ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩකයන් වන සීකුගේ ප්‍රසන්න සහ තිසර පෙරේරා පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය සඳහා මිලදී ගෙන තිබෙනවා. ඒ ඊයේ (28) පැවති අතිරේක ක්‍රීඩක වෙන්දේසියේදීයි.
පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ මෙම අතිරේක ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 24 දෙනෙකු ලැයිස්තුගත කර තිබුණා.
පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ 2021 තරගාවලිය පසුගිය මාර්තු මාසයේ දී ආරම්භ වූ නමුත් පැතිර ගිය කොරෝනා අවදානම නිසා තරගාවලිය තාවකාලිකව අත්හිටුවීමට තරගාවලි සංවිධායකයන් තීරණය කළා. ඒ ක්‍රීඩකයන්ට සහ සහය කාර්‍යමණ්ඩලයේ නිලධාරීන් කීපදෙනෙකුටම වයිරස ආසාදනය වීමෙන් පසුවයි. ඒ අනුව තරගාවලියේ පැවැත්වුණේ තරග 14ක් පමණයි.
කෙසේ වෙතත් තරගාවලිය නැවත ආරම්භ කිරීමට සූදානම් බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පසුගිය දා නිවේදනය කළා. ඉන් අනතුරුව ක්‍රීඩකයන් කීපදෙනෙකු වයිරස අවදානම සහ ගුවන් ගමන් පිළිබඳව වන ගැටලු නිසා තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කළා.
ඒ අනුව පුරප්පාඩු වන ක්‍රීඩක ස්ථාන සම්පූර්ණ කර ගැනීම සඳහා මෙලෙස අතිරේක ක්‍රීඩක වෙන්දේසියක් පැවැත්වීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබුණා.
තවත් ක්‍රිකට් පුවත් කියවන්න
- බංග්ලාදේශයේ දස්කම් ගැන Mominul සතුටින්
- ක්‍රිකට් කණ්ඩායම් 6ක් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට
- Covid නිසාවෙන් DC ප්රබලයෙකු IPL තරගාවලියෙන් ඉවත් වෙයි
- සියල්ලන් අභිබවා ගාල්ලේ පාසල් දෙකක් අවසන් මහා තරගයට
- Hayleys සහ HNB තියුණු ජයග්‍රහණ හිමිකර ගනියි
මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයන් විදෙස් 134 දෙනෙකු ලැයිස්තුගත කර තිබූ අතර එයට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 24 දෙනෙකු ඇතුළත් වුනා.
ඒ අනුව ඊයේ පැවති මෙම වෙන්දේසියේ දී සීකුගේ ප්‍රසන්න Lahore Qalanders විසින් මිලදී ගෙන තිබෙනවා. ඒ එම කණ්ඩායම නියෝජනය කළ එංගලන්ත ක්‍රීඩක Joe Deny තරගාවලියෙන් ඉවත් වීම නිසාවෙන්.
ඇෆ්ගනිස්තාන ක්‍රීඩක Mohammed Nabi Karachi Kings කණ්ඩායමෙන් ඉවත්වූ අතර ඔහුගේ පුරප්පාඩුව සඳහා තිසර පෙරේරා එක්කර තිබෙනවා.
අත්හැරදැමුණු තරගාවලියේ සෙසු තරග එළඹෙන ජුනි මාසයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එම සියලු තරග කරච්චි හි පැවැත්වෙනවා. මෙම සියලු තරග සඳහා සුවිශේෂී ජෛව ආරක්‍ෂිත වටපිටාවක් නිර්මාණය කර ඇති අතර එයට එංගලන්ත සමාගමක් දායකත්වය සපයනවා.
මැයි 23 වැනිදා වන විට සියලු කණ්ඩායම් සූදානම්ව සිටිය යුතු අතර ඉන් අනතුරුව ඔවුන් දින 7ක නිරෝධායන කාලසීමාවක් සඳහා යොමු කෙරෙනවා. ඉන් අනතුරුව ජුනි 2 වැනිදා තරගාවලිය ආරම්භ කරන අතර අවසන් මහා තරගය ජුනි 20 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඊයේ පැවති වෙන්දේසියේ දී එක් එක් කණ්ඩායම් විසින් මිලදී ගත් ක්‍රීඩකයන් මෙසේයි
Islamabad United:
- Usman Khawaja, Janneman Malan
Karachi Kings:
- Martin Guptill, Thisara Perera, Najeebullah Zadran, Litton Das
Lahore Qalandars:
- Shakib al Hasan, James Faulkner, Joe Burns, Callum Ferguson, Seekkuge Prasana
Multan Sultans:
- Mahmudullah, Rahmanullah Gurbaz, George Linde, Obed McCoy
Peshawar Zalmi:
- Fabian Allen, Rovman Powell, Fidel Edwards
Quetta Gladiators:
- Andre Russell