පසිඳු සහ නිශාන්ගේ ශතක බ. මධ්‍යම සහ දකුණට දැවැන්ත ජයග්‍රහණ ගෙනේ

727

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් වයස අවුරුදු 19න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය (13) නිමාවේ දී B කාණ්ඩය නියෝජනය කරමින් පැවති තරග අතරින් බස්නාහිර පළාත් මධ්‍යම සහ බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම් දැවැන්ත ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුනා. ඔවුන් වෙතින් පරාජයට පත් වුනේ පිළිවෙළින් නැගෙනහිර සහ ඌව පළාත් කණ්ඩායම් ය.

මෙම තරග දෙකේ දී ජයග්‍රාහී කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන් අතරින් දෙදෙනෙක් ශතක රැස් කිරීම කැපී පෙණුණා. බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම වෙනුවෙන් පසිඳු සූරියබණ්ඩාර ද, බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම වෙනුවෙන් නිශාන් ප්‍රනාන්දු ද මෙසේ ශතක රැස් කළා.

බස්නාහිර පළාත් උතුර සහ වයඹ ක්‍රීඩකයින් ජයග්‍රහණ වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් වයස අවුරුදු 19න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පළමු…

බස්නාහිර පළාත් මධ්‍යම සහ නැගෙනහිර

කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම ලකුණු 275ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළා.

තරගයේ ආරම්භය අයහපත් කාලගුණ තත්ත්වය මත මඳක් ප්‍රමාද විය. නියමිත වේලාවට වඩා පැය භාගයකට වැඩි ප්‍රමාණයක් ප්‍රමාදයෙන් තරගය ආරම්භ වූවද යැවුණ 5 වැනි පන්දුවාරයේ දී නැවත වර්ෂාව පතිත වුනා. ඒ හේතුවෙන් අහිමි වූ කාලය නිසා තරගය පන්දුවාර 47කට සීමා විය.

කාසියේ වාසිය දිනූ බස්නාහිර පළාත් මධ්‍යම ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 321ක් ලබා ගත්තා. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වුනේ කොළඹ රාජකීය විද්‍යාලය නියෝජනය කරමින් කණ්ඩායමට එක්වූ පසිඳු සූරියබණ්ඩාර. ඔහු පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 134ක් ලබා ගත්තා.

ඔහු කඩුල්ලේ සිටින විට දී ශතක සබඳතා දෙකක් ගොඩ නැගීමට ද දායක විය. ඒ තෙවැනි කඩුල්ල වෙනුවෙන් තමන්ගේ පාසලේ කමිල් මිෂාරා සමඟ එක්වෙමින් ලකුණු 105ක ද, සිව්වැනි කඩුල්ල වෙනුවෙන් කොළඹ මහානාම විද්‍යාලයේ සොනාල් දිනූෂ එක්ව ලකුණු 120ක සබඳතාවක් ද ගොඩ නැගුවා.

කොදෙව් ගිය ප්‍රබලයින් දෙදෙනෙක් නැවතත් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය අතරතුර…

කමිල් මිෂාර පන්දු 69ක දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 52ක් ලබා ගත් අතර සොනාල් දිනූෂ පන්දු 48ක දී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 71ක් රැස් කළා.

පන්දු යැවීමේ දී තේවා ඩෙලොක්ෂාන් ලකුණු 44කට කඩුලු 2ක් දවා ගත්තා.

දැවැන්ත ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි නැගෙනහිර ක්‍රීඩකයෝ පන්දු වාර 18 .1ක දී රැස් කළේ ලකුණු 46ක් පමණයි.

මෙම ඉනිමේ දී ත්‍රිකුණාමලය සිංහල මහා විද්‍යාලය නියෝජනය කරන පසිඳු දිල්හාර පන්දු 49කට මුහුණ දෙමින් ලකුණු 21ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. ඔහු 8 වැනි කඩුල්ල නිමා වන තුරු ම කඩුල්ලේ රැඳී සිටීම වැදගත් වුනත් අනෙක් කිසිදු ක්‍රීඩකයෙක්ට ලකුණු 10 සීමාවට ළඟා වීමටත් නොහැකි වීම නිසා ඔවුන්ගේ ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා වුනා.

කඩුලු ලබා ගැනීමේ දී ඉනිමේ පළමු කඩුලු 3ම දවා ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ කළණ පෙරේරා සමත් වුනා. ඔහු නැගෙනහිර නිමා වන විට ලකුණු 18කට කඩුලු 4ක් දවාගෙන දක්ෂතා දක්වා තිබුණි. ඊට අමතරව චමිඳු විජේසිංහ සහ ලක්ෂිත රසාංජන කඩුලු 2 බැගින් දවා ගත්තා.

බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම‍; කඩුලු 6ක් දැවී 321 (47.0) සංතුෂ් ගුණතිලක 25, සිතාර හපුහින්න 22, කමිල් මිෂාරා 52, පසිඳු සූරියබණ්ඩාර 134, සොනාල් දිනූෂ 71, තේවා ඩිලොක්ෂාන් 2/44

නැගෙනහිර පළාත් කණ්ඩායම; සියලුම දෙනා දැවී 46 (18.1) පසිඳු දිල්හාර 21, කළණ පෙරේරා 4/18, චමිඳු විජේසිංහ 2/14, ලක්ෂිත රසාංජන 2/04


බස්නාහිර පළාත දකුණ හා ඌව පළාත අතර තරගය

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරගයේ දී බස්නාහිර දකුණ ක්‍රීඩකයන්ට ලකුණු 232ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි විය.

කාසියේ වාසිය දිනූ ඌව පළාත් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට බස්නාහිර දකුණ ක්‍රීඩකයන්ට ආරාධනා කළ අතර ඒ අනුව ඔවුන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 326ක්. එම ඉනිමේ දී තමන්ගේ නම ඉදිරියේ දැවැන්ත ලකුණු පුවරු ගොඩ නගා ගැනීමට නිශාන් ප්‍රනාන්දු සහ නුවනිඳු ප්‍රනාන්දු සමත් වුනා.

බස්නාහිර පළාත් දකුණ කණ්ඩායමේ නායකත්වයේ කටයුතු කරන මොරටු මහා විද්‍යාලය නියෝජනය කරන නිශාන් මධුශ්ක ප්‍රනාන්දු අද තරගයේ දී පන්දු 116කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 113ක් ලබා ගත්තා.

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය නියෝජනය කරන නුවනිඳු ප්‍රනාන්දුට ලකුණු දෙකකින් ශතකය අහිමි විය. ඔහු පන්දු 106කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමඟින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 98ක්. ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 188ක් ලබා ගැනීම කැපී පෙණුනා.

පන්දු යැවීමේ දී රවිඳු දර්ශන ලකුණු 62කට කඩුලු 3ක් දවා ගත්තා.

ඌව පළාත් කණ්ඩායමේ 30 වැනි පන්දුවාරයේ තවත් පන්දු 5ක් ඉතිරිව තිබිය දී නිමා කිරීමට බස්නාහිර දකුණ ක්‍රීඩකයෝ සමත් වුනා. ඔවුන්ට ඒ වෙද්දී රැස් කර ගත හැකි වුනේ සියලුම දෙනා දැවී ලකුණු 94ක් පමණයි. එම ඉනිමෙ වෙනුවෙන් පන්දු යැවීමේ දී ද දක්ෂතා දැක්වූ රවිඳු දර්ශන ලකුණු 36ක් ද, ලෙශාන් දිලුක්ෂ ලකුණු 20ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී රොහාන් සංජය සහ අවිශ්ක ලක්ෂාන් කඩුලු 3 බැගින් ලබා ගත්තේ ලකුණු 9 බැගින් ලබා දෙමින්.

බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම; කඩුලු 6ක් දැවී 326 (47.0) නිශාන් මධුශ්ක ප්‍රනාන්දු 113, නුවනිඳු ප්‍රනාන්දු 98, ජනික්ෂ පෙරේරා 33, නිශාන්ත අභිලාශ් 29, ගවිඳු ඉඳුවර නොදැවී 25, රවිඳු දර්ශන 3/62

ඌව පළාත; සියලුම දෙනා දැවී 94 (29.1) රවිඳු දර්ශන 36, නිශාන් ඩිලක්ෂ 20, රොහාන් සංජය 3/09, අවිශ්ක ලක්ෂාන් 3/09

තරගාවලියේ මීළඟ තරග ජුනි මස 14 දා පැවැත්වීමට නියමිත අතර එදිනට බස්නාහිර පළාත උතුර කණ්ඩායම සහ මධ්‍යම පළාත අතර තරගය කොළඹ කෝල්ට්ස් පිටියේ දී ද, උතුරු පළාත සහ උතුරු මැද පළාත අතර තරගය කොළඹ එන්. සී. සී. ක්‍රීඩාංගණයේ දී ද පැවැත්වීමට නියමිත ය.

මෙම තරග දෙක අතරින් කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවැත්වෙන තරගය ඩයලොග් TV නාලිකා අංක 1, ඩයලොග් MyTV හා ThePapare.com වෙබ් අඩවිය ඔස්සේ සජීව ලෙස ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න අප සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<