මීළඟ ටෙස්ට් පරපුරට ස්ටෙයින් ලබා දුන් පණිවිඩය

432
©yahoo news

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පහල වූ බිහිසුණුම වේගපන්දු යවන්නෙකු ලෙස සැලකිය හැකි ඩේල් ස්ටෙයින්, ටෙස්ට් පිටියට සමුදෙන බව පසුගිය අගෝස්තු 05 වැනිදා තහවුරු කිරීමෙන් පසුව සමාජ මාධ්‍ය තුළින් ඒ ගැන අදහස් පලකොට තිබුණා.

විශ්‍රාම ගැනීම ගැන කුමක් කියන්නට දැයි තමන්ට නොතේරෙන බව ඔහු එහි සටහන් කොට තිබුණා.

මාර ගමනක්. පහුගිය දවස් දෙකේ දී කරුණාවන්ත මැසේජස් එවපු හැමෝටම ඉක්මනින් ස්තුති කරන්න ඕන. සරලවම ඒ මැසේජස් සහ සුබ පැතුම් පණිවිඩවලින් මගේ සතුට ඉතුරුනා. ස්තුතියි. කෙනෙක් විශ්‍රාම ගනිද්දී මොනවද කියන්න ඕන? රතු බෝලෙන් ක්‍රිකට් ගහපු අවුරුදු 15ක් ගැන කොහොම කෙටියෙන් කියන්න ද කියලා මම දන්නෙ නැහැ. අවංකවම ඒ ගැන කියන්න උත්සාහ කරන එකවත් කරන්න බැරි එකක්.” ස්ටෙයින් විසින් කියා තිබුනා.

Video – පන්දු දෝලනයේ සුල්තාන් – Wasim Akram

වසීම් අක්‍රම්………

මට මොනවද කියන්න පුළුවන්? හොඳම දවස් වල ඉඳන් නරකම දවස් වලටත් ඒ හැම තත්පරේකටම මම ආදරය කළා. ඒක පුදුමාකාරයි. සමහර විට මම දවසක ඒක පොතකට ඇතුළත් කරලා කියන්නත් පුළුවන්. මං හිතන්නෙ ඔබට ඒ වෙනකම් ඉන්න වෙයි. සුදු බෝලෙන් ක්‍රිකට් ගහන්න තියෙන අවුරුදු කිහිපයක් ගැන කිව්වොත්, 20-20 අඩු වැඩියත් හරි විනෝදයි.” ස්ටෙයින් තවදුරටත් කියනවා.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තත් එක්දින සහ 20-20 පිටියේ දී ඔහුව තවත් වසර කිහිපයක දී දැක ගැනීමේ වාසනාව අපට ඉතිරිව තිබෙනවා. ඔහු ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගැනීමට හේතුව ද සීමිත පන්දුවාර තරග සඳහා ශක්තිය ඉතිරි කරගැනීමේ අවශ්‍යතාවය විය හැකි වුනත් ඔහුගේ වැඩි ආදරය තවමත් තිබෙන්නේ ටෙස්ට් ක්‍රිකට් ගැන කියලයි ඔහු කියන්නේ.

මම ඉවත්ව යන්නේ මම වඩාත්ම ආදරය කළ ක්‍රිකට් රටාවෙන්. මට හිතෙන විදිහට ටෙස්ට් ක්‍රිකට් තමයි ක්‍රිකට් වල හොඳම රටාව. ඒක විසින් ඔබව මානසිකවත්, ශාරීරිකවත්, හැඟීම් අතිනුත් පර්යේෂණයට ලක්කරනවා.”  ඔහු එසේ කියනවා.

වර්තමාන ආධුනික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන් බොහෝ දෙනා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ අගය සහ කියවීම ගැන අවබෝධයකින් එය නරඹන බව පෙනෙන්නට නැහැ. එහෙත් ක්‍රිකට්ලෝලී බහුතරයක් තවමත් ටෙස්ට් ක්‍රිකට් රස විඳින්නට තරම් බුද්ධියක් සහ වාසනාවක් ඇති අයයි. මීට හොඳම උදාහරණය 2019 අළුබඳුන ක්‍රිකට් තරගාවලියේ දී ඕස්ට්‍රේලියාව විසින් තරගය කියවූ ආකාරය සහ ස්ටීවන් ස්මිත්ගේ සුපිරි පිතිකරණයයි.

නැවත උපන් ආදරය

ඔහු වසරකට පසු ටෙස්ට් පිටියට පිවිසෙන විට එංගලන්ත ………..

ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරන්නෙ නැහැ කියලා හිතන්නත් ටිකක් බය හිතෙනවා. ඒ බය වැඩි කරන්නේ ආයේ කවදාවත් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරන්නේ නැහැ කියලා හිතනකොට. ඉතින් එක්දින සහ 20-20 ක්‍රිකට් ක්‍රීඩා කරමින් මගේ උපරිමය ලබා දීලා, ක්‍රීඩා ජීවිතයේ පැවැත්ම තහවුරු කරගන්න එක ගැන තමයි මම අවධානය යොමු කරන්නේ.”

ටෙස්ට් කඩුලු 400කටත් වඩා වැඩි ප්‍රමාණයක හිමිකරුවෙකු ක්‍රිකට් ක්‍රීඩාවේ උසස්ම රටාව ගැන දරන මතය තමයි මේ. විවෘතව බැලීමේ දී සැබෑ ලෙසම ක්‍රිකට් ක්‍රීඩකයන්ව පර්යේෂණයට ලක්කරන්නේ ටෙස්ට් ක්‍රිකට් රටාව බව පැහැදිලියි. දින පහක්, ක්‍රිකට් තරගය කියවමින්, දිගු ඉනිම් ක්‍රීඩා කරමින්, එසේ ස්ථාවර වන පිතිකරුවන්ව දවා ගැනීමට සැලසුම් කරමින් ක්‍රීඩකයන් තරග වදින ටෙස්ට් ක්‍රිකට් රටාව ගැන කියවීමක් ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය බව ස්ටෙයින්ගේ අදහසින් ද පැහැදිලි වෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<