අකීල් ඉන්හාම් ඉනිම දෙකේ දී ම ශතක ලබයි

364

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Tier B ක්‍රිකට් තරගාවලියේ අද (11) අවසන් වූ තරගවල දී කළුතර ටවුන් සමාජයේ 23 හැවිරිදි දකුණත් පිතිකරු අකීල් ඉන්හාම් ඉනිම දෙකේ දී ම ශතක ලබා ගනිමින් දක්ෂතා දැක්වීම කැපී පෙණුනි.  

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහිවූ ටෙස්ට් ක්‍රිකට් තරු 150 බිහිවූ පාසල්

2019 වසරේ මැයි මස පළමු සතිය අවසන් වනවිට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ටෙස්ට්….

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජයට එරෙහිව ලැබූ මෙම ශතක අතරින් පළමු ඉනිමේ දී ඔහු පන්දු 285කට මුහුණ දී හතරේ පහර 21ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 165ක් ලබා ගත්තේ ය. අනතුරුව ඔහු දෙවැනි ඉනිමේ දී පන්දු 108කට මුහුණ දී හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 103ක් ලබා ගත්තේ ය. ඊට අමතර ව එම කණ්ඩායමේ ම සචිත ජයතිලක ද පන්දු 157කට මුහුණ දෙමින් හතරේ පහර සහ හයේ පහර 10 බැගින් එල්ල කරමින් ලකුණු 140ක් ලබා ගත්තේ ය.

ඊට අමතරව ලංකන් ක්‍රිකට් සමාජයේ ලහිරු ඩිල්ශාන් නාවික හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දු 146ක දී හතරේ පහර 14ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 139ක් ලබා ගත්තේ ය. පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන මහේෂ් ප්‍රියදර්ශන පානදුර ක්‍රිකට් සමාජයට එරෙහිව පන්දු 144කට මුහුණ දී හතරේ පහර 9ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 113ක් ලබා ගත්තේ ය. පානදුර ක්‍රීඩා සමාජයේ අසන්ත බස්නායක පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 106ක් ලබා ගත්තේ ය. ඔහු පන්දු 208කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් තම ඉනිමට ඇතුළත් කර ගත්තේ ය.

පන්දු යැවීමේ දී බ්ලුම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජයේ කසුන් අබේරත්න කළුතර ටවුන් සමාජයට එරෙහිව ලකුණු 37කට කඩුලු 6ක් දවා ගනිමින් නිමා වූ තරගවල හොඳම පන්දු යැවීම වාර්තා කළේ ය. ඊට අමතර ව නාවික හමුදාව වෙනුවෙන් සවිඳු පීරිස් ලංකන් ක්‍රිකට් සමාජයට එරෙහි ව ලකුණු 118කට කඩුලු 6ක් දවා ගත්තේ ය.

කළුතර ටවුන් සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය අතර තරගය

කොළඹ 7, බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් අවසන් වූවද කළුතර ටවුන් සමාජයේ අකීල් ඉන්හාම් ඉනිම දෙකේ දී ම ශතක වාර්තා කිරීම කැපී පෙණුනි.

කාසියේ වාසිය දිනූ කළුතර ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 4කට ලකුණු 406ක් ලබා ගත් අතර ඉන් සෑහීමකට පත් ව ප්‍රතිවාදීන්ට අවස්ථාව උදා කළ අතර එහි දී ඔවුන් ලකුණු 208කට දවාලූහ.

Photos: Bloomfield C & AC vs Kalutara TC | SLC Major League 2018/19 – Tier “B”

නැවත පිටියට පිවිසි කළුතර ක්‍රීඩකයෝ එවන කඩුලු 8ක් දැවී ලකුණු 319ක් ලබා ගත්හ. ජයග්‍රහණය සඳහා ලකුණු 518ක ඉලක්කයක් පසු පස ගිය බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 116ක් ලබා සිටිය හ.  

කළුතර ටවුන් සමාජය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 406 (111) අකීල් ඉන්හාම් 165, රන්මිත් ජයසේන 21, සචිත ජයතිලක 140, ලක්ෂාන් ජයසිංහ 31, අරවින්ද ප්‍රේමරත්න 2/47, අසන්ත සිංගප්පුලිගේ 3/119, දිලීප ජයලත් 2/93

බ්ලුම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 208 (64) අරවින්ද ප්‍රේමරත්න 39, සනෝජ් දර්ශික නොදැවී 82, පසිඳු මධුශාන් 5/72, නිපුන කාරියවසම් 3/37

කළුතර ටවුන් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 319 (61) අකීල් ඉන්හාම් 103, ගීත් පෙරේරා 29, රන්මිත් ජයසේන 68, මාධව නිමේෂ් 65, සචිත ජයතිලක 20, කසුන් අබේරත්න 6/37

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 116 (19) අසන්ත සිංගප්පුලිගේ නොදැවී 44, කසුන් අබේරත්න නොදැවී 54

මුම්බායි සමඟ ගැටෙන්නට චෙන්නායි සුදුසුකම් ලබයි!

නම ගිය පිතිකරුවන් දෙදෙනෙක් වන ශේන් වොට්සන් සහ ඩු ප්ලෙසිස් ලබා දුන්….


ලංකන් ක්‍රිකට් සමාජය සහ නාවික හමුදාව අතර තරගය

වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද නිමා වූ මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නාවික හමුදා නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දුන් ලංකන් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 223ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් නාවික හමුදාව තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 212ක් ලබා ගත්තේ ය.

ලකුණු 11ක් අතැතිව දෙවැනි ඉනිමට පිවිසි ලංකන් ක්‍රීඩකයෝ එවර සියලුම දෙනා දැවී ලකුණු 347ක් ලබා ගත්තේ ලහිරු ඩිල්ශාන්ගේ ශතකයක් ද සමඟිනි. ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 337ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි නාවික හමුදා ක්‍රීඩකයන්ට තරගය අවසන් වන විට ලබා ගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 224ක් පමණි.

ලංකන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 223 (57.4) අයිෂ්ක පෙරේරා 35, ලහිරු ඩිල්ශාන් 25, තුෂිර මදනායක 72, අයන්ත ද සිල්වා නොදැවී 24, සවිඳු පීරිස් 4/81, එච්. ජී. කේ. ඩිල්ශාන් 4/70

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 212 (60.1) ඩිලාන් චන්දිම 22, සුපුන් ලීලාරත්න 53, ෂෙවෝන් ෆොන්සේකා 75, අයන්ත ද සිල්වා 2/53, දුලිත් වෙල්ලාලගේ 2/61, ලක්ෂිත මනසිංහ 4/44

ලංකන් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 347 (80.2) ලහිරු ඩිල්ශාන් 139, ලක්ෂිත මනසිංහ 37, ශිෆ්රාන් මුතාලිප් 32, සවිඳු පීරිස් 6/118, එච්. ජී. කේ. ඩිල්ශාන් 2/88, තරුෂාන් ඉද්දමල්ගොඩ 2/59

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 224 (71) අයන්ත ද සිල්වා 21, ඩිලාන් චන්දිම 29, සුපුන් ලීලාරත්න 20, තරුෂාන් ඉද්මල්ගොඩ 33, සාලිත ප්‍රනාන්දු 48, ෂෙවෝන් ෆොන්සේකා  නොදැවී 43, දුලිත් වෙල්ලාලගේ 3/53, ලක්ෂිත මනසිංහ 2/60, ශිෆ්රාන් මුතාලිප් 3/46

රාමට් ෂාට නූලෙන් ගිලිහුණ වාර්තාව

ඇෆ්ගනිස්තාන දකුණත් පිතිකරු රාමට් ෂා වර්ෂාව නොතකමින් කළ සටනේ….


කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය සහ ගාල්ල ක්‍රිකට් සමාජය අතර තරගය

කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

කාසියේ වාසිය දිනා ගත් කුරුණෑගල යොවුන් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 343ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සංචාරක ගාලු ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 290ක් පමණි.

Photos: Kurunegala Youth CC vs Galle CC | SLC Major League 2018/19 – Tier “B”

ලකුණු 53ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කළ කුරුණෑගල ක්‍රීඩකයන්ට දෙවැනි ඉනිමට ලබා ගත හැකි වූයේ ලකුණු 197ක් පමණි. ඒ අනුව ගාල්ල ක්‍රීඩකයින්ට ජයග්‍රහණයට ලකුණු 251ක ඉලක්කයක් ලැබුණි. නමුත් තරගය නිමා වන විට ඔවුන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 192ක් පමණි.

කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 343 (101.3) ධනුෂ්ක ධර්මසිරි 61, දමිත් පෙරේරා 28, දුලාජ් රණතුංග 36, අනුරුද්ධ රාජපක්ෂ 54, රසාංජන ජයරත්න 78, රන්දීර රණසිංහ 20, සංජීව ප්‍රියදර්ශන නොදැවී 22, අකලංක ගනේගම 5/86, සුධීර තිලකරත්න 3/104, රජිත් ප්‍රියාන් 2/64

ගාල්ල ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 290 (59.5) නිසල් රන්දික 25, සමීන් කඳනාරච්චි 27, සූධීර තිලකරත්න 54, ලක්ෂාන් රොද්‍රගෝ 23, අශාන් මධුශංක 29, හස්නයින් බොකාරි 48, වීරසිංහ නොදැවී 46, රසාංජන ජයරත්න 3/67, තුසිත් ද සොයිසා 4/67, රන්දීර රණසිංහ 2/34

කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 197 (56.4) රසාංජන ජයරත්න 25, ශාලික කරුණානායක 27, අනුරුද්ධ රාජපක්ෂ 25, කේශාන් වන්නිආරච්චි 37, රන්දීර රණසිංහ 20, අකලංක ගනේගම 3/44, හස්නයින් බොකාරි 4/92

ගාල්ල ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 192 (43) දමිත හුණුකුඹුර 23, නිසල් රන්දික 52, සුධීර තිලකරත්න නොදැවී 33, අනුරුද්ධ රජපක්ෂ 2/27, රසාංන ජයරත්න 4/61


පානදුර ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගය

කොළඹ තිඹිරිගස්යාය පොලිස් පිටියේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

කාසියේ වාසිය දිනූ පානදුර ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 294ක් ලබා අතර ඊට පිළිතුරු ලෙසින් පොලිස් ක්‍රීඩා සමාජය සියලුම දෙනා දැවී ලකුණු 267ක් ලබා ගත්තේ ය.

ලකුණු 27ක් අතැතිව දෙවැනි ඉනිම ආරම්භ කළ පානදුර ක්‍රීඩකයෝ එවර සියලුම දෙනා දැවී ලකුණු 255ක් ලබා ගත්හ. ජයග්‍රහණය සඳහා ලකුණු 283ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කළ පොලිස් ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 105ක් ලබා සිටිය හ.

Photos: Police SC vs Panadura SC | SLC Major League 2018/19 – Tier “B”

මෙම තරගයේ දී පානදුර ක්‍රීඩා සමාජය වෙනුවෙන් අසන්ත බස්නායක ද පොලිස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් මහේෂ් ප්‍රියදර්ශන ද ශතක ලබා ගැනීම කැපී පෙණුනි.

පානදුර ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 294 (100.2) තිමිර ජයසිංහ 65, අසන්ත බස්නායක 106, නිපුන් ලක්ෂාන් 63, විජේතිලක 2/63, දිනුක් හෙට්ටිආරච්චි 4/88, මංජුල ජයවර්ධන 4/59

පොලිස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 267 (77.1) මංජුල ජයවර්ධන 21, ගිටාන්ස් කෙහෙරා 65, මහේෂ් ප්‍රියදර්ශන 113,කෞමල් නානායක්කාර 3/94, සමීන්ද්‍ර මධුශාන් 3/59, අමිත කෞෂල්‍ය 3/84

පානදුර ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 255 (87.1) තිමිර ජයසිංහ 51, විශ්ව චතුරංග 29, නිපුන දේශාන් 78, තරුෂ ප්‍රනාන්දු 59, අසන්ත බස්නායක 22, මංජුල ජයවර්ධන 4/57, දිනුක් හෙට්ටිආරච්චි 3/70, සුපුන් මධුශංක 3/57

පොලිස් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 105 (11) නිශාන් මධුශ්ක 41, අජන්ත මෙන්ඩිස් 45, කෞමාල් නානායක්කාර 2/36

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<