U19 Sri Lanka Youth League 2026ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලිය අද (12) ක්‍රීඩාංගණ 2ක දී ආරම්භ වූ අතර තරග ද්විත්වය වර්ෂාවට බිලි වෙමින් විසඳුමකින් තොරව අවසන් වූවා.
- මහනුවරසහ ගාල්ලඅතර තරගය කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – මහනුවර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
මහනුවර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
චමරිඳු නෙත්සර (නායක සහ කඩුලු රකින්නා), අරෝෂ් සිතුමිණ, අබ්දුල් මාජිඩ්, දුල්සිත් දර්ශන, සඳරු මල්ශාන්, ලතීන්ද්‍ර ආකාශ්, ලිදුල නෙත්මිණ, පුල්ජිත් වත්සුක, එස්. ඒ. ඉඳුවර, ගිම්හාන් රසාංජන සහ ටෙනුෂ නිම්සර.
ගාල්ල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
දිමන්ත මහවිතාරණ (නායක), ආදිල් ශෙරිෆ්, කෞෂික කුමාරසිංහ, සිසිල් හේමක, සෙත්මික සෙනෙවිරත්න, සුමේධ ප්‍රසාද්, කෝලිත සුගත්, චනිරු සේනාරත්න, ප්‍රවීන් රුකුනායක (කඩුලු රකින්නා), රයන් ග්‍රෙගරි සහ කනිල්ක ඇන්තනී.
ප්‍රතිවාදීන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගාල්ල කණ්ඩායමට පන්දුවට පහර දීමට හැකි වෙන්නේ පන්දුවාර 3.2ක් පමණයි. ඒ වෙද්දී ඔවුන් කඩුල්ලක් දැවී ලකුණු 22ක් ලබා සිටි අතර වර්ෂාව හේතුවෙන් එම අවස්ථාවේ දී තරගය නතර කරනවා.
එතැන් සිට තරගය නැවත ආරම්භ කිරීමට අවස්ථාවක් උදා නොවූ බැවින් එය විසඳුමකින් තොරව අවසන් වූ තරගයක් සේ අතහැර දැමෙනවා.
ගාලු ඉනිම ආරම්භ කළ අරෝෂ් සිතුමිණ පන්දු 10කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 13ක් ලබා දැවී ගිය අතර අබ්දුල් මාජිඩ් පන්දු 9ක දී හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 8ක් ද සහ දුල්සිත් දර්ශන ලකුණු නොලබා නොදැවී ද පිටියේ රැඳී සිටියා.
ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය සෙත්මික සෙනෙවිරත්න සතු වුණා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ගාල්ල වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුල්ලක් දැවී 22 (3.2)අරෝෂ සිතුමිණ 13, අබ්දුල් මාජිඩ් නොදැවී 8, සෙත්මික සෙනෙවිරත්න 1/16
තරගයේ විසඳුමක් නෑ.
- 19න් පහළ යොවුන් තරගාවලිය 12 වැනිදා සිට
- අංජල බණ්ඩාරගෙන් 2 වැනි ඉනිමටත් ශතකයක්
- 2026 LPL වෙනුවෙන් ගාල්ල වෙනස් මුහුණුවරකින්
- SLC සියලුම ආකාරයේ තරග කල් දමයි
- දඹුලු ක්‍රීඩකයෝ නැවතත් NSL ශූරතාව දිනා ගනී
කොළඹ උතුර සහ කොළඹ දකුණ අතර තරගය කොළඹ P. Sara Ovalක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – කොළඹ උතුර
කොළඹ දකුණ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම –
රමිරු පෙරේරා (නායක), හිරුන් මතීෂ, ජේඩන් අමරවීර, ජේසන් ප්‍රනාන්දු (කඩුලු රකින්නා), හිමරු දේශාන්, ගිම්හාන් මෙන්ඩිස්, අදීශ ලක්ශාන්, රෙශාන් සොලමන්, අසදිස ද සිල්වා, මලින්ත සිල්වා සහ ඔෂද මනහර.
කොළඹ උතුර වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම –
රිශ්ම අමරසිංහ (නායක), අවීෂ සමාශ්, සෙනුජ වෙකුණුගොඩ, කිත්ම විතානපතිරණ, ලිත්ම පෙරේරා (කඩුලු රකින්නා), දුල්නිත් සිගේරා, තිශාන් නිපුන්, ශ්‍රීරාම් ජීවහන්, ලහිරු ලක්මාල් සහ ශවීන් පෙරේරා.
කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොළඹ උතුර කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොළඹ දකුණ ක්‍රීඩකයන්ට පන්දුවට පහර දීමට හැකි වෙන්නේ පන්දුවාර 5ක් පමණයි.
එතැන් සිට තරගය නැවත ආරම්භ කිරීමට අවස්ථාවක් උදා නොවූ බැවින් එය විසඳුමකින් තොරව අවසන් වූ තරගයක් සේ අතහැර දැමෙනවා.
වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කොළඹ දකුණු ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී ලකුණු 43ක් ලබා සිටියා. එහි දි හිරුන් මතීෂ පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 26ක් ද සහ ජේඩන් අමරවීර පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 16ක් ද ලබා සිටියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- කොළඹ දකුණ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම -කිසිවෙක් නොදැවී 43 (5.0) හිරුන් මතීෂ නොදැවී 26, ජේඩන් අමරවීර නොදැවී 16
තරගයේ විසඳුමක් නෑ.
මෙම තරගාවලියේ තවත් තරග ද්විත්වයක් හෙට (13) පැවැත් වෙනවා. එහි දී දඹුල්ල සහ කොළඹ දකුණ කණ්ඩායම් අතර තරගය කොළඹ Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත් සහ මහනුවර සහ කොළඹ උතුර කණ්ඩායම් අතර තරගය කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතයි.
වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















