Delhi Capitals නිරෝධායනයට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

2219

Delhi Capitals කණ්ඩායම තුළින් හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් නිසාවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරන Delhi Capitals කණ්ඩායමේ මීළඟ තරගය සඳහා පූනේ නුවරට පිටත් වීමට තිබූ සැලසුම් අවලංගු කර තිබෙනවා.

කණ්ඩායමේ සියලුම දෙනා මේ වන විට සිය හෝටල් කාමර තුළ ස්වයං නිරෝධායනයට යොමුකර ඇති අතර ඔවුන්ව අද සහ හෙට දිනවල දී කොරෝනා පරීක්ෂාවන්ට ලක් කිරීමට නියමිතයි.

Delhi Capitals කණ්ඩායමේ භෞතචිකිත්සක Patrick Farhart මීට පෙර කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගත් අතර පසුව සිදු කළ Rapid Antigen පරීක්ෂාවෙන් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සහ නිලධාරියෙකු ආසාදිතයන් ලෙස හඳුනා ගෙන ඇති බව වාර්තා වෙනවා.

කෙසේ නමුත් එම ආසාදිතයන් පිළිබඳව තවමත් කිසිදු තොරතුරක් කණ්ඩායම විසින් හෙළිකර නොමැති අතර ඔවුන් RT-PCR පරීක්ෂාවන්ට යොමු කිරීමෙන් අනතුරුව ආසාදිතයන් ද නොමැති ද බව තහවුරු කිරීමට නියමිතයි.

Delhi Capitals කණ්ඩායමේ මීළඟ තරගය Punjab Kings සමඟින් බදාදා (20) පැවැත්වීමට නියමිත නමුත් එම තරගය පිළිබඳව තීරණයක් ගැනීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් ඇති බව වාර්තා වෙනවා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<