අවිශ්ක, මදුෂික, සොහාන් හා උපේන්ද්‍රගෙන් වැඩි දස්කම්

303

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අදත් (8) දිවයින පුරා විසිරුණු ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක දී ක්‍රියාත්මක වූ අතර එම තරගවල පළමු ඉනිම ජය ගැනීමට නාලන්දා, රිච්මන්ඩ් හා දේවපතිරාජ යන විද්‍යාල සමත් විය.

රත්ගමින් ලැබුණු අභියෝගය නිසා ඉසිපතනය අසීරුවෙන්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න්….

කොළඹ නාලන්දා විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය

නාලන්දා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමිකර දෙමින් නිමා වූ මේ තරගය කොළඹ නාලන්දා විදුහල් පිටියේ දී ක්‍රියාත්මක විය.

දිනයේ ආරම්භයේ දී ම නාලන්දා විද්‍යාලය සිය පළමු ඉනිම අත්හිටුවමින් මහින්ද විද්‍යාලයට සිය පළමු ඉනිම දියත් කිරීමට අවසර ලබා දුන් මේ තරගයේ දී නාලන්දා විද්‍යාලය ලබා ගත් ලකුණු 324ට පිළිතුරු ලෙස මහින්ද විද්‍යාලයට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 196ක් පමණි.

මහින්ද විද්‍යාල පිතිකරණ අංශය සවිබලගැන්වූ හංසික වැලිහිඳ (ලකුණු 85) ලබාගත් වටිනා අර්ධ ශතකය නිසාවෙන් මුල්පෙළ කඩුලු කිහිපයක් බිඳ වැටීමේ අඩුව පියවා ගැනීමට මහින්ද විද්‍යාලයට හැකි විය. නමුත් නාලන්දා නායක මෙන්ම ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ලක්ෂිත රසාංජන දැක්වූ තුන් ඉරියව් දස්කම් නිසාවෙන් මහින්ද විද්‍යාලයේ පසුපෙළ ඉතාමත් ඉක්මනින් බිඳ වැටීමේ ප්‍රතිඵලයක් ලෙස මහින්ද විද්‍යාල පළමු ඉනිම නාලන්දා පළමු ඉනිමට මෙපිටින් තබා ගැනීමට නාලන්දා පන්දු යවන්නන් සමත් විය.

පන්දු යැවීමේ දී පිට දඟපන්දු යවන ලක්ෂිත රසාංජන කඩුලු 4ක් දවා ගත්තේය. තරගයේ නියමිත දිනය අවසන් වෙද්දී සිය දෙවන ඉනිම දියත් කළ නාලන්දා විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 176ක් ලබාගෙන සිටියේ මහින්ද විද්‍යාල ඉනිමට වඩා ලකුණු 304ක් ඉදිරියෙන් සිටිමිනි.

නාලන්දා විද්‍යාල පළමු ඉනිම – 324/9d (95): ලක්ෂිත රසාංජන 72, චමිඳු විජේසිංහ 72, මහීම වීරකෝන් 59, කවිෂ මදුරප්පෙරුම  39*, අවිශ්ක පෙරේරා 35, පසන් පෙතන්ගොඩ 5/73, නිපුන් මාලිංග 2/57.

මහින්ද විද්‍යාල පළමු ඉනිම – 196 (57.2): හංසික වැලිහිඳ 85, නවෝද් පරණවිතාන 37, ලක්ෂිත රසාංජන 4/30.

නාලන්දා විද්‍යාල දෙවන ඉනිම – 176/3 (33): අවිශ්ක පෙරේරා 103*, ලක්ෂිත රසාංජන 41.


කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

කුරුණෑගල සාන්ත ආනා විදුහල් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම D කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දු යැවූ රිච්මන්ඩ් විද්‍යාලය  සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 180ක් ලබා ගත්තේය.

තරගයේ දෙවන දිනය ආරම්භ වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි රිච්මන්ඩ් විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 58ක් ලබා සිටියේ සාන්ත ආනා විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 122ක් පසුපසින් සිටිමිනි.

අවසානයේ ඔවුන් සිය පළමු ඉනිම ලකුණු 188ක් දක්වා ඔසවා තබාගෙන ඉතාමත් තියුණු සටනකට පසුව පළමු ඉනිම ජය ගත්තේ පසිඳු තෙන්නකෝන් ඇතුළු සාන්ත ආනා විද්‍යාල ක්‍රීඩකයින්ගේ දක්ෂ ක්‍රීඩා විලාසය නිසයි. රිච්මන්ඩ් විද්‍යාල පළමු ඉනිම සවිමත් කරන ලද තවීෂ අභිෂේක්, ආධිත්‍ය සිරිවර්ධන හා විනුජ කිරිඇල්ල ලකුණු 40 සීමාව ඉක්මවා ලකුණු රැස්කර ගත්තේය.

සාන්ත ආනා විද්‍යාල පළමු ඉනිම – 180 (83.3): කවිඳු රණසිංහ 87, දිලුම් සුධීර 6/68, සඳුන් මෙන්ඩිස් 3/50.

රිච්මන්ඩ් විද්‍යාල පළමු ඉනිම  – 188 (55): තවීෂ අභිෂේක් 47, ආධිත්‍ය සිරිවර්ධන 44, විනුජ කිරිඇල්ල 43, පසිඳු තෙන්නකෝන් 4/68, මයාස් මුසම්මිල් 3/32.

සාන්ත ආනා විද්‍යාල පළමු ඉනිම – 58/2 (32.5):

කෙටිම තරග රටාවේ ලොකුම තරග වාර්තාව රෝහිත් ශර්මාට!

ඉන්දු – නවසීලන්ත විස්සයි විස්ස තරගාවලියට උණුසුම් මුහුණුවරක් ලබා දෙමින් අද (08) පැවති දෙවැනි ..

රත්ගම දේවපතිරාජ විද්‍යාලය හා කොළඹ ඉසිපතන විද්‍යාලය

ඉතාමත් තියුණු තරගයක් ලෙස නිමාව දුටු මේ තරගයේ පළමු ඉනිම ජය ගැනීමට දේවපතිරාජ විද්‍යාලය සමත් විය.

තරගයේ ඊයේ (5) දිනය අවසන් වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සත්කාරක ඉසිපතන විද්‍යාලය කඩුලු දෙකක් දැවී ලකුණු 26ක් ලබා සිටියේ දේවපතිරාජ විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 247ක් පසුපසින් සිටිමිනි.

Photos : Isipathana College vs Devapathiraja College | Singer U19 Cricket Tournament 2018/19

අවසානයේ ඔවුන්ගේ පළමු ඉනිම දේවපතිරාජ පළමු ඉනිමට මෙපිටින් සීමා කර තැබූ කෝඩුකාර දේවපතිරාජ විද්‍යාල පන්දු යවන්නෝ ඉසිපතන පළමු ඉනිම ලකුණු 185කට සීමා කළේය.

ලකුණු 88ක පළමු ඉනිමේ අවාසියක් ද සහිතව සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ දේවපතිරාජ විද්‍යාලයට ඔවුන්ගේ පළමු ඉනිමට සාපේක්ෂව ලකුණු රැස්කර ගැනීමට නොහැකි වූයේ ඉසිපතන විද්‍යාල නායක මදුෂික සඳරුවන්ගේ සුපිරි පන්දු යැවීම නිසයි. එම තරගයේ දී ම, මදුෂික කඩුලු 6ක් දවාගෙන දස්කම් දැක්වීමත් සමඟම මෙවර තරග වාරය තුල කඩුලු 50 සීමාව පසුකොට ගිය පන්දු යවන්නන් අතරට ඇතුළත් වීමට මදුෂික හට හැකි විය.

>>Photos : Mahinda College vs Nalanda College | Singer U19 Cricket Tournament 2018/19

ලකුණු 173ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ඉසිපතන විද්‍යාලයට ප්‍රවේගකාරී ආරම්භයක ලබා දීමට ආරම්භක වමත් පිතිකරුවෙක් වන තෙවිඳු දික්වැල්ල සමත් විය. ඔහු ඒ ලබාගත් ලකුණු 48ත් සමඟින් මෙවර තරග වාරය තුල ඔහු රැස්කරගත් මුළු ලකුණු වල එකතුව  ලකුණු 500 සීමාව ඉක්මවා ගියේය. ඊට අමතරව ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් ඉනිම දෙකේ දී ම සාර්ථක වූ වමත් මුල්පෙළ පිතිකරුවෙක් වන රවිඳු රත්නායක පිළිවෙළින් ලකුණු 56ක් හා ලකුණු 31 වාර්තා කරගන්නා ලදි.

දේවපතිරාජ විද්‍යාල පළමු ඉනිම – 273 (89.3): පැතුම් මදුසංක 98, ජීවක රශ්මිත 81, පවන් සංදේශ් 26, සවිඳු උත්සර 3/55.

ඉසිපතන විද්‍යාල පළමු ඉනිම – 185 (52.1): රවිඳු රත්නායක 56, ඉසුරු සඳමාල් 34, යසිරු කස්තුරිආරච්චි 28, ඉරුක තිමිර 4/44, පැතුම් මදුසංක 4/45.

දේවපතිරාජ විද්‍යාල දෙවන ඉනිම – 84/9d (40.2): මදුෂික සඳරුවන් 6/26.

ඉසිපතන විද්‍යාල දෙවන ඉනිම – 136/6 (14): තෙවිඳු දික්වැල්ල 48, යසිරු කළුආරච්චි 36, රවිඳු රත්නායක 31.

පළමු දිනයට පැවැත්වූ තරග

කොළඹ සාන්ත පීතර විද්‍යාලය හා කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

තවත් සුහද කාණ්ඩයේ තරගයක් මේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 136ක් රැස්කර ගත්තේය.

සත්කාරක සාන්ත බෙනඩික්ට් විද්‍යාල පිතිකරණ අංශය සවිබලගැන්වූ ශෙහාන් ප්‍රනාන්දු වටිනා ලකුණු 41ක් රැස්කරගෙන මෙවර තරගවාරය තුල ලබාගත් ලකුණු ගොන්න අතරට තවත් ලකුණු ප්‍රමාණයක් එකතු කරගන්නා ලදි. කනිෂ්ක මදුවන්ත කඩුලු 5යි.

තරගයේ පළමු දිනයේ නිමාව සනිටුහන්  වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින සාන්ත පීතර විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 108ක් ලබාගෙන තිබුණි. නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින සන්තුෂ් ගුණතිලක ලකුණු 34*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටී.

සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිම – 136 (60): ශෙහාන් ප්‍රනාන්දු 41, කවීශ ජයතිලක 29, කනිෂ්ක මදුවන්ත 5/29, රුවින් සෙනෙවිරත්න 2/42.

සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 108/2 (27.3): සන්තුෂ් ගුණතිලක 34*, දිනිත් අංජුල 33, බානුක ද සිල්වා 29.

රොන් සහ මිනෝද් තියුණු ගමනට මඟ පාදා දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Major League සුපිරි 8 ක්‍රිකට් තරගාවලියේ …

කොළඹ සහිරා විද්‍යාලය හා කොළඹ ලුම්බිණි විද්‍යාලය

B කාණ්ඩයේ මේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දු යැවූ ලුම්බිණි නායකයා පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ඒ හමුවේ ක්‍රියාත්මක වූ සහිරා විද්‍යාල පිතිකරුවන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම ලකුණු 159ක් රැස් කළේය.

සත්කාරක  සහිරා විද්‍යාල පිතිකරණ අංශය සවිබලගැන්වූ වමතින් පිත්ත හසුරුවන මොහොමඩ් ස්ලාසා ලකුණු 63ක් රැස්කරගෙන මෙවර තරග වාරය තුල සපුරා ගත් දෙවන ශතකය සම්පූර්ණ කරගත්තේය. ඔහුගේ එම අගනා ඉනිම 4 පහර 4කින් හා 6 පහර දෙකකින් වර්ණවත් විය.

ඊට අමතරව මැදපෙළ පිතිකරුවෙක් වන චතුර දිල්රුක්ෂණ ලකුණු 28ක් ලබාගෙන සහිරා විද්‍යාලයට එවැනි මට්ටමක හෝ ලකුණත් වෙත යාමට අවස්ථාව සලසා දුන්නේය.

තරගයේ පළමු දිනයේ නිමාව සනිටුහන්  වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ලුම්බිණි විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 241ක් ලබාගෙන සිටි අතර සොහාන් ඩිල්ශාන් නොදැවී ලකුණු 95*ක් ලබාගෙන ඉතාමත් ස්ථාවර මට්ටමක සිටියේ සිය ශතකය සපුරා ගැනීමට තවත් ලකුණු 5ක් මෙපිටින් සිටිමිනි. රවිෂ්ක විජේසිරි ලකුණු 60ක් ලබා ගත්තේය.

සහිරා විද්‍යාල පළමු ඉනිම – 159 (40): මොහොමඩ් ස්ලාසා 63, චතුර දිල්රුක්ෂණ 28, රවිෂ්ක  විජේසිරි 4/45.

ලුම්බිණි විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 241/7 (49.3): සොහාන් ඩිල්ශාන් 95*, රවිෂ්ක විජේසිරි 60, විශ්මිත විජේසිරි 31, මොහොමඩ් ස්ලාසා 3/59.


කොළඹ ආනන්ද විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය

සුහද කාණ්ඩයේ තරගයක් ලෙස ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක ආනන්ද විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර තරගයේ පළමු දිනය අවසන් වන විට ආනන්ද විද්‍යාලය ඉතාමත් අසීරු අඩියක පසුවිය.

එහි දී පළමුව පන්දුවට පහර දුන් ආනන්ද විද්‍යාල පළමු ඉනිම අර්ධ ශතකයකින් වර්ණවත් කළ නායක කමේෂ් නිර්මාල් ලකුණු 77ක් ලබා ගන්නා ලදි. ඊට අමතරව ඔහුට සහාය වූ ජනිඳු ජයවර්ධන හා කලන විජේසිරි පිළිවෙළින් ලකුණු 45ක් හා ලකුණු 44ක් ලබාගෙන සිය පිතිකරණ වගකීම හැකි උපරිමයෙන්ම ඉටු කළේය. අවසානයේ ආනන්ද විද්‍යාල පළමු ඉනිම ලකුණු 252කට සීමා විය.

පිළිතුරු ඉනිම දියත් කළ ධර්මරාජ විද්‍යාලය තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කිසිවෙක්  නොදැවී ලකුණු 55ක් ලබාගෙන ඉතාමත් ප්‍රබල මට්ටමක සිටියේ ආනන්ද විද්‍යාල පළමු ඉනිමට සාපේක්ෂව තවත් ලකුණු 173ක් පසුපසින් සිටිමිනි.

ආනන්ද විද්‍යාල පළමු ඉනිම – 252 (57.4): කමේෂ් නිර්මාල් 77, ජනිඳු ජයවර්ධන 45, කලන විජේසිරි 44, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 6/88.

ධර්මරාජ විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 79/0 (32): ඉසුරු දයානන්ද 37*, සචින්ත සේනානායක 31*.

පළමු දිනයට පැවැත්වූ තරග සියල්ලම හෙට (9) දෙවන දිනයටත් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<