ඉසිපතන ක්‍රීඩකයින් පරාජයකින් ලීගය අවසන් කරයි; ජය ජෝසප්වරුන්ට

923

2018 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ A කාණ්ඩයේ දෙවන වටයේ අවසන් තරගය අද (10) කොළඹ ඉසිපතන විද්‍යාලය හා සාන්ත ජෝසප් විද්‍යාල අතර පැවැත්වූයේ හැව්ලොක් ක්‍රීඩාංගණයේ දීයි. එහි දී ලකුණු 39-29ක් ලෙස තියුණු  ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සාන්ත ජෝසප් විද්‍යාලය සමත් විය.

රාජකීයයෝ අපරාජිතව ශූරතාවයට උරුමකම් කියති

සාන්ත පීතර විද්‍යාලය ලකුණු 32-13ක් ලෙස පරාජය කළ කොළඹ රාජකීය විද්‍යාලය අපරාජිතව දෙවන වරටත් සිංගර් අන්තර් පාසල් රග්බි තරගාවලියේ ජයග්‍රාහකයින් ලෙස අභිෂේක…

සවස 4 පමණ ආරම්භ වූ තරගයේ පළමුව ලකුණු වාර්තා කිරීමට ජොසප්වරුන් සමත් වන්නේ සන්තුෂ් අල්ගම විසින් සාර්ථක කර ගත් දඬුවම් පහරක් සමඟිනි. එයින් පසුබට නොවන ඉසිපතන ක්‍රීඩකයින් ද තවත් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු පුවරුව ආරම්භ කරන අතර එය වාර්තා කරන්නේ ඉසිපතන නායක මනිල්ක රුබේරු ය. (03-03)

වැඩි වේලාවක් යන්නට මත්තෙන් නැවතත් ක්‍රියාත්මක වන අල්ගම තවත් දඬුවම්  පහරක් වාර්තා කරන අතර ඒ අනුව 6-3ක් ලෙස තරගයේ ඉදිරිය ලබා ගැනීමට සාන්ත ජෝසප් කණ්ඩායම සමත් විය.

ඉන් අනතුරුව හොඳ පන්දු හුවමාරුවක උපකාරය සමඟින් කසුන් කෞශල්‍ය ඉසිපතනය වෙනුවෙන් ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කරගන්නට මනිල්ක සමත් විය. (06-10)

ඉසිපතන ක්‍රීඩකයින්ට එම ඉදිරිය වැඩි වේලාවක් රඳවා ගන්නට නොහැකි වන්නේ දිගු පන්දු හුවමාරුවක ප්‍රතිඵලයක් ආධාරයෙන් ඉසිපතන ක්‍රීඩකයින් අභිබවා ගිය සාන්ත ජෝසප් ක්‍රීඩක ගැමුණු චේතිය විසින් ලබා ගත් උත්සාහක දිනුම නිසාවෙනි. ක්‍රීඩා පිටියේ කෙළවරින් වාර්තා වූ එම උත්සාහක දිනුම ඉසිපතන ක්‍රීඩකයන්ට කිසිදු අයුරකින් නවතා ගැනීමට නොහැකි වූ අතර එය ප්‍රවර්තනය කරමින් තවත් ලකුණු 2ක් ලබා ගන්නට ද සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට හැකි විය. එම ප්‍රවර්තනය අපහසු වුවත් දර්ශනීය ලෙස දකුණු ගෝල කණුවේ ස්පර්ශ වෙමින් එය සාර්ථක කර ගන්නට සන්තුශ් අල්ගම සමත් විය. (13-10)

ඉන් අනතුරුව ගුවන්ගත වූ පන්දුව රැගෙන නැවතත් ගැමුණු චේතිය ලකුණු සීමාව ආසන්නයටම යමින් මනාව එය ක්‍රිශාන් කවින්දට භාර කරන අතර ඔහු උත්සාහක දිනුම් සීමාව සාර්ථකව පසු කර ගියේ තවත් උත්සාහක දිනුමක් ජෝසප්වරුන්ට ලබා දෙමිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කරගන්නට අල්ගම සමත් විය (20-10).

තරගයේ පළමු අර්ධය අවසානයට ලංව තිබූ අතර ජෝසප්වරුන්ගෙන් සොරා ගත් පන්දුව කෙළින්ම උත්සාහක දිනුමක් බවට පරිවර්තනය කර ගන්නට ඉසිපතන ක්‍රීඩක මනිල්ක රුබේරු සමත් වන්නේ මේ අතරතුරයි. එහි ප්‍රවර්තනය ද ඔහු විසින්ම සාර්ථක කර ගන්නා ලදි (20-17).

ප්‍රථම අර්ධය: සාන්ත ජෝසප් විද්‍යාලය 20 – 17 ඉසිපතන විද්‍යාලය

තරගය ඉතාම උණුසුම් වූ බැවින් තරගයේ ප්‍රතිඵලය තීරණය වන දෙවන අර්ධය වෙත කණ්ඩායම් දෙකම දැඩි බලාපොරොත්තු සමඟින් අවතීර්ණ විය.

දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගතවෙත්ම එම අර්ධයේ ප්‍රථම උත්සාහක දිනුමට හිමිකම් කියන්නට දුලාන් පියතිස්ස සමත් විය. අල්ගමගේ පාදයෙන් එහි ප්‍රවර්තනය සාර්ථක විය (27-17).

ඉන් අනතුරුව දෙපිලම තවත් ලකුණු වාර්තා කිරීමට උත්සාහ කරත් දෙපිලේම ආරක්ෂක පවුරු එම උත්සාහයන් බිඳ දැමීමට සමත් විය. එහි දී එක් උත්සාහක දිනුමක් නවතා දැමූ ඉසිපතන ක්‍රීඩක ප්‍රවීන් ස්ටෙෆාන්ගේ ටැකල් කිරීම සුවීශේෂී ය.

සහිරා ක්‍රීඩකයින් පරදා ත්‍රිත්වයින් හයට

2018 සිංගර් කුසලාන පාසල් රග්බි ලීග් තරගාවලියේ අවසන් සතියේ තරගයක් වූ සහිරා විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර තරගය මහනුවර පල්ලෙකැලේ පිටියේ දී පැවැත්වූ අතර එම තරගය…

කෙසේ හෝ මැනවින් පන්දුව ඩැහැ ගත් ඉසිපතන පසුපෙළ පිටිය හරහා දිවගොස් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට සමත් වූයේ ජනිත් සේරසිංහ නිසාවෙනි. නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථකයි (27-22).

ඉසිපතන ලකුණු සීමාව ආසන්නයේ දී පන්දුව රැගෙන ඈත අන්තයට යොමු කරන්නට සාන්ත ජෝසප් ක්‍රීඩක අල්ගම දැරූ උත්සහයක් නවතා දමමින්, එය උත්සාහක දිනුමක් බවට පරිවර්තනය කර ගන්නට මනුල රත්නායක සමත් වන්නේ, ඊට පෙර වාර්තා වූ උත්සාහක දිනුමේ උණුසුම නිවෙන්නටත් පෙරය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට සුපුන් සෙනෙවිරත්න සමත් වීමත් සමඟ නැවතත් තරගයේ අණසක ඉසිපතනය වෙත හිමි විය (27-29).

තරගය අවසන් වන්නට මිනිත්තු 10ක් තිබිය දී ඉසිපතන ක්‍රීඩකයින් තිදෙනෙක් සාර්ථකව පසු කර යමින් මනරම් උත්සාහක දිනුමක් ලබා ගන්නට සාන්ත ජෝසප් ක්‍රීඩක කවිඳූ කුෂාන් සමත් විය. එහි ප්‍රවර්තනය ද සාර්ථක වන අතර නැවතත් තරගය සාන්ත ජෝසප් කණ්ඩායම වෙත නතු විය. (34-29)

පිට පිට දෙවන වතාවටත් ‘L. E. Blaze’ කුසලානය මහනුවරට

කොළඹ වෙස්ලි විද්‍යාලය පරාජය කරමින් ලකුණු 31-13ක් ලෙස 33 වැනි L. E. Blaze කුසලානය පිට පිට දෙවන වසරටත් රැන්ඩල්ස් කන්දට රැගෙන යන්නට මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය…

තරගයේ අවසන් මිනිත්තු 5 තුල ඉසිපතනයට අවස්ථා කිහිපයක් ලැබුනත්, පිට පිටම වාර්තා වූ Knock On අවස්ථාවන් නැතිනම් පන්දුව ක්‍රීඩකයාගෙන් ඉදිරියට ගිලිහීම නිසා ඉසිපතන බලාපොරොත්තු බිඳ දමමින් සාන්ත ජෝසප් ක්‍රීඩකයින් ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් විය.

අවසන් ලකුණු තත්වය: සාන්ත ජෝසප් විද්‍යාලය 34 – 29 ඉසිපතන විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: සන්තුශ් අල්ගම (සාන්ත ජෝසප් විදුහල)

ලකුණු ලබාගත් ක්‍රීඩකයින්

  • සාන්ත ජෝසප් – ගැමුණු චේතිය 1T, ක්‍රිෂාන් කවින්ද 1T, දුලාන් පියාතිස්ස 1T, කවිදූ කුෂාන් 1T, සන්තුශ් අල්ගම 4C, 2P
  • ඉසිපතන – මනුල රත්නායක 2T, කසුන් කෞශල්‍ය 1T, ජනිත් සේරසිංහ 1T, සුපුන් සේරසිංහ 1C, මනිල්ක රුබේරු 2C,  1P

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<