පාපන්දු පුහුණුකරු – කළමනාකරු ගැටුම දුරදිග යයි

381

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ කළමනාකරු වන සුනිල් සෙනවීර මහතා ජාතික කණ්ඩායමේ පුහුණුකරු වන නිසාම් අලී මහතාට විරුද්ධව මිරිහාන පොලීසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. දේශීය පුවත්පත් වාර්තා කළ ආකාරයට එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ පසුගිය ජූලි මස 15 වැනිදා ය.

ලෝක කුසලානයට සුදුසුකම් ගන්න ශ්‍රී ලංකාව තරමක් අපහසු කාණ්ඩයකට

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම FIFA ලෝක කුසලානයට හා 2023 ආසියානු කුසලානයට සුදුස්සන් තේරීමේ තරගාවලියේ….

ශ්‍රී ලංකා කළමනාකරු හා පුහුණුකරු අතර පවතින මෙම අර්බුදය දිගු කලක සිට පවතින අතර එය අවස්ථා කීපයක දී ම පාපන්දු සම්මේලනයේ අවධානයට යොමුව තිබුණි. නමුත් එම අර්බුදය සමථයකට පත්කිරීමට අවශ්‍ය පියවර රැගෙන නැත. 

කළමනාකරු සෙනවීර මහතා මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින්  තම සමීපතමයෙකුට පවසා ඇත්තේ නිසාම් අලී මහතා ඉතා කෲර ලෙස කටයුතු කරමින් වාචිකවද තමන්ට හිරිහැර කරන බවයි. මේ නිසාවෙන් ජාතික කණ්ඩායමට තමන්ගෙන් ඉටු විය යුතු වගකීම් නිසි ලෙස ඉටු කිරීමට නොහැකි බව ද ඔහු පවසා ඇත. 

නිසාම් අලී මහතා තමන්ට අයත් නොවන කාර්‍යයන් වලට මැදිහත්වන බවත් එම නිසාවෙන් නිරන්තරයෙන් ගැටලු ඇති වන බවත් මීට පෙර අවස්ථාවන් කීපයක දී ම සෙනවීර මහතා පවසා ඇත. 

ඉහත පැමිණිල්ලට අදාල සිදුවීම සිදුවී ඇත්තේ සෙනවීර මහතා පෞද්ගලික විදෙස් සංචාරයකින් අනතුරුව බැද්දගාන පාපන්දු පුහුණු සැසියකට සහභාගි වූ පසුවය. එහි දී නිසාම් අලී මහතා විසින් තමන්ට වාචිකව බැණවදිමින් තරවටු කළ බව පැමිණිල්ල ඉදිරිපත් කිරිමේ දී සෙනවීර මහතා පවසා ඇත. 

ප්‍රවීණා අවසන් මොහොතේ ශ්‍රී ලංකාව දිනවයි

ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායම හා භූතාන කාන්තා පාපන්දු කණ්ඩායම අතර පැවති සුහද පාපන්දු තරගයේ ජයග්‍රහණය…

සෙනවීර මහතා හා නිසාම් අලී මහතා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ විදෙස් සංචාර කීපයක දී ම එක්ව ක්‍රියා කර ඇත. ආසන්න කාලයක දී ශ්‍රී ලංකා කණ්ඩායම එක්වූ ජපාන තරග සංචාරයක දී ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ පුහුණු උපකරණ භාවිතා කිරීම සම්බන්ධයෙන් කළමනාකරු හා පුහුණුකරු අතර මතභේදයක් හටගෙන ඇත. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ද මෙම සිදුවීම හා අනෙක් සිදුවීම් සම්බන්ධයෙන් දැනුවත් ව ඇත. 

ඉහත පැමිණිල්ල සම්බන්ධයෙන් ThePapare.com සමඟින් අදහස් දැක්වූ සෙනවීර මහතා 

“මට ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කරන්න බෑ. පාපන්දු සම්මේලනය ඒ ගැන විධිමත් පරීක්ෂණයක් කරාවි. ඒක එතරම් සැලකිය යුතු දෙයක් නොවේ ” 

ශ්‍රී ලංකා කණ්ඩායම FIFA ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ දෙවන වටයේ තරග එළඹෙන සැප්තැම්බර් 5 වැනිදා ආරම්භ කරන අතර එම වටය තරග 8කින් සමන්විත වේ. එම තරග ආරම්භයට පෙර මෙම ගැටලුව සමථයකට පත්කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට සිදු වනු ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් විමසීම සඳහා ThePapare.com නිසාම් අලී මහතා සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ අතර මෙම ලිපිය පලවන විටත් එය සාර්ථක වී තිබුණේ නැත. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<