කොදෙව් ගිය ප්‍රබලයින් දෙදෙනෙක් නැවතත් ශ්‍රී ලංකාවට

1003
Angelo Mathews, Lahiru Gamage

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් හා වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු ගමගේ නැවතත් දිවයිනට පැමිණෙන බව වාර්තා වේ.

බංග්ලාදේශ සංචාරයේ ශ්‍රී ලංකා A කණ්ඩායමේ වගකීම් දිමුත්ට

ජුනි මස 26 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා A කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරය..

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරග තුනකින් සමන්විත පළමු ටෙස්ට් තරගය පසුගිය දා නිමාවට පත්වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 226ක දැවැන්ත පරාජයක් හිමි කර දෙමිනි. එබැවින් හෙට (14) සාන්ත ලුසියා හිදී ආරම්භ වන දෙවන තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීම අනිවාර්ය වන පසුබිමක තිබිය දී මැදපෙළ පිතිකරුවෙක් වන ඇන්ජලෝ මැතිව්ස් දෙවැනි වරටත් පිය පදවිය ලබාගෙන ඇති නිසා කොදෙව් දේශයේ සිට දිවයිනට පැමිණෙන බව ThePapare.com වෙත වාර්තා වන අතර දකුණතින් වේගපන්දු යවන ලහිරු ගමගේ ද පළමු ටෙස්ට් තරගය අතරතුර පන්දුවට පහර දෙමින් සිටිය දී පන්දුවක් අතෙහි වැදීම නිසාවෙන් අස්ථි බිඳීමකට ලක්ව තරගාවලියෙන් ඉවත්ව මැතිව්ස් සමඟ මෙරටට පැමිණීමට නියමිතය.

බංගලාදේශ A කණ්ඩායම සමඟ තරග වැදීමට යන ශ්‍රී ලංකා A සංචිතය ඊයේ (12) නම් කළ අතර එයට ඇතුළත්ව සිටි ශ්‍රී ලංකා A උපනායක දසුන් ශානක හා ධනුෂ්ක ගුණතිලක බංගලාදේශ A තරග සංචාරයට නොයවා අද (13) දිනයේ දී ම කොදෙව් දේශය බලා පිටත් කර හැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.

සිය පියාගේ හදිසි වියෝව නිසා පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වූ දකුණතින් පිත්ත හසුරුවන ධනංජය ද සිල්වා හෙට (14) දිනයේ ආරම්භ වන දෙවන ටෙස්ට් තරගයේ දී මැතිව්ස් වෙනුවට ආදේශ වීමට වැඩි සම්භාවිතාවක් තිබේ. එසේම හෙට දිනයේ ආරම්භ වන දෙවන ටෙස්ට් තරගයේ දී මහේල උඩවත්ත හට ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමි වීමට ද යම් ඉඩකඩක් ඇත.

දෙවන ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කළ හැකි අපේක්ෂිත සංචිතය: කුසල් මෙන්ඩිස්, මහේල උඩවත්ත, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල් (නායක), රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා/අකිල ධනංජය, සුරංග ලක්මාල්, ජෙෆ්රි වැන්ඩසේ/රංගන හේරත්, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<