2020 පාසල් රග්බි ආරම්භයට පුංචි බලාපොරොත්තුවක්!

789

COVID-19 වයිරසය නිසා අතරමග අතහැර දැමුණු පාසල් ලීග් රග්බි තරගාවලිය මේ වසරේ දී නැවතත් වතාවක් ආරම්භ කිරීමට තවමත් අවස්ථාව පවතිනවා. 

පාසල් රග්බි ආරම්භය කල් යයි?

ශ්‍රී ලංකාව තුළ සියලුම පාසල්වල ක්‍රීඩකයින්ගේ ශරීර ගැටෙන ක්‍රීඩා හා සියලු බාහිර කටයුතු තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළේ පසුගිය සතියේ දීයි. ඒ සෞඛ්‍ය අමාත්‍යංශයේ නියාමනයන්ට අමතරවයි.

පසුව අ. පො. ස උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වැනිදා දක්වා කල් යාමත් සමඟ පාසල් ක්‍රීඩා තරග ආරම්භය නොවැම්බර් මාසය දක්වා කල් ගියා. ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය පසුගිය සතියේ දී පාසල් රග්බි ක්‍රීඩාව නැවතත් ආරම්භ කරන දිනයක් පිළිබඳව සාකච්ඡා කර තිබුණා.

රග්බි සභාපති සටන උණුසුම් කරමින් උප සභාපති ඉල්යාස් සටනට

“අපි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලා සිටියා 2020 තරග වාරය නොවැම්බර් මාසයේ දී ආරම්භ කර පෙබරවාරි දක්වා ක්‍රීඩා කරන්න.”

“එයට අනුමැතිය නොලැබුණොත් අපි 2020 පාසල් රග්බි තරග වාරය අවලංගු කරලා වයස අවුරුදු 19න් පහළ හා වයස අවුරුදු 15න් පහළ දස සාමාජික තරගාවලි ජනවාරි මාසයේ පවත්වනවා මොකද අවසන් තරග වාරය අහිමි වන ක්‍රීඩකයින් සිටින නිසා.”

“අමාත්‍යංශය තවමත් අපේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වා නැහැ වගේම ඔවුන් වෙන විකල්පයක් යෝජනා කරලත් නැහැ” ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ ලේකම් නිරෝධ විජේරාම පවසා සිටියා.

2021 තරග වාරය පැවැත්වීම සඳහාත් අධ්‍යාපන අමාත්‍යංශයේ අවසරය ලැබෙන තුරු බලාසිටීමට ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයට සිදු වෙනවා.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<