“ආබාධයක් නැහැ, සියල්ල හොඳින්“ ස්මිත් කියයි

110

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීව් ස්මිත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් සමඟ පැවති තරගයක දී සුපිරි උඩපන්දුවක් රැකගත් අතර ඒ උඩ පන්දුව රැක ගැනීමට පසු ඔහුගේ පෙර ආබාධයකට ලක්ව සැත්කමකින් සුව කර තිබූ වැලමිට බිම වැදීමකට ලක්ව ඔහු වේදනාවෙන් සිටිනු දක්නට ලැබුණි.

වෝනර් දවාගැනීමට ස්මිත් රැකගත් සුපිරි උඩපන්දුව

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 45වන තරගය ඊයේ (27) රාත්‍රියේ දී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම….

ස්මිත් මේ මස අවසානයේ දී ආරම්භ වීමට නියමිත ලෝක කුසලානයට ද ස්මිත් සහභාගී වීමට නියමිත අතර ඔහු මේ උඩ පන්දුව ලබා ගත්තේ සිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමේම සගයෙකු වන ඩේවිඩ් වෝනර් පිටියෙන් ඉවත් කිරීමටයි.

ජනවාරි මාසයේ දී ස්මිත් ගේ වැලමිටේ සැත්කම සිදු කළ අතර ඒ නිසාම එම අවස්ථාව පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු විය.

“සියල්ල හොඳින්, වැලමිට තදින් බිම වැදුණා, වැලමිට මත මගේ ශරීරයේ බර වැටුණා, නමුත් මම හොඳින්” ස්මිත් AFP පුවත් සේවයට පවසා තිබුණි.

“සැත්කමින් පසු මට තවම සැත්කම සිදු කළ ස්ථානයේ මැහුම් තුවාල කැළල් තිබෙනවා, ඒවාට මදක් හානි වී තිබෙනවා ඇරෙන්නට ලොකු හානියක් නැහැ, සියල්ල හොඳින්.” ඕස්ට්‍රේලියානු නිල ක්‍රිකට් වෙබ් අඩවියත් ඔහුගේ ප්‍රකාශයක් සටහන් කර තිබුණි.

පාකිස්තාන ප්‍රබලයෙක් එංගලන්ත තරගයක් මඟ හරියි

පාකිස්තානු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ශොයිබ් මලික් පුද්ගලික හේතුවක් නිසාවෙන් එංගලන්ත….

ස්මිත් හා වෝනර් පසුගිය මාසයේ දී ලෝක කුසලාන සංචිතයට තෝරා ගත්තේ පන්දුව පළුදු කිරීමේ සිදුවීමට වසරක තරග තහනමක් ගත කිරීමෙන් අනතුරුවයි.

IPL තරගාවලියේ දී ඔවුන් දෙදෙනාම සුපිරි දස්කම් දැක්වූ අතර වෝනර් ඉනිම 12ක දී ලකුණු 692ක් රැස් කළේ තරගාවලියේ වැඩිම ලකුණුලාභිය ද වෙමිනි.

ස්මිත්ගේ වැලමිටේ ආබාධය සුව වන තුරු ඔහුට පන්දු රැකීමට එතරම් භයානක ස්ථාන ලබා නොදීමට ද රාජස්ථාන් රෝයල් කණ්ඩායම තීරණය කර තිබුණි.

“මම දැනට 70%ක් හෝ 80%ක් සුව තත්වයේ සිටින්නේ, තවත් සති දෙකකින් මට 100%ක්  සුව වන්නට හැකි වෙයි.” මේ සතියේ දී ස්මිත් හා වෝනර් නිල වශයෙන් නැවත ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එකතු වන්නේ බ්‍රිස්බේන් හී පැවැත්වෙන පුහුණු කඳවුරත් සමඟයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<