ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල තුරුම්පු

120

2019 ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් තරගාවලිය අද (13) ඉරානයේ ටෙහෙරාන් හිදී ආරම්භ වුනා. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ 20 වන වතාවට වීම විශේෂත්වයක්.

කාන්තා වොලිබෝල් කණ්ඩායමට තවත් පරාජයක්

20 වන ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ තවත් තරගයක්…

තරගාවලියට සඳහා රටවල් 16ක් එක්වන අතර ශ්‍රී ලංකා තරග වදින්නේ A කාණ්ඩයෙන්. ඒ අනුව ඔවුන්ට ඉරානය, ඕස්ට්‍රේලියාව හා කටාර් රාජ්‍යය සමඟින් පළමු වටයේ දී තරග වැදීමට සිදු වනු ඇත. තරගාවලිය එළඹෙන සැප්තැම්බර් 22 දක්වා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙවර තරගාවලියට ප්‍රබල සංචිතයක් නම් කර තිබෙනවා. මෙවර කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන දීප්ති රොමේෂ් හටයි.

කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මැනුවෙල් තෝරෙස් මහතා, සහාය පුහුණුකරු ලෙස සුසිරි මංගල මහතා සහ සම්භාහක නිලධාරි ලෙස ශාලික රාජපක්ෂ මහතා සහ කණ්ඩායම් කළමනාකරු වශයෙන් සමන් අබේවර්ධන මහතා කටයුතු කරනු ලබයි. 

ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට හොඳ අභියෝගයක්

20 වැනි ආසියානු කාන්තා වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය අද (22…

කණ්ඩායම සඳහා යොවුන් ක්‍රීඩකයින් රැසක් මෙන්ම අත්දැකීම් බහුල ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ද ඇතුළත් වීම විශේෂත්වයක්. ෂෙහාන් විමුක්ති, කසුන් චතුරංග, ධනුෂ්ක දිල්ෂාන්, මලිත් දිනිඳු, වසන්ත ලක්මාල්, ලසිඳු මෙත්මාල් මෙන්ම යොවුන් ක්‍රීඩක මහේල ඉන්දීවර ද මෙවර කණ්ඩායමට ඇතුළත්. 

මහේෂ් චන්ද්‍රකුමාර, ඒ. ඩබ්. ලක්මාල්, නිශාන් කොඩිසිංහ, ශෂික ලක්ෂාන් කැලනියගේ, අයේෂ් දිල්ෂාන්, ඉසුරු මධුෂාන් වැනි ක්‍රීඩකයින් ද මෙවර, ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් ඉරානයේදී සටන් වදිනු ඇත.

ශ්‍රී ලංකාවේ පළමු වටයේ කාලසටහන මෙසේයි.

දිනය ශ්‍රී ලංකා වේලාව කණ්ඩායම
2019 සැප්තැම්බර් 13 ප.ව. 7.30  ඉරානය – ශ්‍රී ලංකාව
2019 සැප්තැම්බර් 14 ප.ව. 7.30  ඕස්ට්‍රෙිලියාව – ශ්‍රී ලංකාව
2019 සැප්තැම්බර් 15 ප.ව. 2.30  කටාර් රාජ්‍ය – ශ්‍රී ලංකාව

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සුදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<