සධීර සහ අශාන් අර්ධ ශතකවලින් වැඩ පෙන්වයි

1513

සංචාරක ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තරග තුනකින් සමන්විත නිල නොලත් එක්දින ක්‍රිකට් තරගාවලිය 1-1ක් සේ සම වෙමින් නිමා විය. අද (22) බංග්ලාදේශ සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමාවූ තෙවැනි සහ අවසාන එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට පිටියේ විනිසුරුවන් ක්‍රියා කළහ.

තිසරගේ ශතකයෙන් ශ්‍රී ලංකාව ගොඩයයි

ශ්‍රී ලංකා ක්‍රිකට් A කණ්ඩායම හා බංග්ලාදේශ ක්‍රිකට් A කණ්ඩායම අතර පැවති දෙවන නිල නොවන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 67කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ…

තරගය පන්දුවාර 50ක තරගයක් සේ ආරම්භ වූව ද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුල්ලක් දැවී ලකුණු 58ක් ලබා සිටිය දී ඇදවැටුණු වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 45කට සීමා කරන ලදි. අනතුරුව නැවත බංග්ලාදේශය පන්දුවට පහර දෙන විට නැවත වර්ෂාව කඩා වැටුණ අතර ඒ වන විට බංග්ලාදේශ ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී ලකුණු 12ක් ලබා සිටිය හ. ඒ සිව්වැනි පන්දු වාරය ක්‍රියාත්මක වෙද්දී ය. එතැන් සිට ඇද වැටුණ වර්ෂාවේ නිමක් නොවීම හේතුවෙන් තරගය අතහැර දැමීමට විනිසුරුවෝ ක්‍රියා කළහ.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 9ක් දැවී ලකුණු 240ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසියේ සධීර සමරවික්‍රම සහ උපුල් තරංග ය. ඔවුන් දෙදෙනා අතරින් නැවත වතාවක් අසාර්ථක පිතිකරුවෙක් වීමට උපුල් තරංගට සිදු විය. පන්දු දෙකකට පමණක් මුහුණ දෙමින් ලකුණක් ලබා සිටිය දී තරංග දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ තිබුණේ ලකුණු 4කි.

තම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයාගේ දැවී යෑමෙන් අනතුරුව පිටියේ ලකුණු සොයා යෑමට එක් වූයේ අශාන් ප්‍රියංජන් ය. සධීර සහ අශාන් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් එක්වූ ලකුණු සබඳතාව 130කි. මෙය ඉනිමේ හොඳම ලකුණු සබඳතාව ද වූ අතර එය බිඳී ගියේ සධීර සමරවික්‍රමගේ දැවී යෑමත් සමඟිනි. සධීර පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 75ක් ලබා ගත්තේ ය.

තුන් ඉරියව්වේ දිදුලන තරුව – අකිල දනංජය

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (21) අවසන් වන විට නම් තරගයේ වැඩි වාසිය තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම සතුවයි. ඒ සඳහා අකිල දනංජය පිත්තෙන්…

එතැන් සිට ලකුණු 2ක් තුළ තවත් කඩුලු 3ක් දවා ගත් බංග්ලාදේශ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 136කට කඩුලු 5ක් බවට පත් කළහ.

සධීරගේ දැවී යෑමෙන් අනතුරුව යැවුණ දෙවැනි පන්දුවේ දී අශාන් ප්‍රියංජන්ගේ ඉනිම ද නිමා වූ අතර ඔහු දැවී යන විට පන්දු 62කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 53ක් ලබා සිටියේ ය. ඉන් අනතුරුව ෂෙහාන් ජයසූරිය (01) සහ දසුන් ශානක (01) ද අඩු ලකුණුවලට ගොදුර වූහ.

නායක තිසර පෙරේරා වගකීම් සහිත ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 44ක් ලබා ගත්තේ ය. සම්මු අශාන් (15) සමඟ 6 වැන කඩුල්ලට පිටියේ එක් වෙමින් ඔවුන් ගොඩ නැගූ ලකුණු සංඛ්‍යාව 49කි.

අනතුරුව තිසර, ෂෙහාන් මධුශංක හා එක්වෙමින් 7 වැනි කඩුල්ල සඳහා ලකුණු 37ක සබඳතාවක් ද හොඩ නැගුවේය. ෂෙහාන් මධුශංක පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ලබා ගත්තේය.

අනතුරුව ඉසුරු උදාන ලකුණු දෙකකට ද, නිශාන් පීරිස් ලකුණකට ද දැවී ගියේය. නොදැවී පිටියේ රැඳී සිටියේ ලකුණු 9ක් ලබා සිටි මාලින්ද පුෂ්පකුමාර ය.

තෙවැනි දිනයට තිත තැබෙද්දී ශ්‍රී ලංකාව තවත් ජයකට මාන බලයි

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනයේ අවසානය (22) සනිටුහන් වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකා…

කඩුලු ලබා ගැනීමේ දී වමතින් දඟපන්දු යවන සුන්සමුල් ඉස්ලාම් ලකුණු 24කට කඩුලු 4ක් දවා ගත් අතර ආරම්භක වේගපන්දු යවන කාලීඩ් අහමද් ලකුණු දෙකකට කඩුලු 2ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසියේ සායිෆ් හසන් සහ සකීර් හසන් ය. තරගය වර්ෂාව හේතුවෙන් නතර කරන විට සායිෆ් හසන් නොදැවී ලකුණු 10ක් ද සකීර් හසන් නොදැවී ලකුණක් දලබා සිටියේ ය.

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 9ක් දැවී 240 (45.0) සධීර සමරවික්‍රම 75, අශාන් ප්‍රියංජන් 53, තිසර පෙරේරා 44, ෂෙහාන් මධුශංක 29, කාලීඩ් අහමද් 2/42, සුන්සමුල් ඉස්ලාම් 4/24

බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම; කිසිවෙක් නොදැවී 12 (3.4) සායිෆ් හසන් නොදැවී 10

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<