික්ස්, ජේ. ජේ ස්මට්ස්, ලූතෝ සිපම්ලා. 
  • Eagles – ඒ. බී. ඩි විලියර්ස්, ඒඩ්න් මාක්‍රම්, ලුන්ගි න්ගිඩී, අන්ඩිලේ ෆෙලුක්වායෝ, රසී වෑන් ඩර් ඩුසෙන්, ජුනියර් ඩලා, Kyle Verreynne, සිසන්ඩා මගලා. 

indianexpress ඇසුරිනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<