මතගැටුම් පසෙකලා ඉන්දියාව T20 ලෝක කුසලානයට සූදානම් වන ලකුණු

208

මෙම වසර අවසානයේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සංවිධාන සහ මෙහෙයුම් කටයුතු බාධාවකින් තොරව ක්‍රියාත්මක කරන අයුරු සාකච්ඡා කිරීම සඳහා ඊයේ (01) දිනයේ දී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් අතර විශේෂ හමුවක් පැවැත්විය.

එහි දී ඉන්දියාවේ තරග සංචාරය කිරීම සඳහා සියලුම කණ්ඩායම්වලට අවශ්‍ය කරන වීසා බලපත්‍ර නිකුත් කිරීම, රාජ්‍ය බඳු අයකිරීමේ විධිවිධාන වැනි නෛතිකමය කරුණු කාරණා සම්බන්ධයෙන් ඉදිරියේ දී ගනු ලබන ක්‍රියාමාර්ග කෙරෙහි දෙපාර්ශවයේම වැඩි අවධානයක් යොමුව තිබුණි.

මේ අතර පාකිස්තාන ක්‍රිකට් ආයතන ප්‍රධනී Ehsan Mani මහතා තම කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ සහායක කාර්‍ය මණ්ඩල නිළධාරීන් හට වීසා බලපත්‍ර ලබා ගැනීමේ දී යම් ගැටලුකාරී තත්වයක් ඇති විය හැකි බැවින් එය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ICCය වෙත ලිපියක් යොමු කරමින් සඳහන්කොට ඇති බව වාර්තා වේ. 

ඉන්දියාව සහ අසල්වැසි පාකිස්තානය අතර රාජ්‍යතාන්ත්‍රික මට්ටමින්  පවත්නා අර්බුදකාරී වතාවරණය හමුවේ 2013 වසරෙන් අනතුරුව මේ දක්වා කණ්ඩායම් දෙක අතර කිසිදු ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට නොහැකිව තිබීම ද විශේෂත්වයකි.

තවද ඉන්දීය රජය විසින් තරගාවලියේ සත්කාරකත්වය දැරීම සඳහා අවසර ලබා දීමත් සමඟම ඒ වෙනුවෙන් අයකිරීමට බලාපොරොත්තුවෙන් පසු වූ බඳු වර්ග කිහිපයක් ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡාවට බඳුන් විය.

තවත් ක්‍රිකට් පුවත්:

“BCCIය විසින් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා ඔවුන්ගේ පෙර සූදානම පිළිබඳව දැනුවත් කිරීමක් ඊයේ දිනයේ දී සිදු කළා. ඒ අතර බඳු අය කිරීමේ විධිවිධාන, වීසා නිකුත් කිරීම වැනි කාරණා සම්බන්ධයෙන් ඔවුන් ඉන්දීය රජය සමඟ පැවැත්වූ ධනාත්මක සාකච්ඡා පිළිබඳ සාරාංශයක් අපි වෙත ඉදිරිපත් කළා.  ඉදිරි මාසය ඇතුළත් මෙම ගැටලු සියල්ල නිරාකරණය කරන බව ඔවුන් අපට තහවුරු කර සිටියා” යනුවෙන් ICC විසින් නිකුත් කළ ප්‍රකාශයෙහි සටහන්ව තිබුණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<