හිටපු බංග්ලාදේශ නායකයා කොරෝනා පරාජය කරයි

227
Mashrafe Mortaza

හිටපු බංග්ලාදේශ නායක මෂ්රෆි මෝර්ටාසා හට පසුගිය ජුනි 20 වැනිදා COVID-19 වයිරසය ආසාදනය ඇති බව හඳුනා ගත් අතර සිය නිවසේ සිටම ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව ඔහු දැන් සුවය ලබා තිබෙන බව වාර්තා වෙනවා.

>> ඩෙන්ලි එලියට; රූට් නැවතත් කණ්ඩායමට

මෝර්ටාසා පසුගිය අඟහරුවාදා ඔහුගේ COVID-19 පරීක්ෂණයේ ප්‍රතිඵල සිය Facebook පිටුවේ පලකර තිබුණා.

“මම හිතනවා හැමෝම සුවෙන් කියලා, දෙවියෝ හැමෝටම පෙන්වන කරුණාව නිසා මම කොරෝනා වයිරසයෙන් සුවය ලබා තිබෙනවා. මම ස්තුති කරනවා මේ අමාරු අවස්ථාවේ මා එක්ක සිටි හැමෝටම.”

“මම නිවසේ දී ම ප්‍රතිකාර ලබා කොරෝනා වයිරසයෙන් සුවය ලැබුවා. මම රෝගී වුණු හැමෝටම කියන්නේ ධනාත්මකව සිටින්න. දෙවියන් කෙරෙහි විශ්වාසය තියා ගන්න. අපි එකමුතුව මේ වයිරසය හා සටන් කරමු” මෝර්ටාසා පවසා සිටියා.

මෝර්ටාසාගේ බිරිඳ වන Sumona Haque තවමත් මේ වයිරසයෙන් සුවය ලබා නැහැ,

“මගේ බිරිඳට තවමත් වයිරසය තිබෙනවා. ඇය හොඳින් සිටිනවා. ඔබ දෙවියන් යැදීමේ දී ඇයවත් මතක් කරන්න” බංගලාදේශ පාර්ලිමේන්තුවේ ද සභිකයෙක් වන මෝර්ටාසා ඉල්ලා තිබුණා.

>> පොඩි අඩියෙන් ලොකු පිම්මක් පැන්න ඉන්දීය වේගපන්දු යවන්නා

බංග්ලාදේශ ක්‍රීඩකයින් දෙදෙනෙක් වන නෆීස් ඉක්බාල් හා නස්මුල් ඉස්ලාම් ද මේ වන විට COVID වැළඳී ඉන් සුවය ලබා සිටිනවා.

Hindustan Times ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<