හික්කඩුව සුමංගලයන් නැවතත් වික්‍රමාන්විත මෙහෙයුමක් අවසන් කරයි

44
U19 Div II Tier B Champion Sri Sumangala College

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇතිව  සංවිධානය කරන ලද අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ 2 වැනි පෙළ Tier B කොටසේ දෙදින තරගාවලියේ 2026 වසරේ ශූරයන් බවට පත් වූයේ හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයයි.

ලත් මෙම ජයග්‍රහණයත් සමඟින් පිට පිට වසර ද්විත්වයක දී ශූරතා 4කට හිමිකම් කීමට ඔවුන් සමත් වීම කැපි පෙණුනා.

>>හික්කඩුව සුමංගලයන්ගේ විජයග්‍රාහී වික්‍රමාන්විතය<<

ඔවුන් 2024/2025 තරග වාරයේ දී වයස අවුරුදු 19න් පහළ තෙවැනි කොටසේ Tier  A කාණ්ඩයේ දෙදින තරගාවලියේ සේ ම එක්දින තරගාවලියේ ද ශූරයන් බවට පත් වෙනවා.

ඊට පසුව 2025/2026 තරග වාරයේ දී දෙවැනි කොටසේ Tier  B වටයට පිවිසෙන ඔවුන් තමන් තරගාවලියට එක් වූ පළමු වාරයේ දී ම එක්දින ශූරයන් බවට පත් වීමට සමත් වෙනවා.

ඉන් අනතුරුවයි ඔවුන් මෙවර ශූරතාව දිනා ගන්නේ.

මෙවර තරගාවලියේ ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයේ ජයග්‍රාහී ගමන් මඟ
  ප්‍රතිවාදීන් තරගයේ ප්‍රතිඵලය
1 හරිස්චන්ද්‍ර විද්‍යාලය, මීගමුව ශ්‍රී සුමංගල විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 61ක ජයක්.
2 CMS ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය, කෝට්ටේ ශ්‍රී සුමංගල විද්‍යාලයට ලකුණු 23ක ජයක්.
3 ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය ශ්‍රී සුමංගල විද්‍යාලයට කඩුලු 8ක ජයක්.
4 පී. ද එස්. කුලරත්න විද්‍යාලය, අම්බලන්ගොඩ ශ්‍රී සුමංගල විද්‍යාලයට කඩුලු 2ක ජයක්.
5 අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය ශ්‍රී සුමංගල විද්‍යාලයට ලකුණු 5ක ජයක්.
6 ක්‍රිස්තු රාජ විද්‍යාලය, ජා ඇල ක්‍රිස්තු රාජ විද්‍යාලයට කඩුලු 2ක ජයක්.
7 හේනේගම මධ්‍ය මහා විද්‍යාලය ශ්‍රී සුමංගල විද්‍යාලයට ලකුණු 150ක ජයක්.
8 අසෝක විද්‍යාලය, කොළඹ ශ්‍රී සුමංගල විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 73ක ජයක්.
  අර්ධ අවසන් පූර්ව වටය
9 රේවත විද්‍යාලය, බලපිටිය ශ්‍රී සුමංගල විද්‍යාලයට ලකුණු 206ක ජයක්.
  අවසන් පූර්ව වටය
10 CMS ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය, කෝට්ටේ ශ්‍රී සුමංගල විද්‍යාලයට ලකුණු 188ක ජයක්.
  අවසන් මහා තරගය
11 ක්‍රිස්තු රාජ විද්‍යාලය, ජා ඇල ශ්‍රී සුමංගල විද්‍යාලයට කඩුලු 10ක ජයක්.

ඔවුන් ලත් මෙම ජයග්‍රහණයේ දී දකුණතින් පිට දඟ පන්දු යැවූ තරුන් දම්සිත් නිමා වූ මෙම තරගාවලියේ දී කඩුලු 81ක් ලබා ගන්නා ලද අතර ඔහු තමන් සහභාගී වූ අවසන් තෙදින තරග ත්‍රිත්වයේ දී පමණක් කඩුලු 33ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.

එමෙන් ම ඔහු නිමා කරන ලද Traditional තරගත් සමඟ නිමා වූ මෙම තරග සමයේ දී කඩුලු 115ක් දවා ගන්නා ලද අතර ඔහු ඊට පෙර වසරේ දී ද කඩුලු 101ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වීමට සමත් වීම කැපී පෙණුනා.

අර්ධ අවසන් පූර්ව වටය

පළමු වටය අවසානයේ ඔවුන් අර්ධ අවසන් පූර්ව වටය සඳහා එක් වෙන්නේ බලපිටිය රේවත විද්‍යාලය සමඟ තරගයටයි. මග්ගොන Surrey Village ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී සුමංගල විද්‍යාලය ලකුණු 92කට දැවී යන අතර එහි දී රේවත විද්‍යාලය ලකුණු 116ක් ලබා ගනිමින් පළමු ඉනිමේ දී ඉදිරියට පැමිණෙනවා.

ලකුණු 24ක් පිටුපස සිටිමින් 2 වැනි ඉනිමට පිටියට පිවිසි ශ්‍රී සුමංගල විද්‍යාලය එවර කඩුලු 9ක් දැවී 327ක් ලබා ගනිමින් ඉනිම අත් හිටුවන අතර ඒ වෙද්දී ඔවුන් ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 303ක් ඉදිරියෙන් සිටියා.

ඒ වෙද්දී තරගයේ පළමු ඉනිමේ වාසිය හිමි කර ගෙන සිටි රේවත විද්‍යාලයීය ක්‍රීඩකයන්ට මේ අසීරු ඉලක්කය පසු කරමින් හෝ තරගය විසඳුමකින් තොරව අවසන් කර ගන්නේ නම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකියාව තිබුණා. නමුත් ඔවුන්ට එම අවස්ථාව මඟ හැරෙන්නේ ප්‍රතිවාදීන් ඔවුන් ව ලකුණු 97කට සීමා කිරීමත් සමඟිනුයි.

මෙම තරගයේ දී ජයග්‍රාහී ශ්‍රී සුමංගල විද්‍යාලය වෙනුවෙන් දකුණතින් පිට දඟ පන්දු යැවූ තරුන් දම්සිත් තරගයේ දී ලකුණු 61කට කඩුලු 12ක් දවා ගනිමින් පන්දු යවන්නන් අතුරින් කැපී පෙණෙන මෙහෙවරක නිරත වූ අතර පිතිකරුවන් අතුරින් මාදන් සුජිදරන් 2 වැනි ඉනිමේ දී පන්දු 171කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 86ක් ලබා ගනිමින් ද සහ ඊට අමතර ව එම ඉනිමේ දී ම අවසන් පිතිකරුට පෙර පිටියට පිවිසි සංජන නෙතුපුල් පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 10ක සහ හයේ පහරක් සමඟින් ලකුණු 67ක් ද ලබා ගනිමින් මතක හිටින ඉනිම් ක්‍රීඩා කරනවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

කාසියේ වාසිය – රේවත විද්‍යාලය

ශ්‍රී සුමංගල විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 92 (23.5) පවනි නිරුක්ෂාන් 27, ජැක් ශාක්‍ය 3/47, අමීෂ උපාද්‍ය 4/14, කලන චමෝද් 3/09

 

රේවත විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 116 (32.2) ජැක් ශාක්‍ය 60, ලතීන්ද්‍ර ආකාශ් 2/43, තරුන් දම්සිත් 7/23

 

ශ්‍රී සුමංගල විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 327 (82.0) චමුදු දහනායක 23, කෞශල්‍ය සාරංග 36, මාදන් සුජිදරන් 86, තරුන් දම්සිත් 20, ජමිත් මදුභාෂණ 42, සංජන නෙතුපුල් 67, කලන චමෝද් 4/85, සුදේශ් මල්සර 2/41,

 

රේවත විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 97 (31.2) අමීෂ උපාද්‍ය 24, තරුන් දම්සිත් 5/38, සංජන නෙතුපුල් 4/18

හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයට ලකුණු 206ක ජයක්.

අවසන් පූර්ව වටය

කටාන DHH ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී ප්‍රතිවාදීන් වූයේ පළමු වටයේ දී හමු වූ කෝට්ටේ CMS ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයි. එම තරගයෙන් ලකුණු 23ක ජයග්‍රහණයක් ලබා ගත් ශ්‍රී සුමංගල විද්‍යාලයීය ක්‍රීඩකයෝ මෙම තීරණාත්මක තරගයේ දී ද ලකුණු 188ක ජයග්‍රහණයක් ලබා ගනිමින් අවසන් මහා තරගය සුදුසුකම් ලබා ගත්තා.

පැවැති මෙම තරගයේ දී නැවත වතාවක් පන්දු යැවීමේ දී දක්ෂතා දැක් වීමට තරුන් දම්සිත් සමත් වුණා. ඔහු තරගයේ දී ලකුණු 58කට කඩුලු 8ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

කාසියේ වාසිය – CMS ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය

ශ්‍රී සුමංගල විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 171 (46.3) කොශල්‍ය සාරංග 23, චමත්ක කවීශාන් 45, මාදන් සුජිදරන් 52, ජමිත් මදුභාෂණ 22, නිශිත් ෂෙහෙංක 3/44, මනුත් මල්සුක 3/21, පසිඳු පිංසර 2/05

 

CMS ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 67 (21.5) මනුත් මල්සුක 19, ලතීන්ද්‍ර ආකාශ් 2/33, තරුන් දම්සිත් 6/10

 

ශ්‍රී සුමංගල විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 202 (52.3) කෞශල්‍ය සාරංග 27, සාරද මදුසංක 33, චමත්ක කවීෂ 42, මාදන් සුජිදරන් 27, පමෝද් නිම්සර 20, මනුත් මල්සුක 2/39, නිශිත් ෂෙහෙංක 4/69, පසිඳු පිංසර 2/41

 

CMS ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 118 (43.3) තුලන සෙතුම් 41, මනුත් මල්සුක 26, ලතීන්ද්‍ර ආකාශ් 2/15, තරුන් දම්සිත් 2/48, සංජන නෙතුපුල් 3/21, ශනුක දෙනුවන් 2/30

හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයට ලකුණු 188ක ජයක්.

අවසන් මහා තරගය

කොළඹ ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී ද ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයට හමුවෙන්නේ පළමු වටයේ දී ද හමු වූ මීගමුව ක්‍රිස්තු රාජ විද්‍යාලයයි. එම තරගයේ දී ඔවුන්ට ප්‍රතිවාදීන් වෙතින් කඩුලු 2ක පරාජයකට මුහුණ දෙන්නට සිදු වෙනවා.  එම තරගයේ දී ලත් පරාජය හේතුවෙන් තරගාවලියේ ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයට ඔවුන්ගේ අපරාජිත බව ගිලිහුණා. එබැවින් මෙම තීරණාත්මක තරගයට ඔවුන්ට සහභාගී වෙන්නට සිදු වෙන්නේ අලුත් ම සැලසුම් සහිතවයි.

ඒ අනුව ඔවුන් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 226ක් ලබා ගන්නා ලද අතර ප්‍රතිවාදී ක්‍රීඩකයෝ ලකුණු 61කට සීමා කිරීමට ද ඔවුන් සමත් වෙනවා. ඒ අනුව ඔවුන් සතුව තවත් ලකුණු 165ක් ඉතිරි වන අතර එම ඉලක්කය සපුරා ගන්නා ලෙස ප්‍රතිවාදීන්ට නැවත වතාවක් පිට පිට පන්දුවට පහර දීමට ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ ආරාධනා කරනවා.

එවර ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 176ක් ලබා ගැනීමට සමත් වෙනවා. ඒ අනුව ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයට තම ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 12ක් අවශ්‍ය වන ඔවුන් එම කඩඉම කිසිවෙක් නොදැවී සපුරා ගන්නවා.

මෙම තරගයේ දී ද සුපුරුදු ලෙසින් තරුන් දම්සිත් ලකුණු 60කට කඩුලු 13ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා. පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දක්වන ඔහු පළමු ඉනිමේ දී පන්දු 103කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 52ක් ලබා ගන්නවා.

ඊට අමතර ව ශනුක දෙනුවන් පන්දු 128කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 61ක් ද සහ පවනි නිරුක්ශාන් පන්දු 19ක දී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 43ක් ලබා ගන්නවා

අවසන් මහා තරගයේ කෙටි ලකුණු පුවරුව

කාසියේ වාසිය – ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය

ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 226 (60.4) පවනි නිරුක්ෂාන් 43, තරුන් දම්සිත් 52, ශනුක දෙනුවන් 61, සංජන නෙතුපුල් 20, ලහිරු ලක්මාල් 6/83, ප්‍රමෝද් චාමික 3/23

 

ක්‍රිස්තු රාජ විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 61 (22.4) විහඟ දිලුම් 16, ලතීන්ද්‍ර ආකාශ් 3/17, තරුන් දම්සිත් 5/08, සංජන නෙතුපුල් 2/19

 

ක්‍රිස්තු රාජ විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 176 (42.4) ලහිරු ලක්මාල් 93, අවිශ්ක නිර්මාල් 51, තරුන් දම්සිත් 8/52

 

ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 15 (1.5)

හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයට කඩුලු 10ක ජයක්.

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<