ධනුෂ්ක ගුණතිලකට අන්තර්ජාතික තරග තහනමක්

1916

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘ක්‍රීඩක චර්යාධර්ම පද්ධතිය’ කඩ කිරීමේ සිද්ධියක්  පිළිබඳ විමර්ශන පැවැත්වෙන තුරු ධනුෂ්ක ගුණතිලක හට වහාම ක්‍රියාත්මක වන පරිදි හට සියලු ආකාරයේ ජාත්‍යන්තර තරග තහනමක් පනවා තිබේ.

තෙවැනි දිනයට තිත තැබෙද්දී ශ්‍රී ලංකාව තවත් ජයකට මාන බලයි

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනයේ

මේ වන විට ක්‍රියාත්මක දකුණු අප්‍රිකාව සමග දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ගුණතිලකට හිමි වීමට නියමිත තරග ගාස්තුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අත්හිටුවා ඇති බව ද වාර්තා වේ.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රියාත්මක කළ මූලික පරීක්ෂණයකින් අනතුරුව මේ තීරණය ගෙන තිබෙනවා, කණ්ඩායමේ කළමනාකරු විසින් දන්වා තිබෙනවා ගුණතිලක චර්යා ධර්ම පද්ධතිය උල්ලංඝනය කර ඇති බව” ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය නිවේදනයේ සඳහන් විය.

විනය විරෝධී ලෙස හැසිරුණු වැන්ඩර්සේට දැඩි දඬුවම්

නිමාවූ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අතරතුර විනය විරෝධී ලෙස හැසිරීම නිසා නැවත දිවයිනට

ගුණතිලක හට දිගින් දිගටම විනය චෝදනා එල්ල වී ඇති අතර පසුගිය වසරේ දී විස්සයි විස්ස තුන්කොන් තරගාවලියක දී බංගලාදේශ ක්‍රීඩක තමිම් ඉක්බාල් සමඟ ඇතිවූ සිදුවීමක් පිළිබඳ ඔහුට චෝදනා එල්ල විය. අනතුරව පුහුණු සැසියකට සහභාගී නොවීම හා සිය ක්‍රීඩා ආම්පන්න නොමැතිව තරගයකට පැමිණීම නිසා ඔහුට සීමිත ඕවර තරග හයක තහනමක් හිමි විය.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකාව සමඟ මේ වන විට පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ලකුණු අතරට පිවිසුණු ධනුෂ්ක ඉනිම දෙකේ දී අර්ධ ශතක දෙකක් වාර්තා කිරීමට සමත් විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<