කොරෝනා අභියෝග මැද ජාතික ශූරතාවය ඉදිරියට

160

99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය ආරම්භ කරමින් පළමු දිනයේ තරග මේ මස 21 වැනිදා (සිකුරාදා) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. පළමු දිනයේ ඉසව් කාලසටහන මලල ක්‍රීඩා සංගමය විසින් නිකුත් කර තිබුණා.

>> තරගාවලියේ පළමු දිනයේ තරග කාලසටහන<< 

කොරෝනා වසංගතය නිසාවෙන් තරගාවලිය අදියර 4කට වෙන් කර සතිඅන්තයේ දිනයන්හී පමණක් පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් 21 වැනිදා රාත්‍රියේ සිට දිවයිනටම සංචරණ සීමා පැනවීමට රජය තීරණය කිරීම නිසාවෙන් තරගාවලියේ පළමු අදියර එක් දිනකට පමණක් සීමා කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව සිකුරාදා (21) පළමු අදියරේ ඉසව් සියල්ලෙහි මූලික වටයේ තරග සහ අවසන් තරග පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

පළමු දිනයේ ඉසව් ලෙස කාන්තා මීටර් 3000 බාධක ඉසව්ව, කාන්තා මීටර් 800 ඉසව්ව, හෙල්ල විසි කිරීමේ කාන්තා හා පිරිමි තරග, පිරිමි දුර පැනීමේ ඉසව්ව සහ තරගාවලියේ උණුසුම්ම ඉසව් වන කාන්තා හා පිරිමි මීටර් 100 සහ 400 තරග පැවැත්වීමට සැලසුම් කර ඇත.

තවත් ක්‍රීඩා පුවත්:

මෙම තරගාවලිය මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඔලිම්පික් තරගාවලියට පෙර මෙරට දී සහභාගී වීමට ලැබෙන අවසන් තේරීම් තරගාවලිය නිසාවෙන් සියලූම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම තරගාවලිය ඉතා වැදගත් වේ.

මේ දිනවල පවතින දැඩි කොරෝනා වසංගත ව්‍යාප්තිය නිසාවෙන් තරගාවලිය දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් පැවැත්වීමට සැලසුම් කර ඇති නිසාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් හැර වෙනත් කිසිදු පාර්ශවයකට ක්‍රීඩාංගණයට ඇතුළත් වීමට අවසර හිමි නොවේ.

තරගාවලිය පිළිබඳව සියලූම තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න, ThePapare.com සමඟම.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<