කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.
ජාත්‍යන්තර තරග සියල්ල ගුණතිලකට තහනම්

මේ වන විට ක්‍රියාත්මක දකුණු අප්‍රිකාව සමග දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ගුණතිලකට හිමි වීමට නියමිත තරග ගාස්තුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අත්හිටුවා ඇති බව ද වාර්තා වේ.
“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රියාත්මක කළ මූලික පරීක්ෂණයකින් අනතුරුව මේ තීරණය ගෙන තිබෙනවා, කණ්ඩායමේ කළමනාකරු විසින් දන්වා තිබෙනවා ගුණතිලක චර්යා ධර්ම පද්ධතිය උල්ලංඝනය කර ඇති බව” ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය නිවේදනයේ සඳහන් විය.
සම්පූර්ණ වාර්තාව: ධනුෂ්ක ගුණතිලකට අන්තර්ජාතික තරග තහනමක්
සධීර සහ අශාන් අර්ධ ශතක රැස්කරති

තරගය පන්දුවාර 50ක තරගයක් සේ ආරම්භ වූව ද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුල්ලක් දැවී ලකුණු 58ක් ලබා සිටිය දී ඇදවැටුණු වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 45කට සීමා කරන ලදි. අනතුරුව නැවත බංග්ලාදේශය පන්දුවට පහර දෙන විට නැවත වර්ෂාව කඩා වැටුණ අතර ඒ වන විට බංග්ලාදේශ ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී ලකුණු 12ක් ලබා සිටිය හ. ඒ සිව්වැනි පන්දු වාරය ක්‍රියාත්මක වෙද්දී ය. එතැන් සිට ඇද වැටුණ වර්ෂාවේ නිමක් නොවීම හේතුවෙන් තරගය අතහැර දැමීමට විනිසුරුවෝ ක්‍රියා කළහ.
සම්පූර්ණ වාර්තාව: සධීර සහ අශාන් අර්ධ ශතකවලින් වැඩ පෙන්වයි
තෙවන ටෙස්ට් තරගය අදින් ඉවර වන ලකුණු

කොළඹ එස්. එස්. සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 151ක් ලබාගෙන සිටියේ දකුණු අප්‍රිකානු පළමු ඉනිමට වඩා ලකුණු 365ක් ඉදිරියෙන් සිටිමිනි.
සම්පූර්ණ වාර්තාව: තෙවැනි දිනයට තිත තැබෙද්දී ශ්‍රී ලංකාව තවත් ජයකට මාන බලයි






















