වික්‍රමගේ වික්‍රමයෙන් සාන්ත ජෝසප් විද්‍යාලයට දැවැන්ත ජයක්

202

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග රැසක් ඊයේ (23) පැවැත්වූ අතර එම තරග අතරින් සාන්ත ජෝසප් විද්‍යාලය ලකුණු 22කින් ගුරුකුල විද්‍යාලය පරාජය කළේය. අනෙක් සියලු තරග ජය පරාජයෙන් තොරව අවසන් විය.

ශතක ලාභී දිලේෂ් ජෝසප්වරුන්ව ඔසවා තබයි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තවත් තරග කිහිපයක් අද (22) දින පැවැත් වුනා. ඇද හැලුනු වර්ෂාව නිසා ක්‍රිකට් ක්‍රීඩාංගණ….

සාන්ත ජෝසප් විද්‍යාලය හා කැලණිය ගුරුකුල විද්‍යාලය

සාන්ත ජෝසප් විද්‍යාලයට ඉනිමක හා ලකුණු 22ක ජයක් හිමි වූ මේ තරගය ‘A කාණ්ඩයේ’ තරගයක් ලෙස සාන්ත ජෝසප් විදුහල් පිටියේ දී අද අවසන් විය.

ගුරුකුල විද්‍යාලය පළමු ඉනිමට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 112ක් පමණි. එහි දී වමතින් පා දඟපන්දු යවන ක්‍රීඩක මිරංග වික්‍රමගේ ගුරුකුල විද්‍යාල පළමු ඉනිමේ කඩුලු 7ක් ලකුණු 48ක් තුල දවා ගනිමින් දස්කම් දැක්විය.

ඉන්පසුව නැවතත් ගුරුකුල විද්‍යාලය පන්දුවාර 60ක් තුල සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 158ක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නුවන් චානක ලකුණු 80යි. පන්දු යැවීමේ දී නැවතත් ක්‍රියාත්මක වූ මිරංග කඩුලු 4ක් දවා ගන්නා ලදි.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම: 292 (65.1)දිලේෂ් පෙරේරා 101, සචින්ත මහින්දසිංහ 90, සසිත අශාන් 6/113, නුවන් චානක 2/27.

ගුරුකුල විද්‍යාල පළමු ඉනිම – 112 (52.2): ලික්ශාන් සසංග 20, මිරංග වික්‍රමගේ 7/48.

ගුරුකුල විද්‍යාල දෙවන ඉනිම (F/O): 158 (60): නුවන් චානක 80, මිරංග වික්‍රමගේ 4/78, ශාලින්ද සෙනෙවිරත්න 3/39, ලක්ෂාන් ගමගේ 2/15.

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලය

‘D කාණ්ඩයේ’ තරගයක් වූ මෙම තරගය ඊයේ (23) ආරම්භ වන විට නාලන්දා විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 87ක් ලබාගෙන සිටියේය.

වීරකෝන් හා දිල්හාර පොල්ගම්පොල එක්ව නාලන්දා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් ගෙනෙමින් පිළිවෙළින් ලකුණු 40ක් හා ලකුණු 33ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ දී නාලන්දා පළමු ඉනිම යම්තාක් මට්ටමකට සීමා කළ දඟපන්දු යවන ක්‍රීඩක කෞමාල් නානායක්කාර ලකුණු 76කට කඩුලු 7ක් දවා ගත්තේය. සුවත් මෙන්ඩිස් කඩුලු 3යි.

ලකුණු 29ක පළමු ඉනිමේ අවාසියක් අතැතිව පන්දුවට පහර දුන් වේල්ස් කුමර විද්‍යාලය තරගයේ දෙවන හා අවසන් දිනය අවසානයේ දී සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 135ක් පමණයි. නායක ලක්ෂිත රසාංජන කඩුලු 6ක් දවා ගනිමින් විශිෂ්ට ලෙස පන්දු යවන ලදි. මේ  තරගය වේල්ස් කුමර පිටියේ දී නිමාව දුටුවේය.

වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉනිම: 150 (43.3) සුහත් මෙන්ඩිස් 59, දේවක පීරිස් 33, ලක්ෂාන් පෙරේරා 20, ජිතේෂ් වාසල 4/48, දිනෙත් සමරවීර 3/31, රනිඳු ද සිල්වා 2/23.

නාලන්දා විද්‍යාලය පළමු ඉනිම: 179 (70.1): මහීම වීරකෝන් 40, දිල්හාර පොල්ගම්පොල 33, කෞමාල් නානායක්කාර, 7/76, සුවත් මෙන්ඩිස් 3/71.

වේල්ස් කුමර විද්‍යාලය දෙවන ඉනිම: 135 (72.1): තනුජ කවිශාන් 30, ප්‍රින්ස් ප්‍රනාන්දු 28, ලක්ෂාන් පෙරේරා 24, ලක්ෂිත රසාංජන 6/32, දිනෙත් සමරවීර 2/25, කවිෂ මදුරප්පෙරුම 2/26.

ශ්‍රී ලංකාවෙන් කලකට පසු යෝධ ලකුණු පුවරුවක්

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි හා අවසන් එක්දින තරගය අද (23) දිවා/රාත්‍ර….

ආනන්ද විද්‍යාලය හා තර්ස්ටන් විද්‍යාලය

මග්ගොන සරේ ගම්මාන පිටියේ දී නිමා වූ මේ තරගය තර්ස්ටන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් ගෙන දෙමින් නිමා විය.

ඊයේ දිනයට තරගය ආරම්භ කරන විට තර්ස්ටන් විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු රැස්කිරීම අරඹා තිබූ අතර සනුත් නන්දිනු ලකුණු 73ක් ලබාගෙන ඔවුන්ගේ පළමු ඉනිම සවිමත් කරන ලදි. ආනන්ද විද්‍යාල පළමු ඉනිම අභිබවා සිය ලකුණු පුවරුව තරකරගත් තර්ස්ටන් විද්‍යාලයේ පිතිකරුවන් පාලනය කළ සවිරු බණ්ඩාර කඩුලු 3යි.

කමේෂ් නිර්මාල්, කලණ විජේසිරි හා කනිශ්ක රන්තිලකගේ අර්ධ ශතක ආනන්ද විද්‍යාලයේ දෙවන ඉනිම දැවැන්ත ලකුණක් වත ගෙන ගියේය. අයේශ් හර්ෂණ තරගය පුරාවට කඩුලු 6ක් දවාගත්තේය.

ආනන්ද විද්‍යාලය පළමු ඉනිම: 190 (69.2) ජනිඳු ජයවර්ධන 42, කමේෂ් නිර්මාල් 32, කනිෂ්ක රන්තිලකගේ 27, අයේෂ් හර්ෂණ 3/69

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිම: 195 (48.5): සනුත් නන්දිනු 73, ජයවිහාන් මහවිතාන 22, සවිරු බණ්ඩාර 3/33, කමේෂ් නිර්මාල් 2/08 , චාමික ගුණසේකර 2/43

ආනන්ද විද්‍යාලය දෙවන ඉනිම: 276/8 (65.4): කමේෂ් නිර්මාල් 96, කලණ විජේසිරි 68, කනිෂ්ක රන්තිලකගේ 55, අයේෂ් හර්ෂණ 3/86, යොහාන් ලියනගේ 2/69.

පරණවිතාන සහ මිෂාරගෙන් අර්ධ ශතක ඉනිම්

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර පැවැත්වෙන නිල නොවන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අද (23) කටුනායක….

මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය

‘C කාණ්ඩයේ’ තරගයක් වූ මෙම තරගය ඉතාමත් තියුණු තරගයක් ලෙස අවසන් වූයේ සත්කාරක සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිකර දෙමිනි.

සාන්ත සර්වේසස් විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 72ක් පසුපසින් සිටිමින් දෙවන දිනය සඳහා පිටියට පිවිසියේය. සාන්ත තෝමස් විද්‍යාලය සිය පළමු ඉනිමේ ජය තහවුරු කර ගත් පසුව සිය ඉනිම අත්හිටුවන ලදි. ඉන් අනතුරුව පිටියට පැමිණි සාන්ත සර්වේසස් විද්‍යාලය දකුණතින් පිත්ත හසුරුවන රිසිර ලක්වින්ගේ පිතිකරණයෙන් ලකුණු 106ක් වෙත ඇදී ගියේය. ලකුණු 90ක ඉලක්කයක් හඹාගිය සාන්ත තෝමස් විද්‍යාලයට සිය දෙවන ඉනිම සාර්ථක කරගැනීමට නොහැකි වූයේ ශසික දුල්ශාන් ඇතුළු සාන්ත සර්වේසස් පන්දු යවන්නන් ඉතාමත් හොඳින් පන්දුකරණයේ නිරත වුනු නිසාවෙනි.

සාන්ත සර්වේසස් විද්‍යාල පළමු ඉනිම: 82 (27.4) දේශක දෙනුවන් 40, කලණ පෙරේරා 3/27, කිෂාන් මුණසිංහ 2/03, ශලින් ද මෙල් 2/22.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම: 99/6d (23.4): මනිෂ රූපසිංහ 46, සිතර හපුහින්න 20, කේසර නුවන්ත 2/10, චරිත් හර්ෂණ 2/28.

සාන්ත සර්වේසස් විද්‍යාල දෙවන ඉනිම: 106 (45): රිසිර ලක්වින් 24, දිල්මින් රත්නායක 5/35, ඩෙලෝන් පීරිස් 4/25.

සාන්ත තෝමස් විද්‍යාල දෙවන ඉනිම: 76/9 (19): ඩෙලෝන් පීරිස් 18, ශෂික දුල්ශාන් 3/29, චේතක දෙනුවන් 2/16, කේසර නුවන්ත 2/30.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<