Kholiට ගෙදර වැඩ අමතක වෙයි. ABට හොඳම ළමයා සම්මානය!

324
Transferred

Dream 11 IPL තරගාවලියේ මෙතෙක් පැවති ප්‍රසාද ලකුණු සටහනේ කැපී පෙනෙන වෙනසක් සිදු කරමින් Royal Challengers Bangalore කණ්ඩායම පළමු කණ්ඩායම් දෙක අතරට පැමිණීමට සමත්ව තිබෙන්නේ Kolkata Knight Riders කණ්ඩායමට එරෙහිව වාර්තාගත ජයග්‍රහණයක් ද සනිටුහන් කරමිනි.

තම කණ්ඩායම මේ දක්වා ප්‍රදර්ශනය කළ හැකියා දක්ෂතාවන් සම්බන්ධයෙන් තමා ඉතාමත් තෘප්තිමත් වන බව සඳහන් කර සිටි නායක Virat Kohli වැඩිදුරටත්  පවසා සිටියේ මෙම ගොඩනඟා ගත් රිද්මය බිඳ වැටීමට ඉඩ ලබා නොදී අඛණ්ඩව පවත්වා ගතහොත් මෙවර ශූරතාව දිනා ගැනීම තම කණ්ඩායමට එතරම් අපහසු කර්තව්‍යයක් නොවන බවයි.

තවත් ක්‍රිකට් පුවත්: 

Kolkata කණ්ඩායමට එරෙහිව ලබා ගත් ජයග්‍රහණයෙන් අනතුරුව එම සතුට සැමරීමට තරමක විවේකී සුවයෙන් පුහුණුවීම් කටයුතුවල නියැලුණු RCB ක්‍රීඩකයින් සමූහ ඡායාරූපවලට පෙනී සිටිමින් තම සමාජ මාධ්‍ය ගිණුම් යාවත්කාලීන කිරීමට වැඩි උනන්දුවක් දැක්විය. 

මේ අතරින් නායක Virat Kholi ඔහුගේ පෞද්ගලික Instagram සහ Twitter ගිණුම්හී පළකොට තිබූ ඡායාරූපයක් කෙරෙහි ක්‍රීඩාලෝලීන්ගේ වැඩි අවධානයක් යොමුවී තිබුණේ නම් දැරූ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම ඊට හාස්‍යජනක සටහන් කිහිපයක් එක්කොට තිබූ නිසාවෙනි.

AB De Villiers, Devdutt Padikkal සහ Mohammed Siraj යන තම සඟයින් තිදෙනා සමඟ පෙනී සිටි එම ඡායාරූපය විස්තර කිරීම සඳහා Kohli යොදාගෙන තිබුණේ තරමක සිනහ උපදවන සුළු ප්‍රකාශයන් කිහිපයක් වීම මෙය ප්‍රේක්ෂකයින් අතර වඩාත් ජනප්‍රිය වීමට වඩාත් හේතුපාදක වූවා විය හැකියි.

“මේ පින්තූරය මාව ආපහු පාසල් කාලයට රැගෙන යනවා. AB තමයි දෙන ගෙදර වැඩ ඔක්කොම ඉවර කරලා පහුවදා ඉස්කෝලෙට ඉතාමත් ආඩම්බරෙන් එන ළමයා. අනිත් තුන්දෙනා තමයි වැඩ මුකුත් නොකර අමාරුවේ වැටිලා ඉන්න අසරණ ළමයි.”

විහිළුවට බර ඉතාමත් විනෝදකාමී චරිතයක් ලෙස කා අතරත් ජනප්‍රිය RCB කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නා වන Yuzvendra Chahal තමන් මෙම ඡායාරූපයට පෙනී නොසිටීම ගත් තීරණය සාධාරණීකරණය කරමින් සටහන් එක්කොට තිබුණේ මේ අයුරිනි. 

“මම දැනන් හිටයා කලින් ඉදලම ගෙදර වැඩ බලනවා කියලා. එක නිසාම තමයි මම ආවේ නැත්තේ.”

Devdutt Padikkalද තමන් වැඩ අවසන් කර පැමිණි බව සඳහන් කර සිටියත් Sunrisers Hyderabad කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක Rashid Khan ක්‍රීඩාලෝලීන් සියලු දෙනාම සිනහා සයුරේ ගිල්වමින් සටහනක් එක්කොට තිබුණේ Mohammed Sirajගේ හැසිරීම නම් තරමක් සැකසහිත බවයි.

“මට සැකයක් තියෙනවා Siraj ඉන්න විදියට අඩුම තරමේ ගෙදර වැඩක් දුන්නා කියලවත් දන්නවද කියලා!”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<