මට කොහොම කොරෝනා හැදුණ ද දන්නේ නැහැ – Mickey Arthur

628
Mickey Arthur

ශ්‍රී ලංකා ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු Mickey Arthurට COVID-19 වැළඳී ඇති බව ඊයේ (3) අනාවරණය වූ අතර තමාට COVID-19 වැළඳුණේ කෙසේ දැයි තමා නොදන්නා බව Twitter පණිවිඩයක් නිකුත් කරමින් Arthur පවසා තිබුණා.

“මගේ සැප දුක විමසූ ඔබ සැමට ස්තුතියි. මට තාම විශ්වාස නැහැ මට කොහොමද COVID වැළඳුණේ කියලා. මොකද එංගලන්ත සංචාරයෙන් පස්සේ මම ලොකු දේවල් කළේ නැහැ මොකුත්. නමුත් මම ඔක්කොටම කියන්නේ පරිස්සමින් ඉන්න කියලා” 

පුහුණුකරු Mickey Arthur හා ශ්‍රී ලංකා පිතිකරු ලහිරු තිරිමාන්න යන දෙදෙනාටම COVID-19 වයිරසය වැළඳී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ පවසා සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

මේ දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා සූදානම් වෙමින් සිටිනවා. එම තරග සංචාරය එළඹෙන පෙබරවාරි 20 වැනිදා ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොදෙව් තරගාවලිය කල් දැමීම පිළිබඳවත් සාකච්ඡා කරමින් සිටින බව Times Of India වාර්තා කරනවා.

“බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට සූදානම් වන ශ්‍රී ලංකා මූලික සංචිතයට කළ PCR පරීක්ෂණවලින් ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු Mickey Arthur හා ශ්‍රී ලංකා පිතිකරු ලහිරු තිරිමාන්නට COVID-19 වයිරසය වැළඳී ඇති බවට තහවුරු වුනා” නිල නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබුණා.

ක්‍රීඩකයින් 36 දෙනෙකුගෙන් යුතු වුණු ශ්‍රී ලංකා සංචිතය කණ්ඩායම් තුනක් යටතේ පසුගිය සතියේ දී පුහුණුවීම් ආරම්භ කර තිබුණා.

Times of India ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<