Home Sinhala එක්දින ශූරතාව නොකඩවා දෙවැනි වරටත් ජෝසප්වරුන්ට

එක්දින ශූරතාව නොකඩවා දෙවැනි වරටත් ජෝසප්වරුන්ට

19න් පහළ පළමු පෙළ Tier A පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

1669

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කළ වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier A කොටසේ ශූරතාවය දිනා ගැනීමට සාන්ත ජෝසප් ක්‍රීඩකයින් සමත් වුනා.

එහි දී ඔවුන් හමුවේ ලකුණු 106කින් පරාජය වුනේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයයි. සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පරාජය කරමින් සාන්ත ජෝසප් විද්‍යාලය අපරාජිතව අද (20) පැවති අවසන් මහා තරගයට පැමිණි අතර අපරාජිතව සිටි මහානාම විද්‍යාලය පරාජය කරමින් රිච්මන්ඩ් විද්‍යාලය අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

කොළඹ පොලිස් පාර්ක් ක්‍රීඩාංගණයේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත ජෝසප් නායක ශෙවෝන් ඩැනියල් පන්දුවට පහර දීමට තීරණය කළ අතර අයහපත් කාලගුණ තත්වය නිසා මේ තරගයේ ඉනිමක් පන්දුවාර 47කට සීමා වුනා.

සදීෂ් ජයවර්ධන සහ හිරුන් කපුරුබණ්ඩාර සාන්ත ජෝසප් වෙනුවෙන් ලකුණු 37ක සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවූවා. ඉන් අනතුරුව නායක ශෙවෝන් සාන්ත ජෝසප් ඉනිමේ සහ මෙවර Tier A කොටසේ වැඩිම ලකුණු ලාභියා වෙමින් පන්දු 88ක් තුල ලකුණු 80ක් ලබා ගත්තා. ඔහුගේ එම නායකත්වයේ ඉනිමට 4 පහර 6ක් සහ 6 පහර 3ක් ඇතුළත් වුනා.

ශෙවෝන් සිය කණ්ඩායමේ සිටින 19න් පහළ ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩකයින් වන සදීෂ් සහ දුනිත් වෙල්ලාලගේ සමඟ ලකුණු 57ක සහ 86ක සුපිරි සබඳතාවයන් දෙකක් ගොඩනැංවීමට සමත් වුනු අතර සදීෂ් (ලකුණු 46) සහ දුනිත් (ලකුණු 42) දෙදෙනා හටම අර්ධ ශතක ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. මුදිත ලක්ෂාන් ලකුණු 34යි.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා 19න් පහළ ලෝක කුසලාන කණ්ඩායමේ සාමාජික දකුණතින් පා දඟපන්දු යවන මල්ෂ තරුපති ලකුණු 51කට කඩුලු 4ක් දවා ගත්තා. රිච්මන්ඩ් ආරම්භක වේගපන්දු යවන්නන් දෙදෙනා වන හංසමාන ද සිල්වා සහ කල්ප නෙත්සර අතර කඩුලු දෙක බැගින් බෙදි ගියා.

ලකුණු 258ක තරගකාරී ඉලක්කයක් හඹා ගිය රිච්මන්ඩ් විද්‍යාලයට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 151ක් පමණයි. එහි දී ඔවුන්ගේ මුල්පෙළ ලකුණු අතර සිටි පිතිකරුවන් හට අද දිනයේ දී සාර්ථක වීමට දුනිත් සහ දේශාන් සෙනෙවිරත්න ඇතුළු සාන්ත ජෝසප් ක්‍රීඩකයින් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.

ලකුණු 63කට කඩුලු 5ක් බිඳ වැටී තිබුණු රිච්මන්ඩ් ලකුණු සටහන යම් ගෞරවාන්විත මට්ටමකට රැගෙන ගිය මල්ෂ ලකුණු 62ක් ලබා ගත්තා. පන්දු 54ක දී වාර්තා වුනු ඔහුගේ එම සටන්කාමී ඉනිමට 4 පහර 5ක් සහ 6 පහර 4ක් ඇතුළත් වුනා.

පන්දු යැවීමේ දී දුනිත් සහ දේශාන් කඩුලු 3 බැගින් දවා ගත් අතර ඉනිම් 8ක දී කඩුලු 19ක් දවා ගත් දුනිත් Tier A කොටසේ වැඩිම කඩුලු ලාභියා ලෙස තරගාවලිය අවසන් කළා.

ඒ අනුව මෙවර තරගාවලිය තුල අපරාජිතව පැමිණි සාන්ත ජෝසප් විද්‍යාලය නොකඩවා දෙවැනි වරටත් Tier A කොටසේ එක්දින ශූරතාවය දිනා ගැනීමට සමත් වුනු අතර ඔවුන් 2018 වසරේ සිට මේ දක්වා දිනා ගෙන තිබෙන පාසල් ක්‍රිකට් ශූරතා ගණන 4ක්.

සාන්ත ජෝසප් විද්‍යාලය 2018 වසරේ සිට මේ දක්වා දිනාගෙන තිබෙන පාසල් ක්‍රිකට් ශූරතා මෙසේයි.

  • 2017/18 – වයස අවුරුදු 19 පළමු පෙළ – දෙදින තරගාවලියේ ශූරතාවය
  • 2018/19 – වයස අවුරුදු 19 පළමු පෙළ – දෙදින තරගාවලියේ ශූරතාවය
  • 2020/21 – වයස අවුරුදු 19 පළමු පෙළ – එක්දින තරගාවලියේ ශූරතාවය (Tier A)
  • 2021/22 – වයස අවුරුදු 19 පළමු පෙළ – එක්දින තරගාවලියේ ශූරතාවය (Tier A)

සාන්ත ජෝසප් විද්‍යාලය – 257/9 (47): ශෙවෝන් ඩැනියල් 80, සදීෂ් ජයවර්ධන 46, දුනිත් වෙල්ලාලගේ 42, මල්ෂ තරුපති 4/51, කල්ප නෙත්සර 2/40, හංසමාන ද සිල්වා 2/48.

රිච්මන්ඩ් විද්‍යාලය – 151 (41.3): මල්ෂ තරුපති 62, මහීෂ ද සිල්වා 18, තමිඳු ප්‍රදීප්ත 16, දුනිත් වෙල්ලාලගේ 3/18, දේශාන් සෙනෙවිරත්න 3/18.

සාන්ත ජෝසප් විද්‍යාලයට ලකුණු 106ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<


Result


Richmond College
151/10 (41.3)

St. Joseph’s College
257/9 (47)

Batsmen R B 4s 6s SR
Sadeesh Jayawardana st Janeth Kaushal b Malsha Tharupathi 46 78 0 0 58.97
Hirun Matheesha Kapurubandara c Sharon Abhishek b Hansamana De Silva 13 17 0 0 76.47
Shevon Daniel c Vishara Fernando b Hansamana De Silva 80 88 0 0 90.91
Hiran Jaysundara c Hansamana De Silva b Malsha Tharupathi 3 8 0 0 37.50
Dunith Wellalage c Janeth Kaushal b Kalpa Nethsara 42 53 0 0 79.25
Mithira Thenura b Kalpa Nethsara 5 8 0 0 62.50
Deshan Seneviratne c Tharindu Nirmal b Malsha Tharupathi 18 10 0 0 180.00
Muditha Lakshan not out 34 19 0 0 178.95
Lahiru Amarasekara c Tharindu Nirmal b Malsha Tharupathi 2 3 0 0 66.67
Rishma Amarasinghe run out (Thamindu Pradeeptha) 1 2 0 0 50.00
Yenula Dewthusa not out 0 0 0 0 0.00


Extras 13 (b 0 , lb 1 , nb 4, w 8, pen 0)
Total 257/9 (47 Overs, RR: 5.47)
Bowling O M R W Econ
Kalpa Nethsara 7 0 40 2 5.71
Hansamana De Silva 8 0 48 2 6.00
Tharindu Nirmal 9 0 37 0 4.11
Malsha Tharupathi 9 0 50 4 5.56
Sharon Abhishek 10 0 34 0 3.40
Nalaka Jayawardana 3 0 33 0 11.00
Bhanuka Manohara 1 0 14 0 14.00


Batsmen R B 4s 6s SR
Vishara Fernando c Sadeesh Jayawardana b Deshan Seneviratne 0 1 0 0 0.00
Tharindu Nirmal run out (Rishma Amarasinghe) 6 23 0 0 26.09
Thamindu Pradeeptha c Shevon Daniel b Dunith Wellalage 16 55 0 0 29.09
Bhanuka Manohara b Yenula Dewthusa 5 16 0 0 31.25
Janeth Kaushal c Sadeesh Jayawardana b Lahiru Amarasekara 8 21 0 0 38.10
Malsha Tharupathi lbw b Deshan Seneviratne 62 54 0 0 114.81
Hansamana De Silva b Dunith Wellalage 7 16 0 0 43.75
Mahesha De Silva c Shevon Daniel b Deshan Seneviratne 18 27 0 0 66.67
Sharon Abhishek c Muditha Lakshan b Shevon Daniel 4 17 0 0 23.53
Kalpa Nethsara c Hirun Matheesha Kapurubandara b Dunith Wellalage 14 14 0 0 100.00
Nalaka Jayawardana not out 3 6 0 0 50.00


Extras 8 (b 0 , lb 0 , nb 1, w 7, pen 0)
Total 151/10 (41.3 Overs, RR: 3.64)
Bowling O M R W Econ
Deshan Seneviratne 7 1 26 3 3.71
Mithira Thenura 4 1 11 0 2.75
Dunith Wellalage 8.3 1 18 3 2.17
Shevon Daniel 10 0 28 1 2.80
Yenula Dewthusa 7 0 41 1 5.86
Lahiru Amarasekara 3 0 17 1 5.67
Muditha Lakshan 2 1 10 0 5.00