දෙවන තරඟයත් ජය පරාජයකින් තොරයි

364
Dimuth Karunaratne
Pic credit - The Guardian

පෙරේදා දිනය (14) නිමා වන විට ලෙයික්ස් කණ්ඩායම පන්දුවාර 80 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 304 ක ලබා සිටි අතර ඔවුන් ඊයේ (15) දිනයේ දී තවත් පන්දුවාර  20 ක් ක්‍රීඩා කරන ලදි.

ඔවුන් පන්දුවාර 100 ක් අවසානයේ කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 375 ක් ලබා සිටියදී තම ඉණිම අත්හිටුවීමට තීරණය කරන ලදි. තෝමස් ටේලර් 4 පහරවල් 8 ක් හා එක් 6 පහරක් සමඟ නොදැවී ලකුණු 87 ක් හා රොබට් ටේලර් නොදැවී ලකුණු 37 ක් ලබා ගන්නා ලදි. ඒ වන විට ලෙයික්ස් කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉණිමට වඩා ලකුණු 8 ක ඉදිරියෙන් පසු විය.

දසුන් ශානක ශතකයක් අභියස

අනතුරුව තම දෙවන ඉණිම ආරම්භ කල ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 යි පන්දු 2 ක් අවසානයේ කඩුලු  4 ක් දැවී ලකුණු 200 ක් ලබා ගත් අතර අනතුරුව තම ඉණිම අත්හිටුවීමට තීරණය කරන ලදි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිමුත් කරුණාරත්න 4 පහරවල් 16 ක් සමඟ ලකුණු 100 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත්ව ගිය අතර, කෞෂාල් සිල්වා 4 පහරවල් 7 ක් සමඟ ලකුණු 43 ක් ද, නොදැවී ක්‍රීඩා කල ළහිරු තිරිමාන්න 4 පහරවල් 4 ක් හා එක් 6 පහරක් සමඟ නොදැවී ලකුණු 40 ලබා ගත් අතර නිරෝෂන් දික්වැල්ලට හා මිලින්ද සිරිවර්ධනට ලකුණු ලබැගැනීමට නොහැකි විය. තම ඉණිම අත්හිටුවන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 192 ක් ඉදිරියෙන් සිටි නමුත් එම තරඟයේ අවසන් දිනය (15) නිමාවීම නිසා තරඟය ජය පරාජයකින් තොරව අවසන් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු ටෙස්ට් තරඟය ලබන 19 වැනිදා සිට 23 වන දා දක්වා එංගලන්ත කණ්ඩායම සමඟ එංගලන්තයේ ලීඩ්ස් හිදී පැවැත්වීමට නියමිතය.

තවත් පුවත් සිංහලෙන් කියවන්න පිවිසෙන්න