මෙවරත් මාර්තු උන්මාදයේ ආරම්භය සහෝදරයින්ගේ සටනින්

ඉසිපතන-තර්ස්ටන් සහෝදරයින්ගේ ක්‍රිකට් සංග්‍රාමය 2020

103

මෙම වසරේ මාර්තු උන්මාදය (March Madness) හෙවත් අන්තර් පාසල් මහා ක්‍රිකට් සංග්‍රාමය කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර පැවැත්වෙන තරගයෙන් ආරම්භ වීමට නියමිතය. ඒ අනුව “57 වන සහෝදරයන්ගේ සටන” මෙම මස (පෙබරවාරි) 28 සහ 29 දෙදින පුරා කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවැත්වේ. 

දනුෂ්කට ආබාධයක්; තිසර නැවතත් ශ්‍රී ලංකා සංචිතයට

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට්…

මෙරට පැරණිතම අන්තර් පාසල් ක්‍රිකට් තරගයක් වන “සහෝදරයින්ගේ සටන” ආරම්භ කරන ලද්දේ වර්ෂ 1964 දීය. මෙම පාසල් ද්විත්වය “බ්ලැකම් විජේවර්ධන අනුස්මරණ කුසලානය” සඳහා තරග වදින අතර මේ වන විට ඉසිපතන විද්‍යාලය තරග 4ක ජයග්‍රහණය තමන් සතුකර ගැනීමට සමත්ව ඇත. තරග 6ක ජයග්‍රහණය හිමිකර ගනිමින් පෙරමුණේ පසුවීමට සමත්ව ඇත්තේ තර්ස්ටන් විද්‍යාලයයි. 

අද (19) දින පැවති මාධ්‍ය හමුවේ දී කොළඹ ඉසිපතන විද්‍යාලයේ විදුහල්පති ප්‍රේමසිරි ඈපා මහතා මෙසේ තම අදහස් දැක්වීය. 

“මෙවර අන්තර් පාසල් ක්‍රිකට් සංග්‍රාමය ආරම්භ වන්නේ අපගේ ක්‍රිකට් තරගයෙන්. අප මෙම ක්‍රිකට් තරගය ඉතාමත් අභිමානයෙන් යුතුව පවත්වන අතර නියමිත නීතිරීති යටතේ අපගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වෙනවා. එසේම මෙම තරගයේ මූලික අරමුණ පාසල් දෙක අතර තිබෙන සහෝදරත්වය වර්ධනය කර ගැනීමයි.” 

මෙවර ඉසිපතන විද්‍යාලය මෙන්ම තර්ස්ටන් විද්‍යාලය ද මෙහෙයවනු ලබන්නේ මුල්පෙළ ප්‍රබල පිතිකරුවන් දෙදෙනෙකි. කඩුලු රකින පිතිකරුවෙකු වන ලෙශාන් අමරසිංහ විසින් ඉසිපතන විද්‍යාල කණ්ඩායම මෙහෙයවන අතර ජයවිහාන් මහවිතාන විසින් තර්ස්ටන් විද්‍යාල කණ්ඩායම මෙහෙයවනු ලබයි. 

Video – මහා තරග තුනම ජය ගැනීමට සිහින දකින – තර්ස්ටන් විද්‍යාල Cricket Team Preview 2019/20

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු…

මෙම පාසල් ද්විත්වය අතර පවත්වන “ඩබ්. ඒ. ද සිල්වා අභියෝගතා කුසලානය” සඳහා වන සීමිත පන්දුවාර තරගය එළඹෙන මාර්තු මස 08 වනදා පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ඊට අමතරව 13වන වරට පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගය මාර්තු මස 15 වනදා තර්ස්ටන් ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ. 

පසුගිය වර පැවති මෙම තරග තුනේම ශූරතාවය හිමිකර ගැනීමට සමත් වූයේ සඳරු ඩයස්ගේ නායකත්වයෙන් සමන්විත වූ තර්ස්ටන් විද්‍යාල කණ්ඩායම යි. ඒ නිසාවෙන් මහවිතාන ඇතුළු තර්ස්ටන් කණ්ඩායම එම ශූරතාවයන් තුන තවදුරටත් ඔවුන් සතුව තබා ගැනීමේ අරමුණ ඇතිවත්, ඉසිපතන විද්‍යාලය එක් ශූරතාවයක් හෝ ඔවුන්ගේ දෙසට ලබා ගැනීමේ අරමුණිනුත් තරග බිමට අවතීර්ණ වෙනු ඇත. 

Video – වේගපන්දු යවන්නන් ප්‍රබල අවියක් කරගත් – ඉසිපතන විද්‍යාලය Cricket Team Preview 2019/20

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු…

“අපගේ සහෝදරයින්ගේ සටනට සමගාමීව ආදි ශිෂ්‍ය තරගය, ගුරුවරුන්ගේ තරගය සහ පාසල් දෙකේම සහභාගීත්වයෙන් පැවැත්වෙන පාපැදි සවාරිය ද මෙම පාසල් ද්විත්වය අතර තිබෙන සහෝදරත්වය මනාව පෙන්වන සාධක වෙනවා.” යයි කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ලක්ෂ්මන් ඩයස් මහතා මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් පැවසීය.

මෙවර “57 වන සහෝදරයින්ගේ සටන” සහ සීමිත පන්දුවාර තරගය ThePapare.com අපගේ වෙබ් අඩවිය ඔස්සේ සජීවිව නැරඹිය හැකි අතර ඩයලොග් ටෙලිවිෂනය ඔස්සේ මෙන්ම MyTV හරහා ද තරග නැරඹිය හැක. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<