කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
පාකිස්තානයට පූර්ණ තරගාවලි ජයක්

ඒ අනුව කණ්ඩායමේ ක්‍රීඩකයින්ට සහ බලධාරීන්ට එක්දින ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ නැගීම නැවත මුල සිටම අරඹන්නට සිදුවන ලකුණු පෙනෙන්නට තිබේ. ඒ ඊයේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී වාර්තා වූයේ ශ්‍රී ලංකා පිළ අඛණ්ඩව ලැබූ 12 වන එක්දින පරාජය වන බැවිනි!
ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 103 (පන්දුවාර 26.2): තිසර පෙරේරා 25, ලහිරු තිරිමාන්න 19, සීක්කුගේ ප්‍රසන්න 16, දුෂ්මන්ත චමීර 11, උස්මාන් කාන් 5/34, හසන් අලි 2/19, ශදාබ් කාන් 2/24.
පාකිස්තානය – එක් කඩුල්ලක් දැවී ලකුණු 105 (පන්දුවාර 20.2): ෆකාර් සමාන් 48, ඉමාම් උල්-හක් 45*, ෆහීම් අශ්රාෆ් 5*, ජෙෆ්රි වැන්ඩර්සේ 1/30.
සම්පූර්ණ වාර්තාව: බිඳ වැටීම්, කලකිරීම් මැද ශ්‍රී ලංකාවට 5-0ක තරගාවලි පරාජයක්
15න් ශූරතාවය උහන තිස්සපුරට සහ සාන්ත සේවියර් විදුහලට

තරගාවලියේ ඊයේ පැවති 17න් පහළ බාලිකා අංශයේ අවසන් මහා තරගයෙන් මහඋස්වැව රතනපාල විද්‍යාලය පරාජය කරමින් ශූරතාවය ජයග්‍රහණය කිරීමට ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායමට හැකි විය.
සම්පූර්ණ වාර්තාව: 17න් පහළ බාලිකා ශූරතාවය ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයට




















