19න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය නුවරට!

137

සමස්ත ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය සැප්තැම්බර් මස 21 හා 22 යන දෙදින තුළ දී පැවැත්වීමට නියමිතයි. 

සාමාන්‍යයෙන් මෙම තරගාවලිය කොළඹ දී පැවැත්වෙන අතර මෙවර මෙම තරගාවලිය මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට බලධාරීන් තීරණය කර ඇත. 

ශ්‍රී ලංකා සංචිතයෙන් 4ක් එළියට!

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි වටය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ජාතික රග්බි….

පසුගිය වර්ෂවල මෙම තරගාවලිය ජුනි මස අවසන් භාගයේ දී හෝ ජූලි මස මුල් භාගයේ දී පැවැත්වෙන අතර සිංගර් ලීග් රග්බි තරගාවලියේ දෙවැනි අදියර කල් යෑම හේතුවෙන් මෙම තරගාවලිය ද උසස් පෙළ විභාගයෙන් පසු පැවැත්වීමට කටයුතු කෙරුණි.

පසුගිය වර්ෂයේ ශූරයින් වන සාන්ත ජෝසප් විදුහල මේ වසරේදීත් ශූරතාවය වෙනුවෙන් මාන බලමින් සිටින අතර සාන්ත පීතර විදුහල, ඉසිපතන විදුහල සහ විද්‍යා විදුහලෙන් ද මෙම තරගාවලියේ පාසල් වලට බලපෑමක් එල්ල කිරීමට විශාල ඉඩ කඩක් ඇත.

මෙම තරගාවලියේ වැඩි විස්තර සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<