ජෝන් කීල්ස් පරාජයන් රැල්ලට තිත; HNB අපරාජිත බව අවසන්

30 වැනි සිංගර් වෙළඳසේවා ක්‍රිකට් තරගාවලිය 2023

1065

සිංගර් ශ්‍රී ලංකා ආයතනය සහ වෙළඳසේවා ක්‍රිකට් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වෙළඳසේවා ප්‍රිමියර් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 4ක් අද (22) ක්‍රියාත්මක වුනා. එහි දී ජෝන් කීල්ස්, හේලීස්, CL Synergy සහ Fairfirst කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කළා.

දිනයේ පැවති තරග 4 අතරම ඉතාමත් පහසුවෙන් ජය ගැනීමට ඒ ඒ කණ්ඩායම් සමත් වුනු අතර, මේ තරග කිහිපයකටම වර්ෂාවෙන් බාධා එල්ල වුනා.

මේ දක්වා තරග 4ක් ක්‍රීඩා කර තිබෙන Mode Engineering කණ්ඩායමට අද දිනය තුලත් පරාජය උරුම වුනු අතර එහි දී ඔවුන්ට එරෙහිව ක්‍රීඩා කළ ජෝන් කීල්ස් වෙනුවෙන් පසිඳු සූරියබණ්ඩාර අර්ධ ශතකයක් ලබාගෙන දස්කම් දැක්වූවා. ධනංජය ලක්ෂාන් ලකුණු 48*යි. ජෝන් කීල්ස්  මෙවර තරග වාරයේ තරග 4ක් තුල ලබා ගත් පළමු ජයග්‍රහණය මෙයි වීම කැපී පෙනුණා.

ටී. එම්. සම්පත්ගේ කඩුලු 6ක පෙරළිකාර පන්දු යැවීම නිසාවෙන් CDB A කණ්ඩායමට එරෙහිව ලකුණු 69ක දැවැන්ත ජයක් ලබා ගැනීමට Hayleys Group A කණ්ඩායමට හැකි වුනා. එහි දී CDB වෙනුවෙන් ලසිත් කෘස්පුල්ලේ ලබා ගත් ලකුණු 46 හැරෙන්නට අනෙක් එකඳු පිතිකරුවෙක් හටවත් සාර්ථක වීමට හැකි වුනේ නැහැ.

මේ දක්වා තරග 3ක් ක්‍රීඩා කරමින් අපරාජිතව සිටි එකම කණ්ඩායම වූ HNB A අපරාජිත බව අහිමි කිරීමට Fairfirst Insurance සමත් වුනා. ඒ අනුව ඔවුන් දැනට මෙම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දිනා ගෙන සිටිනවා.

මේ තරගයේ දී Fairfirst ක්‍රීඩක අශෙල් සිගේරා නොදැවී ලකුණු 82*ක් ලබා ගන්නා විට, අනුක් ප්‍රනාන්දු ලකුණු 65ක් ලබා ගත්තා.  එසේම පන්දු යැවීමේ දී HNBට එරෙහිව කඩුලු 5ක් දවා ගන්නට තනුක දාබරේ සමත්කම් දක්වන විට, අසිත වන්නිනායක HNB වෙනුවෙන් අර්ධ ශතකයක් ලබා ගත්තා.

BBK Partnership කණ්ඩායමට එරෙහිව සහන් ආරච්චිගේ සහ අවිශ්ක තරිඳු අර්ධ ශතක ලබා ගත් මේ තරගයේ දී CL Synergy Limited කණ්ඩායම ලකුණු 276ක් ලබා ගත්තා. එයට පිළිතුරු දුන් BBK Partnership කණ්ඩායම සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 177ක් පමණයි.

Mode Engineering – 167 (35.3): නිරෝෂන් දික්වැල්ල 32, එශාන් මාලිංග 3/34, දුනිත් වෙල්ලාලගේ 2/17, රවීන් සේයර් 2/22

John Keels A – 170/4 (27.3): පසිඳු සූරියබණ්ඩාර 56, ධනංජය ලක්ෂාන් 48*, අශාන් ප්‍රනාන්දු 2/17

John Keels Aට කඩුලු 6ක ජයක්


Hayleys Group A – 160 (31): නුවනිඳු ප්‍රනාන්දු 44, ලහිරු සමරකෝන් 25*, අවිශ්ක ප්‍රනාන්දු 24, මුදිත ලක්ෂාන් 2/07, තරිඳු රත්නායක 2/17, නිම්සර අතරගල්ල 2/55

CDB A – 91 (22.5): ලසිත් කෘස්පුල්ලේ 46, ටී. එම් සම්පත් 6/13, සන්තුෂ් ගුණතිලක 2/26

Hayleys Group Aට ලකුණු 69ක ජයක්.


CL Synergy Limited – 276/8 (50): සහන් ආරච්චිගේ 65, අවිශ්ක තරිඳු 55, නවෝද් පරණවිතාන 40, සොනාල් දිනූශ 39, අරුල් ප්‍රගාෂ් 4/33

BBK Partnership – 177 (43.5): ඉම්තියාස් ස්ලාසා 40, ශෙරන් ෆොන්සේකා 35, දිලුම් සුදීර 3/19, සොනාල් දිනූශ 2/19

Cl Synergy Limitedට ලකුණු 99ක ජයක්.


Fairfirst Insuarance – 271/5 (43): අශෙල් සිගේරා 82*, අනුක් ප්‍රනාන්දු 65, වනුජ කුමාර 39*, චමිඳු විජේසිංහ 3/54

HNB A – 198 (38.3): අසිත වන්නිනායක 55, ජනිෂ්ක පෙරේරා 36, තනුක දාබරේ 5/46

Fairfirst Insuaranceට ලකුණු 73ක ජයක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<