රූට් ඇතුළු එංගලන්තයේ ප්‍රබල ප්‍රහාරයෙන් ඉන්දියාව සුනුවිසුනු වේ

374
England's Joe Root celebrates scoring his century during the second One Day International (ODI) cricket match between England and India, at Lord's Cricket Ground in London on July 14, 2018. / AFP PHOTO / OLLY GREENWOOD / RESTRICTED TO EDITORIAL USE. NO ASSOCIATION WITH DIRECT COMPETITOR OF SPONSOR, PARTNER, OR SUPPLIER OF THE ECB

සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 86ක දැවැන්ත ජය ගත් එංගලන්ත කණ්ඩායම 1-1ක් ලෙස තරගාවලිය සම කිරීමට අද (14) සමත් වුනා.

රෝහිත් ඉන්දියාවට පහසු ජයක් ගෙන එයි

පසුගිය දා ඉන්දියානු කණ්ඩායම එක්දින තරගාවලියක් සඳහා සහභාගි වීමට එංගලන්තය කරා පැමිණියේය. ඒ අනුව එම තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (12) පළමු එක්දින තරගය පැවැත්විය. ඒ එංගලන්තයේ නොටින්හැම්…

එංගලන්තයේ ලන්ඩන් නුවර පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායක ඉයන් මෝර්ගන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අවසරයෙන් පිටියට පිවිසුණු එංගලන්ත ආරම්භක පිතිකරුවන් වන ජේසන් රෝයි හා ජොනී බෙයාර්සොටොව් ලකුණු 69ක  සාර්ථක හා ජවසම්පන්න ආරම්භයක් ලබා දෙන ලදි.

4 පහර 5ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 38ක් ලබාගත් බෙයාර්සොටොව්ගේ කඩුල්ල කුලදීප් යාදෙව්ගේ කඩුලු ගොන්නට එක්කාසු විය. ජේසන් රෝයි ලකුණු 40යි. එංගලන්ත ඉනිමේ ගොඩනැංවුනු හොඳම සබඳතාවය තෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවීමට නායක මෝර්ගන් හා ජෝ රූට් සමත් වූයේ ලකුණු 103ක ශතක සබඳතාවයක් ගොඩනගමිනි. 4 පහර 4ක් හා එක 6 පහරක් සමඟ සිය එක්දින ක්‍රිකට් දිවියේ 38වන අර්ධ ශතකය ලබා ගත් මෝර්ගන් ලකුණු 53කට දැවී ගියේය.

එංගලන්ත ඉනිමේ කතා නායකයා වූ ජෝ රූට් අගනා හා විශිෂ්ට ශතකයකින් මේ තරගය අලංකාරවත් කළේ සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ 12 වන ශතකය ලබා ගනිමිනි. ඔහු ඒ සඳහා වැය කළේ පන්දු 116ක් පමණි. රූට්ගේ දැවී යාමත් සමඟම එංගලන්ත ඉනිම පියවරක් දෙකක් පසුපසට ඇඳී ගියත් ඒ අඩුව තරගය අවසානය දක්වා නොගියේ  ඩේවිඩ් විලී දියත් කළ වේගවත් ඉනිම නිසාවෙනි. විලී පන්දු 31ක දී ලබාගත් නොදැවුණු අර්ධ ශතකය ලබා ගැනීමට 4 පහර 5ක් හා එක් 6 පහරක් සිය ලකුණු සටහනට එක් කර ගත්තේය. එය ඔහුගේ එක්දින ක්‍රිකට් දිවියේ ලබාගත් මංගල අර්ධ ශතකය විය. අවසානයේ එංගලන්ත කණ්ඩායම සිය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 322ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේ දී කුලදීප් යාදෙව් ඉන්දීය කණ්ඩායම් වෙනුවෙන් ලකුණු 68කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා පොඩ්ඩොන්ගේ අභියෝගයට ඉන්දියාවෙන් සාර්ථක පිළිතුරක්

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සභාපතිගේ කණ්ඩායම හා ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙදින පුහුණු තරගය අද (14) NCC පිටියේ දී ජය පරාජයෙන් තොරව අවසන් විය. කෙසේ නමුත්…

ලකුණු 323ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිටියට පිවිසුණු ඉන්දීය කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබා ගත් නමුත් ඔවුන්ගේ පළමු කඩුලු 3 ලකුණු 60ක් තුල දවා ගැනීමට එංගලන්ත වේගපන්දු යවන්නන් සමත් විය. ශිකර් ධවාන් 4 පහර 6ක් සමඟ ලකුණු 36ක් ලබා ගන්නා ලදි. එම කඩුලු කිහිපය අඩු ලකුණු ප්‍රමාණයක් තුල දැවී යාමේ වාඩුව පියවා ගැනීම වෙනුවෙන් නායක විරාට් කෝලී සටන් වැදුණ ද ඔහුගේ ඉනිම ලකුණු 45කට සීමා කිරීමට මොයින් අලී සමත් විය. අවසානයේ ඉන්දීය කණ්ඩායම් සිය නියමිත පන්දුවාර 50 අවසානයේ සියල්ලන්ම දැවී ලබාගත්තේ ලකුණු 236ක් පමණි.

අනතුරුව සුරේෂ් රයිනා හා මහේන්ද්‍ර සිං දෝනි පිළිවෙළින් ලකුණු 46ක් හා ලකුණු 37ක් ලබාගෙන ඉන්දීය ඉනිම යම් මට්ටමකට ඔසවා තැබූ අතර රයිනාගේ ඉනිමට ඇතුළත් වූයේ එක 4 පහරක් පමණි. මේ තරගය පුරාවට ඉන්දීය පිතිකරුවන්ගෙන් දැක ගැනීමට හැකි වූයේ 4 පහර 16ක් පමණි.

පන්දු යැවීමේ දී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් වේගපන්දු යවන ක්‍රීඩක ලියාම් ප්ලනකට් ලකුණු 46අකට කඩුලු 4ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි. අදිල් රෂිඩ් කඩුලු 2යි.

එංගලන්තය – 322/7 (50): ජෝ රූට් 113, ඩේවිඩ් විලී 50*, ජේසන් රෝයි 40, ජොනී බෙයාර්සොටොව් 38, කුලදීප් යාදෙව් 3/68.

ඉන්දියාව – 236/10 (50): සුරේෂ් රයිනා 46, විරාට් කෝලී 45, මහේන්ද්‍ර සිං දෝනි 37, ශිකාර් ධවාන් 36, ලියාම් ප්ලනකට් 4/46. අදිල් රෂිඩ් 2/38.

තරගයේ වීරයා – ජෝ රූට්  (එංගලන්තය)

එක්දින ක්‍රිකට් තරග 3කින් සමන්විත මේ ක්‍රිකට් තරගාවලියේ තෙවන එක්දින තරගය ලබන 17 වැනිදා එංගලන්තයේ ලීඩ්ස් නුවර පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<