මුම්බායි නායකයාට දඩ

215

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා මුම්බායි  අතර ඊයේ (28) කොල්කටා හිදී පැවති තරගයේ දී මුම්බායි නායක රෝහිත් ශර්මා සිය දැවී යාමට පසුව උරණ වී හැසිරීම නිසාවෙන් ඔහුගේ තරග ගාස්තුවෙන් 15%ක මුදලක් කපා හැරීමට ඉන්දීය ක්‍රිකට් පරිපාලනය තීරණය කර ඇත.

වෝනර් දවාගැනීමට ස්මිත් රැකගත් සුපිරි උඩපන්දුව

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 45වන තරගය ……………

කොල්කටා කණ්ඩායම පන්දුවාර 20ක් තුල කඩුලු 2ක් දැවී ලබා ගත් ලකුණු 232 දැවැන්ත ඉලක්කය හඹා යාම වෙනුවෙන් පිටියට පැමිණි මුම්බායි ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු 21ක් වන විට ක්‍රීඩාගාරයට හැරී ගොස් තිබුණි.

ක්වින්ටන් ඩී කොක් දැවී ගිය පසුව වේගයෙන් පන්දුවට පහර දෙමින් සිටි රෝහිත් ශර්මා (ලකුණු 12) හැරී ගර්නි එවූ පන්දුවක් පාදයේ වැදීමෙන් කඩුල්ල  මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. කෙසේ නමුත් පිටියේ විනිසුරු තීරණය හා එකඟ නොවූ ශර්මා එය තෙවන විනිසුරු වෙත යොමු කළ අතර එහි දී ඔහුගේ තීරණය වූයේ පිටියේ විනිසුරු දැවී යාමක් ලබා දුන් නිසා (Umpier’s Call) ශර්මා දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙසයි.

කෙසේ නමුත් එම තීරණය හා එකඟ නොවූ ශර්මා ක්‍රීඩාගාරය දෙසට හැරී යන විට 4 වැනි පන්දුවාර ක්‍රියාත්මක කරමින් සිටි පන්දු යවන්නාගේ අන්තයේ කඩුල්ල සිය පිත්තෙන් බිඳ දමා යන ලදි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චර්යා ධර්ම සංග්‍රහයේ පළමු කාණ්ඩයේ 2.2 යන වගන්තියට අනුව ඉන්දීය ක්‍රිකට් පරිපාලනය හා තරග සංවිධායක කමිටුව ශර්මාගේ තරග ගාස්තුවෙන් 15%ක දඩයක් නියම කිරීමට තීරණය කරන ලදි.

එසේම මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ආරම්භය දී ද (මාර්තු මස 30) මුම්බායි ඉන්දියන්ස් හා කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම අතර පැවති තරගයේ දී පන්දුවාර ක්‍රියාත්මක කිරීමට  වැඩි වේලාවක් ගැනීම නිසා ද ශර්මා හට දඩයක් පැනවුනි.

ලෝක කුසලාන තෑගි මල්ලේ පරිනාමය

ලොව ක්‍රියාත්මක ලෝක කුසලාන තරගාවලි ………

අන්ඩ්‍රේ රසල් පන්දු 40ක දී නොදැවී ලබාගත් ලකුණු 80*, සුහම්බන් ගිල හා ක්‍රිස් ලින් දියත් කළ සුපිරි පිතිකරණය නිසා කොල්කටා කණ්ඩායම ලබා ගත් ලකුණු 232ට පිළිතුරු ලෙස මුම්බායි කණ්ඩායම ලබාගත්තේ ලකුණු 198ක් පමණයි. එහි දී හර්ඩික් පාන්ඩ්‍යා හතරේ පහර 6ක් හා දැවැන්ත 6 පහර 9ක් එල්ල කරමින් පන්දු 34කදී වාර්තා කර ගත් වේගවත් ලකුණු 91 කොල්කටා කණ්ඩායමට දැඩි තර්ජනයක් වූ නමුත් එය පාලනය කර ගැනීමට ඔවුන්ට හැකි විය. මේ තරගයේ දී හර්ඩික් පාන්ඩ්‍යා පන්දු 17කදී වාර්තා කර ගත් අර්ධ ශතකය මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය තුල වාර්තා වූ වේගවත්ම අර්ධ ශතකය බවට ද පත් විය.  

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙවර තරග වාරය තුල වැඩිම 6 ප්‍රමාණයක් (6 පහර 29ක්) එල්ල වූ මේ තරගය තියුණු සටනකට පසුව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 34කින් ජය ගන්නා ලදි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<