කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.
කුසල්ගේ උත්සාහය අපතේ යයි

තරගාවලිය 1-0ක් සේ ඉදිරියට පැමිණි කොදෙව්වෝ වසර 15ක ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරග ඉතිහාසයේ ජයග්‍රහණය කළ සිව්වැනි ටෙස්ට් තරගය මෙයයි.
ලකුණු 453ක ඉලක්කයක් පසුපස ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගයේ අවසාන දිනයට පිටියට පිවිසියේ කඩුලු 7ක් අතැතිව ලකුණු 277ක අඩුපාඩුවකිනි. ඒ සිව්වැනි දිනයට තරගය නතර කරද්දී කඩුලු 3ක් දැවී ලකුණු 176ක් ලබා සිටි බැවිනි.
සම්පූර්ණ වාර්තාව: කුසල්ගේ ශතකය අපතේ දමමින් ශ්‍රී ලංකාව ලකුණු 226කින් පරදියි
ශූරතාවය තරංගගේ ගාල්ල කණ්ඩායමට

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති අවසාන මහා තරගයේ දී ගාලු ක්‍රීඩකයන් වෙතින් ලකුණු 75කින් පරාජයට පත් වූයේ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායමයි.
තරගාවලියේ අවසාන මහා තරගය මීට ප්‍රථම මැයි මස 20 වැනිදා ද, ඊට පසුව ජුනි මස 5 වැනිදා ද පැවැත්වීමට යෝජනා වී තිබුණි. නමුත් පැවති අයහපත් කාලගුණ තත්ත්වය මත තරගය එම අවස්ථා දෙකේ දී ම කල් දමන ලදි.
සම්පූර්ණ වාර්තාව: තරංග සහ සධීරගේ ඉනිමෙන් ගාල්ලට ශූරතාවය
මලියදේවයින් සහ විද්‍යා ක්‍රීඩකයින් A කාණ්ඩයට උසස් වේ

මේ ජයග්‍රහණය මලියදේවයට ඉතා වැදගත් වන්නේ කුරුණෑගලට A කාණ්ඩයේ කණ්ඩායමක් ලැබෙන්නේ වසර 20කට පමණ පසුව නිසයි.
සම්පූර්ණ වාර්තාව: මලියදේවයින් A කාණ්ඩයේ සිහිනය සැබෑ කර ගනී

2018 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ A කාණ්ඩයේ දෙවන වටයේ අවසන් තරගය ඊයේ (10) කොළඹ ඉසිපතන විද්‍යාලය හා සාන්ත ජෝසප් විද්‍යාල අතර පැවැත්වූයේ හැව්ලොක් ක්‍රීඩාංගණයේ දීයි. එහි දී ලකුණු 39-29ක් ලෙස තියුණු ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සාන්ත ජෝසප් විද්‍යාලය සමත් විය.
සම්පූර්ණ වාර්තාව: ඉසිපතන ක්‍රීඩකයින් පරාජයකින් ලීගය අවසන් කරයි; ජය ජෝසප්වරුන්ට

පසුගිය 7 වැනිදා ජපානයේ ගිෆූ හිදී ආරම්භ වූ කනිෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ අවසන් දිනය වන ඊයේ (10) දිනයේ පැවති 4×400 පිරිමි හා කාන්තා තරග ඉසව් දෙකේ දී ශ්‍රී ලංකාවට රන් හා ලෝකඩ පදක්කම් දිනා ගැනීමට හැකි විය. එසේම අමාෂා ද සිල්වා මීටර 200 කාන්තා තරග ඉසව්වේ රිදී පදක්කම ද තමන් සතු කර ගැනීමට සමත් වූවාය.
සම්පූර්ණ වාර්තාව: සහය දිවීමේ කණ්ඩායම් ආසියාව හොල්ලයි; සමස්ත පදක්කම් ගණන 9ක්






















