කෝලිගේ සිහින මහා වැස්සට සේදෙයි

207

ඊයේ (30) ඇදහැළුණු දැඩි වර්ෂාවෙන් විරාත් කෝලි ප්‍රමුඛ බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමට IPL තරගාවලියේ අවසන් තරගවලට පිවිසීමට තිබුණු අවස්ථාව අහිමි විය. ඒ අනුව බොහෝ ප්‍රේක්ෂකයින් මෙන්ම විද්වතුන් ද අදහස් පල කර තිබුණේ ඉතා වැදගත් තරගවලට වර්ෂාවෙන් බාධා වුවහොත් ඒවා ජය පරාජයෙන් තොරව අවසන් වීම වැළැක්වීමට යම් නීතියක් සකස් කළ යුතු බවයි.  

වෝනර් දවාගැනීමට ස්මිත් රැකගත් සුපිරි උඩපන්දුව

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 45වන තරගය ඊයේ (27) රාත්‍රියේ දී…..

කෝලිගේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ඊයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ තරගය ඉතා වැදගත් වූයේ ඔවුන්ට එම තරගය ජය ගත යුතුවම තිබූ නිසාවෙනි. කෙසේ වෙතත් වර්ෂාව විසින් දිගින් දිගටම සිදු වූ බාධා නිසා තරගය අතහැර දමන්නට විනිසුරුවරුන් තීරණය කර තිබුණි.

තරගයේ ආරම්භය පැය තුනක් පමණ ප්‍රමාද වූ අතර පසුව විනිසුරුවරුන් විසින් තරගය එක් කණ්ඩායමකට පන්දුවාර පහකට සීමා කරන ලදි.  

රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම පන්දුවාර පහක දී කඩුලු හතකට ලකුණු 62ක් රැස් කළ අතර පා දඟපන්දු යවන ක්‍රීඩක ශ්‍රේයාස් ගෝපාල් කඩුලු ත්‍රිත්වයක් ලබා ගත්තේ ඉතා හොඳින් ක්‍රීඩා කරමින් සිටි කෝලි හා ඩිවිලියර්ස් ද හරවා ක්‍රීඩාගාරයට යවමිනි.

රාජස්ථාන් කණ්ඩායම පන්දුවාර 3.2ක දී එක් කඩුල්ලකට ලකුණු 41ක් රැස්කර ගෙන සිටිය දී නැවත වර්ෂාව ඇදහැලීම නිසා තරගය අතහැරීමට විනිසුරුවරුන්ට සිදු විය.

තණතිල්ලේ එක් පෙදෙසක් වියලීමට වැඩි වේලාවක් ගත වූ නිසා තරගය ආරම්භ කිරීමට ප්‍රමාද වූ අතර හිටපු දකුණු අප්‍රිකානු නායක ෂෝන් පොලොක් පවසා තිබුණේ තණතිල්ලේ එක් පැත්තක සියලු පන්දු යවන්නන්ට පන්දු යැවීමට මෙවැනි අවස්ථාවල දී නීති ලිහිල් කර තිබුණේ නම් තරගය කලින් ආරම්භ කර තිබිය හැකිව තිබූ බවයි.

මුම්බායි නායකයාට දඩ

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම…..

“ඔවුන් තණතිල්ල දිහා බැලුවම දුටුවා එක් පැත්තක වතුර රැඳී තිබුණු බව, නීති තිබුණා නම් එක් කණ්ඩායමකට පන්දුවාර පහ බැගින් එක් අන්තයක ක්‍රීඩා කරමින් තරගය කලින් ආරම්භ කරන්නට තිබුණා” ඔහු Cricbuzz වෙත පවසා තිබුණා.

“PGA ගොල්ෆ් Tour තරගාවලියේ දී ඔබ දන්නවා නම් වැස්ස එන්නට අවදානමක් තිබෙනවා කියලා, ඔබ හවස එක වනතුරු බලාගෙන ඉන්නේ නැහැ, ඔබ ආරම්භ කරන වේලාව ඉදිරියට ගෙනවිත් උදෑසන නවයට තරගය ආරම්භ කරනවා”

“අපිත් කාලයට ගැළපෙන්න නීති නම්‍යශීලී කරගන්න ඕන, දවස අවසානයේ කණ්ඩායම් දෙකටම ලකුණු දෙක අවශ්‍යව තිබුනත්, ඔවුන්ට ලැබුණේ එක ලකුණයි. සාමාන්‍ය දැනුමෙන් සිතා නම්‍යශීලී නීති රීති ක්‍රියාත්මක කරන්න ඕන.”

IPL තරගාවලියක් තවමත් ජයග්‍රහණය කර නොමැති බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම තරග 13ක දී ප්‍රසාද ලකුණු 9ක් රැස් කරගෙන සිටි අතර තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම ඔවුන්ට තරගාවලියෙන් ඉවත් වන්නට සිදු විය.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මේ වන විටත් play-off අදියරට සුදුසුකම් ලබා ඇති අතර තවත් කණ්ඩායම් පහක් අවසන් ස්ථාන දෙක සඳහා තරග කරයි.

“ආබාධයක් නැහැ, සියල්ල හොඳින්” ස්මිත් කියයි

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීව් ස්මිත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස්….

“ඇතැම් වේලාවට ක්‍රීඩකයින් යම් දෙයක් දෙන්න ඕන වගේම සමහර වේලාවට නිලධාරීනුත් සිතා බලා යමක් කරන්න ඕන” හිටපු ඉන්දීය ක්‍රීඩක අජේ ජඩේජා පවසා සිටියා.

“පිටිය ආවරණය කරන කවර ඉතා හොඳ තත්වයේ ඒවා වෙන්න ඕන, අපිට තවත් තණතිල්ල ආවරණය නොකරන යුගයක ජිවත් වෙන්න බැහැ. හොඳ කවර නිෂ්පාදකයෝ ඉන්නවා, ඒවාට වියදම් නොකරන එකයි ගැටලුව”

තරගය ආරම්භ වීමට පෙර ලොව අංක එකේ ටෙස්ට් හා එක්දින පිතිකරු විරාත් කෝලි අදහස් දක්වමින් ඔහු තරග 13 කාසියේ වාසිය උරගෑම් අවස්ථා 10ක් පරාජය වීම පිළිබඳ කතා කර තිබුණා.

“මම කාසියේ වාසිය උරගා බැලීම පුහුණු වුනා, නමුත් එය සාර්ථක වූයේ නැහැ” කෝලි විහිළුවට මෙන් පවසා තිබුණා. මෙවර IPL තරගාවලිය එළඹෙන මැයි 12 දා නිමා වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<