කෝට්ටේ CMS ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය සහ කෝට්ටේ සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන කෝට්ටේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සමගාමීව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 92ක ජයග්‍රහණයක් ලබා ගැනීමට CMS ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය සමත් වුණා.
දෙවිදුහල් අතර ඊට පෙර පැවැති 47 වැනි කෝට්ටේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් ද ජයග්‍රහණය කළේ CMS ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයයි.
කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී (25) පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් CMS ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත තෝමස් විද්‍යාලය සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 158ක් පමණක් වන අතර ඊට පිළිතුරු ලෙසින් CMS ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 159ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරනවා.
CMS ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
ටලීෂ සිල්වා (නායක), අංජන නිදුශ, නිශිත් ශෙහෙංක, තුලන සෙතුම්, ප්‍රමෝදර සත්සර, රුසිරු රිශ්මිත, මනුත් මල්සුක, කෞශල්‍ය දනංජය (කඩුලු රකින්නා), පසිඳු පිංසර, චනුක විජේනායක සහ රනුක සංදීප්.
සාන්ත තෝමස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
නිදුශාන් කවීෂ (නායක), අමීෂ ෂෙනෝන්, ඩිලේන් ෆ්‍රෑන්ක්, චමිඳු රන්සර, නෙත්සර කාව්‍ය, අවිනාශ් පෙරුමාල්, දිමිත්‍රි ඇන්තනී, පහන් ඒකනායක, සදිල් පෙර්රා (කඩුලු රකින්නා), ආකාශ් දෙනෙත් සහ තරිඳු රංජක.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත තෝමස් විද්‍යාලයීය ඉනිමේ පළමු කඩුලු 6 ලකුණු 58කට දැවී ගොස් තිබිය දී පිටියට පිවිසි සදිල් පෙරෙරා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 41ක් ලබා ගන්නවා.
ඔහු පහන් ඒකනායක සමඟ එක් ව 7 වැනි කඩුල්ලට පන්දු 70ක දී ලකුණු 37ක සබඳතාක් ඒක් කරමින් සාන්ත තෝමස් ඉනිම තරමක් තර කරනවා. එහි දී පහන් ඒකනායක පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 12ක් ලබා ගත්තා.
ඉන් අනතුරු ව සදිල් පෙරේරා, නායක නිදුශාන් කවීෂ සමඟ එක් වෙමින් 9 වැනි කඩුල්ලට පන්දු 92ක දී ලකුණු 55ක සබඳතාවක් ද ගොඩ නැගීමට සමත් වෙනවා. සාන්ත තෝමස් ඉනිම අවසන් වන විට නිදුශාන් කවීෂ පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 27ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී මනුත් මල්සුක, නිශිත් ශෙහෙංක සහ රනුක සංදීප කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නා ලද අතර ඊට අමතර ව චනුක විජේනායක, ටලීෂ සිල්වා, රුසිරු රිශ්මිත සහ පසිඳු පීංසර කඩුල්ල බැගින් දවා ගන්නවා.
- ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය කෝට්ටේ සටන ජය ගනී
- පළමු දිනයේ ගෞරවය CMS කණ්ඩායමට
- රාජකීය විද්‍යාලය Mustangs කුසලානය දිනා ගනී
- ආදරවන්ත තෑගි මේසය ම රිච්මන්ඩ්වරුන්ට
- ශ්‍රී සුමංගල විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනී
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි CMS ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයීය ඉනිමේ පළමු කඩුලු ලකුණු 19ක දී අහිමි වූව ද 2 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43ක දී ලකුණු 38ක සබඳතාවක් එක් කිරීමට නිශිත් ශෙහෙංක සහ තුලන සෙතුම් (10) සමත් වෙනවා.
එම කඩුල්ලෙන් අනතුරු ව ඉනිමේ 4 වැනි කඩුල්ලට නිශිත් ශෙහෙංක දැවී යන විට පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 35ක් ලබා සිටියා. ඔහු එම කඩුල්ලට රුසිරු රශ්මිත සමඟ එක් වෙමින් පන්දු 61ක දී ලකුණු 51ක සබඳතාවත් ද ගොඩ නගනවා.
රුසිරු රශ්මිත ඉනිමේ 5 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 54ක් ලබා සිටියා.
තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී නායක ටලීෂ සිල්වා (11) සහ මනුත් මල්සුක (3) නොදැවී පිටියේ රැඳී සිටියා.
කඩුලු දවා ගැනීමේ දී නිදුශාන් කවීෂ ලකුණු 53කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව දිමිත්‍රි ඇන්තනී සහ තරිඳු රංජක කඩුල්ල බැගින් බෙදා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- සාන්ත තෝමස් විද්‍යාලය – සියලුම දෙනා දැවී 158 (46.2) සදිල් පෙරේරා 41, නිදුශාන් කවීෂ නොදැවී 27, රනුක සංදීප් 2/25, මනුත් මල්සුක 2/13, නිශිත් ශෙහංක 2/20
- CMS ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය – කඩුලු 5ක් දැවී 159 (31.4) නිසිත් ශෙහංක 35, රුසිරු රිශ්මිත 54, නිදුශාන් කවීෂ 2/53
CMS ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයට කඩුලු 5ක ජයක්.
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















