ඔලිවර් ගුණතිලක කුසලානය වෙස්ලි ක්‍රීඩකයින් රැගෙන යයි

394

2019 සිංගර් අන්තර් පාසල් ලීග් තරගාවලියෙහි පස්වැනි සතිඅන්තයේ ආරම්භය සනිටුහන් කරමින් පැවති තවත් එක් තරගයක් අද (30) ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී නිමාව දුටු අතර එහි දී සත්කාරක සාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 24-26ක් ලෙස පරාජය කරමින් සර් ඔලිවර් ගුණතිලක අනුස්මරණ කුසලානය තමන් සතුකර ගැනීමට වෙස්ලි විද්‍යාලය සමත් විය.

​ගල්කිස්සේ ආක්‍රම​ණ​යට ඇතුගල්පුර තුර​ඟු​න්​ යටත් ​වේ

සත්කාරක සාන්ත තෝමස් විදුහල සහ කුරුණෑගල මලියදේව විදුහල අතර අද (25) පැවති 2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ හතර වැනි…

ඉතා ඉහළ දක්ෂතා අතර සිටින ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය මෙම තරගයට පිවිසුණේ සාන්ත පීතර, කිංග්ස්වුඩ් සහ මලියදේව කණ්ඩායම් පරාජයට පත්කරමින් ගොඩනගාගත් ප්‍රබල මානසික මට්ටමත් සමඟිනි.

තරගාවලියේ සිව්වැනි සති අන්තය අවසානයේ දී සහභාගී වූ තරග හතරෙන් එක් තරගයක් පමණක් ජය ගැනීමට සමත් වූ වෙස්ලි කණ්ඩායම අද තරග බිමට පා තැබුවේ කෙසේ හෝ සිය සුපුරුදු දක්ෂතාවන් අවදි කරමින් තෝමස්වරුන් හට කරට කර සටනක් ලබා දීමේ අභිලාශයෙනි.

සාන්ත තෝමස් කණ්ඩායමේ ඔවින් හෙට්ටිආරච්චි එල්ල කළ පා පහරින් පන්දුව ගුවනට මුසු වීමත් සමඟම තරගය ආරම්භ වූ අතර තරගයේ ආරම්භක විනාඩි කිහිපය අතිශය තරගකාරී ස්වරූපයක් ගනු ලැබුවේ වෙස්ලි කණ්ඩායමෙන් එල්ල වූ තියුණු ආක්‍රමණ ඉතා සාර්ථකව සාන්ත තෝමස් ආරක්ෂක පෙළ විසින් මැඩපැවැත්වීමට සමත් වූ නිසාවෙනි.

නමුත් සාන්ත තෝමස් කණ්ඩායමට එරෙහිව ගොඩනැගූ පීඩනය තවදුරටත් ඒ අයුරින්ම  පවත්වා ගත් වෙස්ලි ක්‍රීඩකයින් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමේ ගෞරවය තමන් සතුකර ගත්තේ රවීන් ප්‍රනාන්දුගේ ධවල රේඛාව අභිබවා යාමේ වෑයම සාර්ථක වීමත් සමඟිනි. අමතර ලකුණු එකතු කිරීමේ අවස්ථාව තරිඳු වල්පිටගේ අතින් ගිලිහී ගියේ පිටිය හරහා හමා ගිය තද සුළං ප්‍රවාහය ඔහු විසින් එල්ල කළ පා පහර ගෝල කණු මඟ හරිමින් ඉවතට රැගෙන යාම නිසාවෙනි. (සාන්ත සාන්ත තෝමස් 00 – වෙස්ලි 05)

ඉන් අනතුරුව වෙස්ලි ලකුණු තීරුව තවදුරටත් සවිබලගැන්වීමට තිබූ පහසු අවස්ථාවන් ද්විත්වයක් ඔවුන් අතින් ගිලිහී ගියේ පන්දු පාලනයේ දී සිදු වූ අතපසුවීම් කිහිපයක් නිසා වන නමුත් තෝමස්වරුන්ගේ ආරක්ෂක පෙළෙහි පැවති දුර්වලතාවන් ද ඒ හා සමඟම වඩාත් ඉස්මතු වී පෙණුනි.

අනතුරුව නැවත වරක් තම ආක්‍රමණ තර කර වෙස්ලි ඉදිරිපෙළ තෝමස් ආරක්ෂක වළලු බිඳ දමමින් උත්සාහක දිනුම් රේඛාව වෙත ඇඳුණේ දිනයේ තම නම ඉදිරියේ සටහන් වන දෙවන උත්සාහක දිනුමේ සතුට සැමරීමට ඉඩ අවකාශ සලසා දෙමිනි. එම උත්සාහක දිනුම වාර්තා වූයේ තවරරාජාගේ සුරතිනි. (සාන්ත තෝමස් 00 – 10 වෙස්ලි)

වසර 5කට පසු රාජකීය බළකොටුවට බම්බලපිටියෙන් ප්‍රහාරයක්

වසර 5කට පසු කොළඹ රාජකීය විද්‍යාලය සමග පැවැත්වෙන වාර්ෂික රග්බි තරගය ජය ගනිමින් බී. සී. අන්ගී කුසලානය බම්බලපිටියට ගෙන යන්නට….

පළමු අර්ධය අවසන් වීමට විනාඩියකටත් අඩු කාලයක් ඉතිරිව තිබිය දී ජීවය ලැබූ තෝමසුවන් එතෙක් වේලා ක්‍රීඩා කරමින් තිබූ ඇල්මැරුණු තරග රටාවෙන් මදකට මිදෙමින් වෙස්ලි කණ්ඩායම වෙත දැවැන්ත අභියෝගයක් එල්ල කිරීමට සමත් වූයේ විවේක කාලයට මත්තෙන් ලකුණු පුවරුවේ අන්තය ප්‍රවර්තිත උත්සාහක දිනුමකින් පෝෂණය කිරීමට හැකි වූ නිසාවෙනි. එහි දී සාන්ත තෝමස් කණ්ඩායම වෙනුවෙන් රෙවන්ක අබේවර්ධන ලකුණු රැස් කිරීමට සමත් වූ අතර ඔවින් හෙට්ටිආරච්චි අමතර ලකුණු ද්විත්වයේ වාසිය හිමිකර දීමට සමත් විය. (සාන්ත තෝමස් 07 – 10 වෙස්ලි)

පළමු අර්ධය: සාන්ත තෝමස් විද්‍යාලය 07 (1T,1C) – 10 (2T) වෙස්ලි විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භයේදීත් සාන්ත තෝමස් ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාසයේ එතරම් ප්‍රගතියක් දක්නට නොලැබුණු අතර එය තම කණ්ඩායමේ වාසියට හරවා ගත් වෙස්ලි ක්‍රීඩකයින් සිය රිද්මය මනාව රැකගනිමින් තරගයේ පෙරමුණ තවදුරටත් තම කණ්ඩායම සතුව තබා ගැනීමට සමත් විය.

ඒ අනුව තෝමස් ක්‍රීඩකයෙකු අතින් සිදු වූ අත්වැරදීමක් උපයෝගී කරගනිමින් උදාකරගත් දඬුවම් පහර සාර්ථකව ගෝල කණු අතරින් පා කර හැරීමට 41 වැනි මිනිත්තුවේ දී තරිඳු වල්පිටගේට හැකි විය. (සාන්ත තෝමස් 07-13 වෙස්ලි)

වෙස්ලි කණ්ඩායම වෙනුවෙන් නැවත වතාවක් ක්‍රියාත්මක වූ ස්‍රිතේෂ් තවරරාජා තම පෞද්ගලික උත්සාහක දිනුම් ගිණුමට තවත් එක් උත්සාහක දිනුමක් බැරකර ගැනීමට සමත් වූයේ ක්‍රමයෙන් තෝමස් කණ්ඩායමේ තරගය පිළිබඳ තිබූ බලාපොරොත්තු සුනු කර දමමිනි. තමා හට දිනයේ හිමි වූ තෙවන ප්‍රවර්තන ගෝලය නිසි එල්ල වෙත යොමු කිරීමට තරිඳු වල්පිටගේ සමත් විය. (සාන්ත තෝමස් 07-20 වෙස්ලි)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

48 වැනි මිනිත්තුවේ දී වෙස්ලි ක්‍රීඩකයෙකු ඉලක්ක කර ගනිමින් සිදු කළ අනතුරුදායක tackle කිරීම නිසාවෙන් කහ කාඩ්පතක් ද සමඟින් විනාඩි දහයක කාලසීමාවක් සඳහා පිටියෙන් ඉවත ගමන් කිරීමට දුනාල් ප්‍රනාන්දු හට සිදු වූ අතර ඔහු තම දඬුවම් කාලය ගෙවා දැමීමෙන් අනතුරුව පිටියට පිවිසෙනවාත් සමඟ අද දිනයේ දී වෙස්ලි කණ්ඩායම වෙනුවෙන් සාර්ථකම ක්‍රීඩකයා බවට පත් වූ ස්රිතේෂ් තවරරාජා හට විනිසුරු නිරීක්ෂණය යටතේ විනාඩි 10ක කාලසීමාවක් ගතකිරීමට සිදු වූයේ පිටපිට තෙවතාවක් සිදු කළ අත්වැරදීම් විනිසුරු ඇසට හසුවීමත් සමඟිනි.

එක් ක්‍රීඩකයෙකුගේ වාසිය සහිතව තරග වැදීමේ අවස්ථාව හිමිකරගත් සාන්ත තෝමස් ක්‍රීඩකයින් ක්ෂණික ආක්‍රමණයක් දියත් කරමින් ප්‍රතිවාදී බලකඳවුර වෙත සාර්ථක ප්‍රහාරයක් එල්ල කිරීමට සමත් වූයේ තවමත් ඔවුන් තරගය අත්හැර නොමැති බවට වෙස්ලි කණ්ඩායමට රතු එළියක් දල්වාලමිනි. පිටියේ වම්පස සීමා රේඛාව ආසන්නයෙන් වාර්තා කළ එම උත්සාහක දිනුමේ හිමිකරුවා බවට රෙහාන් ඔලුගල පත්විය. එහි අමතර ලකුණු දෙක නිසියාකාරව ලබාගැනීමට චමුද් භාසුලගේ පා පහර ප්‍රමාණවත් නොවීය. (සාන්ත තෝමස් 12 – 20 වෙස්ලි)

කිංග්ස්වුඩ් උත්සාහක දිනුම් සංදර්ශනයෙන් මලියදේවය විඩාවට පත්වේ

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ A කාණ්ඩයේ තවත් තරගයක් අද (30) මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණේ ප්‍රබල…

දිගින් දිගටම තමන් විසින් සිදු කළ අත්වැරදීම් හමුවේ ජයග්‍රහණය පිළිබඳ තබා තිබූ බලාපොරොත්තු තමන්ගෙන් ඈත්වන යන බව අවබෝධ කර ගැනීමට තෝමස්වරුන් හට වැඩි වේලාවක් ගත නොවූයේ දෙවන වතාවටත් වෙස්ලි ක්‍රීඩක තරිදු වල්පිටගේ හට උදාකරදුන් දඬුවම් පහර ඔහු විසින් නිසියාකාරව ඉලක්කගත කිරීමට සමත් වීමත් සමඟිනි. (සාන්ත තෝමස් 12 23 වෙස්ලි)

යලිත් වතාවක් තෝමස් ඉදිරිපෙළ ක්‍රීඩකයෙකුගේ උරහිසට ඉහළ ප්‍රදේශය වෙත එල්ල කළ අන්තරාදායක tackle කිරීම නිසාවෙන් කහ කාඩ්පතක් ද සමඟින් තාවකාලිකව තරගයෙන් ඉවත් වීමට වෙස්ලි ක්‍රීඩක ජීසා විජේගුණවර්ධන හට සිදු වූයේ ඔවුන්ගේ ක්‍රීඩක සංඛ්‍යාව 13ක් දක්වා පහත හෙළමිනි.

ඒ ඇවෑමෙන් නැවත වතාවක් උත්සාහක දිනුම් රේඛාව පසුකර යාමේ මංපෙත් විවර කර ගත් තෝමස් ක්‍රීඩකයින් මීටර් 5 සීමා රේඛාවට ආසන්නයෙන් ලැබුණු line-out අවස්ථාව rauling maul බවට පරිවර්තනය කර ගැනීමට සමත් වූයේ උත්සාහක දිනුමකින් සිය කණ්ඩායමේ ලකුණු තත්වය වර්ධනය කරගනිමිනි. එවර සාන්ත තෝමස් කණ්ඩායම වෙනුවෙන් ආකිල් කාඩර් ලකුණු රැස් කිරීමේ කර්තව්‍යයෙහි නිරත වූ අතර චමූද් භාසුල අතින් ප්‍රවර්තනයෙහි ලකුණු ද්විත්වය ගිලිහී යාමේ තරගයේ තීරණාත්මක මොහොතක් ලෙස නම් කළ හැකිය. (සාන්ත තෝමස් 17 – 23 වෙස්ලි)

දෙවන භාගයේ දී තමාට ලැබුණු සියලුම ප්‍රවර්තන සහ දඬුවම් පහර අවස්ථාවන් සාර්ථක කර ගත් වෙස්ලි කණ්ඩායමේ තරිඳු වල්පිටගේ දිනයේ තමාට හිමි වූ අවසන් ලකුණු ලබා ගැනීමේ අවස්ථාව ද කිසිදු අත්වැරදීමකින් තොරව සාර්ථක කර ගැනීමට සමත් වූයේ කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු ත්‍රිත්වයක් එකතු කරමිනි. (සාන්ත තෝමස් 17 – 26 වෙස්ලි)

තරගයේ තීරණය උඩුයටිකුරු කිරීමින් වෙස්ලි කණ්ඩායමෙන් තරගය උදුරා ගැනීමට නම් විනාඩි දෙකක කාලසීමාවක් තුල දී උත්සාහක දිනුම් දෙකක් වාර්තා කිරීමට තෝමස්වරුන් හට සිදු වූ නමුත් සෙනුක පෙරේරා සහ බිම්සර ඊරියගම සුසංයෝගයෙන් වාර්තා කළ ප්‍රවර්තිත උත්සාහයෙන් පමණක් සෑහීමට පත් වීමට ඔවුන්ට සිදු වූයේ වෙස්ලි කණ්ඩායමට වඩා ලකුණු දෙකක් පිටුපසින් සිට තරගය නිම කිරීමට සිදු වූ නිසාවෙනි. (සාන්ත තෝමස් 24 – 26 වෙස්ලි)

ThePapare.com තරගයේ වීරයා – තරිදු වල්පිටගේ (වෙස්ලි විද්‍යාලය)

අවසන් ලකුණු තත්වය: සාන්ත තෝමස් විද්‍යාලය 24 (4T,2C) –  26 (3T,1T,3P) වෙස්ලි විද්‍යාලය

ලකුණු රැස් කළ ක්‍රීඩක නාමාවලිය

සාන්ත තෝමස් විද්‍යාලය

  • උත්සාහක දිනුම් – රෙවන්ක අබේවර්ධන 1, රෙහාන් ඔලුගල 1, ආකීබ් කාඩර් 1, සෙනුක් පෙරේරා 1
  • ප්‍රවර්තන – ඔවින් හෙට්ටිආරච්චි 1, බිම්සර ඊරියගම 1

වෙස්ලි විද්‍යාලය

  • උත්සාහක දිනුම් – රවීන් ප්‍රනාන්දු 1, ස්රිතේෂ් තවරරාජා 2
  • ප්‍රවර්තන – තරිඳු වල්පිටගේ 1
  • දඬුවම් ගෝල – තරිදු වල්පිටගේ 3

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<