2026 IPL තරගාවලියේ 27 වැනි තරගය ලෙස Sunrisers Hyderabad කණ්ඩායම සහ Chennai Super Kings කණ්ඩායම් ඊයේ (18) දිනයේ තරග බිමට පිවිසුණා.
මෙම තරගයේ දී එශාන් මාලිංග සුපුරුදු පරිදි Sunrisers Hyderabad කණ්ඩායම නියෝජනය කරමින් තරගයට සහභාගී වෙමින් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වීම විශේෂත්වයක්.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් Sunrisers Hyderabad කණ්ඩායම විසින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 194ක් ලබා ගැනීමට සමත් වූ අතර, මෙහි දී ඉනිමේ ආරම්භක පිතිකරු වූ Abhishek Sharma පන්දු 15ක් පමණක් වැය කරමින් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා.
Sharma විසින් මෙහි දී පන්දු 22 කින් ලකුණු 59ක් වාර්තා කිරීමට සමත් වූ අතර, Heinrich Klaasen විසින් ද ඉනිමේ මැද පෙළ ශක්තිමත් කරමින් තවත් ලකුණු 59ක් වාර්තා කිරීමට සමත් වුනා.
මෙහි දී Chennai Super Kings වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක් වූ Jamie Overton සහ Anshul Kamboj කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වුනා.
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
- වනිඳු සහ මහීෂ් රාජස්තානයට
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
- පාකිස්තානය දවා ගැනීමට විශ්වගෙන් වැඩි දායකත්වයක්
Sunrisers කණ්ඩායම විසින් ලබා දුන් ඉලක්කය හඹා යාම වෙනුවෙන් පසුව Chennai පිතිකරුවන් පිටියට අවතීර්ණ වූ අතර, ඔවුන් සිය ඉනිම සඳහා ඉතා වේගවත් ආරම්භයක් ලබා ගැනීමට සමත් වුනා.
මෙහි දී යොවුන් ක්‍රීඩක Ayush Mhatre පන්දු 13කින් ලකුණු 30ක් ලබා ගැනීමත් සමඟ ඔවුන් පන්දුවාර 4 පන්දු 4ක් පමණක් වැය කරමින් ලකුණු 66ක් වාර්තා කිරීමට සමත් වුනා.
මේ මොහොතේ Ayush Mhatre පිටියෙන් ඉවත් කිරීමට Nitish Kumar Reddy සමත් වූ අතර, ඉන් පසුව තරගයේ 06 වැනි පන්දුවාරය යොමු කිරීමට පැමිණි එශාන් මාලිංග විසින් CSK නායක Ruturaj Gaikwad දවා ගැනීමට සමත් වුනා.
එතැන් සිට Chennai ක්‍රීඩකයින් නැවත ඉනිම ගොඩ නගමින් ඉනිමේ 11 වැනි පන්දු වාරය වන විට ලකුණු 112 සීමාවට පැමිණීමට සමත් වූ අතර, මේ මොහොතේ නැවත ක්‍රියාත්මක වූ මාලිංග විසින් Sarfaraz Khan දවා ගනිමින් තරගයේ සම්පූර්ණ වාසිය SRH වෙතට හැරවීමට සමත් වුනා.
එතැනින් පසුව CSK පිතිකරුවන්ට නැවත තරගය ජය ගැනීමට කිසිදු අවකාශයක් ලබා නොදුන් SRH පන්දු යවන්නන් විසින් නියමිත පන්දුවාර 20 තුළ Chennai ඉනිම ලකුණු 184කට සීමා කිරීමට සමත් වුනා.
ඒ වන විට Chennai ඉනිමේ කඩුලු 08ක් බිඳ වැටී තිබූ අතර, එම දැවී ගිය කඩුලු 08න් තුනක්ම එශාන් මාලිංග සතු වුනා.
තරගයෙන් Sunrisers Hyderabad කණ්ඩායම ලකුණු 10ක ජයක් හිමි කර ගනිද්දී, තරගයේ වීරයා ලෙස සම්මාම දිනාගත් එශාන් මාලිංග විසින් සිය පන්දුවාර 04 තුළ ලකුණු 29කට කඩුලු 3ක දක්ෂතාවක් දැක්වීමට සමත් වුනා.
එම ජයත් සමඟින් Sunrisers Hyderabad කණ්ඩායම තරගාවලි ලකුණු සටහනේ 04 වැනි ස්ථානයට පැමිණීමට ද සමත් වී තිබෙනවා.
දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















