ජාතික දැල්පන්දු ශූරතා තරගාවලියට ඩයලොග් වෙතින් අනුග්‍රහය

158

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්බන්ධතා සපයන්නා වන ඩයලොග් ආසිආටා සමාගමේ අනුග්‍රහය මත ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය මඟින් සංවිධානය කරනු ලබන “2018 ඩයලොග් ජාතික දැල්පන්දු ශූරතාවය” අද (28) ආරම්භ විය. පූර්ණ ගෘහස්ථ තරගාවලියක් වන මෙම තරගාවලියේ පළමු වටයේ තරග එළඹෙන 30 වැනිදා දක්වා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

දෙවැදෑරුම් කඳුළු අතරින් ගෙනා දැල්පන්දු කිරුළ

ගෙවී ගිය වසර කිහිපයේ දී ම මෙරට ක්‍රීඩාව යනු, ලැබූ පරාජයන් සාමාන්‍යකරණය වූ කාලයකි…

තරගාවලිය සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් කණ්ඩායම් 24ක් සහභාගී වන අතර එක් කාණ්ඩයකට කණ්ඩායම් 06 බැගින් කාණ්ඩ 04ක් යටතේ ලීග් ක්‍රමයට පළමු වටයේ තරග පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ දෙවන වටයේ තරග එළඹෙන දෙසැම්බර් මස 04 වැනිදා සිට 06 වැනිදා දක්වා බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර අවසන් මහා තරගය දෙසැම්බර් මස 08 වැනිදා වෙන්නප්පුව සර් ඇල්බට් එෆ්. පීරිස් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මෙහි දී ක්‍රීඩිකාවන් පළමු වරට ජාත්‍යන්තර මට්ටමේ නීතිරීති වලට අනුකූලව ජාතික තලයේ තරගාවලියක ක්‍රීඩා කරනු ඇත. එනම් මීට පෙර පැවති ජාතික තරගාවලි වල එක් තරගයක් සඳහා තිබූ මිනිත්තු 40ක කාලය වෙනුවට මෙවර එක් තරගයක් සඳහා පැයක කාලයක් හිමි වේ. ඒ පිළිබඳව වැඩි දුර අදහස් දක්වමින් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිණිය වන ට්‍රික්සි නානායක්කාර මහත්මිය මෙසේ පැවසීය.

“මීට පෙර පැවති ජාතික තරගාවලිවල දී එක් තරගයක් සඳහා මිනිත්තු 40ක කාලයක් පමණයි තිබුණේ. නමුත් ජාත්යන්තර මට්ටමේ තරගයක් සඳහා පැයක කාලයක් හිමිවන නිසා මෙවර අපි එය යොදාගන්නවා. මෙම තරගාවලියෙන් ජාත්යන්තර තරග සඳහා අවශ්‍ය දරාගැනීමේ හැකියාව සමඟ යෝග්‍යතාවය සහිත ක්‍රීඩිකාවන් ජාතික දැල්පන්දු කණ්ඩායමට තෝරාගන්නවා.”

මෙම වසරේ පැවති ආසියානු දැල්පන්දු ශූරතාවය ද හිමිකර ගැනීමට සමත් වූයේ ද ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමයි. පවත්වා ඇති ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලි වලින් වැඩිම වාරයක් ශූරතාවය හිමිකර ගැනීමට සමත්ව සිටින ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම මේ වන විට ලෝක දැල්පන්දු ශ්‍රේණිගත කිරීම්වල 25 වන ස්ථානයේ පසුවෙයි. එළඹෙන 2019 වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට සහභාගී වීමේ වරම් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සමත්ව තිබේ.

තරගාවලියේ තරග වාර්තා සහ ඡායාරූප ඔබ වෙත ගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com අප සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<