මාලින්ද පුෂ්පකුමාර පොලිස් ක්‍රීඩකයෝ අමාරුවේ දමයි

572

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී ඊයේ දවසේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වීමට මාලින්ද පුෂ්පකුමාර සමත් විය. ඔහු පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහි ව කඩුලු 5ක් දවා ගත්තේ ය.

ගාලු ක්‍රීඩකයෝ දෙවැනි තරගයත් ජය ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (16) පෙරවරුවේ පැවති තරග…

සී. සී. සී. සහ පොලිස් අතර තරගය (B කාණ්ඩය)

පනාගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 9ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සී. සී. සී. ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ සී. සී. සී. නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පොලිස් ක්‍රීඩකයන්ට සියලුම දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 60ක් පමණි. එම ඉනිම වෙනුවෙන් තරිඳු වීරසිංහ සහ සුපුන් මධුශංක ලකුණු 15 බැගින් රැස් කළ අතර අනෙක් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාවට ළඟා වීමට සී. සී. සී. පන්දු යවන්නෝ ඉඩ දුන්නේ නැත.

කඩුලු ලබා ගැනීමේ මාලින්ද පුෂ්පකුමාර ලකුණු 13කට කඩුලු 5ක් දවා ගනිමින් පොලිස් ක්‍රීඩකයෝ විනාශ කර දැමුවේ ය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි සී. සී. සී. ක්‍රීඩකයෝ පන්දු වාර 5ක් අවසානයේ දී අදාළ ඉලක්කය කඩුල්ලක් පමණක් දැවී සපුරා ගත්හ. එම ඉනිමේ දී ආරම්භක පිතිකරු ඩිල්ශාන් මුණවීර පන්දු 13ක දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 31ක් ලබා ගත්තේ ය. ඊට අමතරව නායක අශාන් ප්‍රියංජන් පන්දු 10ක දී හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 21ක් ලබා ගත්තේ ය.

පොලිස් ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 60 (14.2) තරිඳු වීරසිංහ 15, සුපුන් මධුශංක 15, මාලින්ද පුෂ්පකුමාර 5/13

සී. සී. සී. කණ්ඩායම; කඩුල්ලක් දැවී 61 (5) ඩිල්ශාන් මුණවීර නොදැවී 31, අශාන් ප්‍රියංජන් නොදැවී 21

මුවර්ස් සහ එස්. එස්. සී. අතර තරගය (A කාණ්ඩය)

කොළඹ බී. ආර්. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මුවර්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් එස්. එස්. සී. ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 143ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් මුවර්ස් ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 124ක් ලබා ගත් හ. ඒ පන්දුවාර 17කට ය.

Photos: Moors SC vs SSC – Major T20 Tournament 2018/19

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම අවස්ථාවේ තරගය නතර කළ අතර ඉන් පසුව තරගය ආරම්භ කිරීමේ සුදුසු තත්ත්වයක් නොවුණි. ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ඒ වෙද්දී ඉලක්කය වී තිබුණේ කඩුලු 4කට ලකුණු 116කි. ඒ අනුව එම ලකුණු සංඛ්‍යාව අභිබවා ගොස් තිබීම හේතුවෙන් මුවර්ස් ක්‍රීඩකයන්ට ජය හිමි විය.  

පිළිතුරු ඉනිමේ දී නායකත්වයෙක් ඉනිමක් ක්‍රීඩා කළ ඉරෝෂ් සමරසූරිය පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 47ක් ලබා ගත්තේ ය. චාමර සිල්වා ලබා ගත් ලකුණු සංඛ්‍යාව 34කි.

එස්. එස්. සී. කණ්ඩායම; කඩුලු 9ක් දැවී 143 (20) සඳුන් වීරක්කොඩි 45, තරිඳු රත්නායක 24, ජෙෆ්රි වැන්ඩර්සේ නොදැවී 22, අදීශ තිලාංචන 3/22, නිමන්ද සුබසිංහ 2/25, චනුක් ඩිල්ශාන් 2/15

මුවර්ස් ක්‍රීඩා සමාජය; කඩුලු 4ක් දැවී 124 (17) චරිත කුමාරසිංහ 25, ඉරෝෂ් සමරසූරිය 47, චාමර සිල්වා 34, ජෙෆ්රි වැන්ඩර්සේ 2/47

ස්ටේන්ගේ බාධා කිරීම් හමුවේ කුසල් පෙරේරාගෙන් නොපසුබට උත්සාහයක්!

විස්සයි විස්ස තරගයකටත් වඩා උණුසුම් අයුරින් ගලා යන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු පළමු ටෙස්ට්…

හලාවත මේරියන්ස් සහ කළුතර ටවුන් සමාජය අතර තරගය(B කාණ්ඩය)

කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 64ක ජයග්‍රහණයක් ලබා ගැනීමට හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ හලාවත මේරියන්ස් නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිස කඩුලු 6ක් දැවී ලකුණු 177ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් නායක හර්ෂ කුරේ පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 51ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ආරම්භක පිතිකරු යසෝද ලංකා පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 44ක් ලබා ගත්තේ ය.

Photos: Chilaw Marians CC vs Kalutara TC | Major T20 Tournament 2018/19

පිළිතුරු ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 113ක් වූ අතර එම ඉනිමේ දී ගීත් පෙරේරා ලකුණු 32ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. කඩුලු බිඳ දැමීමේ දී නිමසර අතරගල්ල සහ පුලින තරංග කඩුලු 3 බැගින් දවා ගත් හ.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; කඩුලු 6ක් දැවී 177 (20) යසෝද ලංකා 44, තික්ෂිල ද සිල්වා 28, හර්ෂ කුරේ නොදැවී 51, රොෂාන් ජයතිස්ස 24, ලක්ෂාන් 2/36, ගීත් පෙරේරා 2/15

කළුතර ටවුන් සමාජය; කඩුලු 9ක් දැවී 113 (20) ගීත් පෙරේරා 32, විශාල් අමුගොඩ 31, මතීෂ පෙරේරා නොදැවී 25, නිමසර අතරගල්ල 3/21, පුලින තරංග 3/26

රාගම සහ වරාය අධිකාරිය අතර තරගය (C කාණ්ඩය)

කොළඹ බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී පැවති මෙම තරගයෙන් අවසාන පන්දුවේ දී පෑ දක්ෂතාව හේතුවෙන් කඩුලු 2ක ජයග්‍රහණයක් ලබා ගැනීමට රාගම ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ වරාය අධිකාරිය ක්‍රීඩකයෝ තමන් ම පළමුවෙන් පන්දුවට පහර දීමට පිවිසි කඩුලු 8ක් දැවී ලකුණු 163ක් ලබා ගත් හ. එම ඉනිම වෙනුවෙන් ද අදීශ නානායක්කාර පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 65ක් ලබා ගත්තේ ය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි රාගම ක්‍රීඩකයෝ අවසන් පන්දුව දක්වා ම සටන් කරමින් තරගය ජයග්‍රහණය කළහ. එහි දී සුපේෂල ජයතිලක පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 68ක් ලබා ගත්තේ ය.  

වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය; කඩුලු 8ක් දැවී 163 (20) යොහාන් ද සිල්වා 33, ප්‍රිමෝෂ් පෙරේරා 28, අදීශ නානායක්කාර 65, ඉෂාන් ජයරත්න 2/37, අමිල අපොන්සු 2/18, ජනිත ලියනගේ 2/12

රාගම ක්‍රිකට් සමාජය: කඩුලු 8ක් දැවී 164 (20) රොෂේන් සිල්වා 31, සුපේෂල ජයතිලක 68, හෂාන් විමර්ශන 3/28

75 ඇරඹි එක්දින ලෝක කුසලානයේ සිංහ දස්කම්

70 දශකයේ ආරම්භයත් සමඟම ඇරඹුණු එක්දින ක්‍රිකට් තරග රටාව ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණයට…

ටැමිල් යූනියන් සහ ලංකන් අතර තරගය (D කාණ්ඩය)

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ සමත් වෙති.

කාසියේ වාසිය දිනා ගත් ටැමිල් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස කඩුලු 7ක් දැවී ලකුණු 171ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් කිත්රුවන් විතානගේ පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර දෙකක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තේ ය.

Photos: Tamil Union C & AC vs Lankan CC | Major T20 Tournament 2018/19

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ලංකන් ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් එස්. කංකානන්ගේ පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 55ක් ලබා ගත්තේ ය.

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; කඩුලු 8ක් දැවී 178 (20) දිනුක් වික්‍රමනායක 38, කිත්රුවන් විතානගේ 58, චන්දුල වීරරත්න 2/33, චානක දේවින්ද 2/32, ගීත් කුමාර 2/30

ලංකන් ක්‍රිකට් සමාජය; කඩුලු 7ක් දැවී 171 (20) සජන ද සිල්වා 22, එස්. කංකානන්ගේ නොදැවී 55, චානක රුවන්සිරි 31, ජීවන් මෙන්ඩිස් 2/31

බී. ආර්. සී. සහ කැන්ඩි කස්ටම්ස් අතර තරගය (D කාණ්ඩය)

කොළඹ සී. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට බී. ආර්. සී. ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ බී. ආර්. සී. නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කළහ. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 65ක් පමණි. එම ඉනිමේ ලකුණු 10ක් අභිබවා ගිය ක්‍රීඩකයන් තිදෙනෙක් සිටින අතර අනෙක් සියලුම දෙනාට ම එම සීමාව පසු කිරීමට වරම් නොලැබිණි.

පන්දු යැවීමේ දී භානුක රාජපක්ෂ ලකුණු 18කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි බී. ආර්. සී ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 68ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළ හ. එම ඉනිම වෙනුවෙන් ලසිත් ලක්ෂාන් පන්දු 22ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 25ක් ලබා ගත්තේ ය.

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 65 (16.5) විකුම් සංජය 2/13, භානුක රාජපක්ෂ 3/18, චමීර දිසානායක 2/11, ටී. එන්. සම්පත් 2/09

බී. ආර්. සී. කණ්ඩායම; කඩුලු 4ක් දැවී 68 (8.3) ලසිත් ලක්ෂාන් 26, සුමේද දිසානායක 2/08

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<