ශූරතා කුසලානය ඉසිපතනයට

818

මයිලෝ ආයතනය හා ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනය මගින් සංවිධානය කරන ලද වයස අවුරුදු 16න් පහළ අන්තර් පාසල් පහළොස් සාමාජික රග්බි තරගාවලියේ අවසන් තරග ඊයේ (29) කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්විය. එහි දී ඉසිපතන විද්‍යාලය ලකුණු 22–05ක් ලෙස ගල්කිස්ස විද්‍යා විද්‍යාලය පරාජය කරමින් කුසලාන ශූරතාවය ජයග්‍රහණය කළේය.

16න් පහළ රග්බි අවසන් තරග වෙනත් දිනයකට

වයස අවුරුදු 16න් පහළ අන්තර් පාසල් පහළොස් සාමාජික රග්බි තරගාවලියේ අවසන් තරග එළඹෙන ඔක්තෝබර් මස 01 වන දින පැවැත්වීමට නියමිතව තිබුණත්, එම තරග එළඹෙන…

මෙම තරගවල දී ඉසිපතන විද්‍යාලයට අමතරව ඩී. එස්. සේනානායක, වෙස්ලි, මලියදේව හා සහිරා යන විදුහල් ශූරතා කුසලානයට අමතරව ඇති පලිහ, පීරිසි, බඳුන හා පළඟ යන අනෙකුත් කුසලාන ජයග්‍රහණය කරන ලදි.

පීරිසි කුසලාන අවසන් තරගය: සහිරා විද්‍යාලය – ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය

දිනයේ පළමු තරගය ලෙස පැවැත්වූ මෙම තරගය ලකුණු 37-07ක් ලෙස ජයග්‍රහණය කිරීමට සහිරා විද්‍යාලයට හැකි විය. මෙහි පළමු අර්ධය අවසන් වූයේ ද, ලකුණු 20–07ක් ලෙස සහිරා විද්‍යාලය පෙරමුණේ තබමිනි.

සම්පූර්ණ කාලය අවසානයේ: සහිරා විද්‍යාලය 37 – 07 ලලිත් ඇතුළත්මුදලි විද්‍යාලය

පලිහ කුසලාන අවසන් තරගය: මලියදේව විද්‍යාලය – පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය

මලියදේව ක්‍රීඩකයින් සහිරා විද්‍යාලය අනුගමනය කළ යම් යම් උපක්‍රම ද අනුගමනය කරමින් මෙම තරගයේ ක්‍රීඩා කරනු දැක ගන්නට ලැබුණි. එය මලියදේව විද්‍යාලයට පිළියන්දල මධ්‍ය විදුහල් ක්‍රීඩකයින්ව පහසුවෙන්ම අභිබවා යාමට පහසුවක් විය.  අවසානයේ මෙම තරගය ලකුණු 34–05ක් ලෙස ජයග්‍රහණය කළ මලියදේව ක්‍රීඩකයින් තරගය පුරාවටම උත්සාහක දිනුම් 6ක් හා ප්‍රවර්තන 2ක් සාර්ථක කර ගත්තේය.

සම්පූර්ණ කාලය අවසානයේ: මලියදේව විද්‍යාලය 34 – 05 පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය

බඳුන කුසලාන අවසන් තරගය: වෙස්ලි විද්‍යාලය – තර්ස්ටන් විද්‍යාලය

වෙස්ලි විද්‍යාලය හා තර්ස්ටන් විද්‍යාලය අතර පැවැත්වූ මෙම තරගය ඉතාමත් තියුණු හා තරගකාරී තරගයක් විය. පළමු අර්ධය තුළ වෙස්ලි විද්‍යාලය උත්සාහක දිනුම් දෙකක් හා එහි ප්‍රවර්තන දෙකම සාර්ථක කරගෙන ලබා ගැනීමට හැකි උපරිම ලකුණු ප්‍රමාණය ලබා ගත්තේය. දෙවන හා අවසන් අර්ධයේ දී පළමු අර්ධය තුළ ලකුණු ලබා ගැනීමට නොහැකි වූ තර්ස්ටන් ක්‍රීඩකයින් උත්සාහක දිනුම්, ප්‍රවර්තන හා දඬුවම් පහර එක බැගින් සාර්ථක කර ගන්නා ලදි.

සම්පූර්ණ කාලය අවසානයේ: වෙස්ලි විද්‍යාලය 14  – 10 තර්ස්ටන් විද්‍යාලය

 පළඟ කුසලාන අවසන් තරගය: ඩී. එස්. සේනානායක විද්‍යාලය – ලුම්බිණි විද්‍යාලය

ඩී. එස්. සේනානායක විද්‍යාලය මෙම තරගයේ දී උත්සාහක දිනුම් 3ක් ප්‍රවර්තන 3ක් හා එක් දඬුවම් පහරක් සාර්ථක කර ගත්තේය. ප්‍රතිවාදී ලුම්බිණි විද්‍යාලයට මෙහි දී එකදු ලකුණක් හෝ ලබා ගැනීමට අවස්ථාව උදා නොවීය.

සම්පූර්ණ කාලය අවසානයේ: ඩී. එස්. සේනානායක විද්‍යාලය 24  – 00 ලුම්බිණි විද්‍යාලය

ශූරතා කුසලාන අවසන් තරගය: ඉසිපතන විද්‍යාලය – විද්‍යා විද්‍යාලය

මෙම විදුහල් දෙක අතර තියුණු සටනක් පැවැත්වෙනු ඇතැයි බොහෝමයක් ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු විය. ඉසිපතන විද්‍යාලය, විද්‍යා විද්‍යාලයේ ක්‍රීඩකයින් හට පළමු අර්ධය තුළම සුපිරි අභියෝගයක් ලබා දුන් අතර, එය අවසානයේ ලකුණු පුවරුව ලකුණු 17-05ක් ලෙස පෙරමුණ ගැනීමට ඉසිපතනයට හැකි විය. එහි දී ඔවුන් විසින්  උත්සාහක දිනුම් තුනක් හා එක් ප්‍රවර්තනයක් සාර්ථක කර ගත්තේය. දෙවන අර්ධයේ දී තවත් උත්සාහක දිනුමක් ලබාගත් ඉසිපතනය ලකුණු 22–05ක් ලෙස තරගය ජයග්‍රහණය කළේ, මෙවර තරගාවලියේ ශූරතා කුසලානයට ද හිමිකම් කියමිනි.

සම්පූර්ණ කාලය අවසානයේ: ඉසිපතන විද්‍යාලය 22 – 05 විද්‍යා විද්‍යාලය

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට