ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවය ගුවන් හමුදාවට

149

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “ග්‍රෑන්ඩ් ස්ලෑම් කැරම් ශූරතාවය” පසුගිය දා (18) නිමාවට පත්විය. එම තරගාවලියේ කාන්තා සහ පිරිමි කේවල ඉසව්වල ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන චලනි ලක්මාලි සහ උදේශ් චන්දිම සමත් විය.

Photo Album :  Felicitation Asian Netball, World Carrom Champions & Parami Wasanthi

මෙවර ග්‍රෑන්ඩ් ස්ලෑම් කැරම් ශූරතාවයේ කාන්තා සහ පිරිමි අංශවල තරග සඳහා එක් අංශයකට ක්‍රීඩකයින් 25 බැගින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 50 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි.

කාන්තා – කේවල ඉසව්ව

තරගාවලියේ කාන්තා කේවල ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ චලනි ලක්මාලි සහ ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ ජෝසප් රොෂිටා සමත් විය.

අවසන් මහා තරගයේ දී ලකුණු 25-00ක් සහ 25-24ක් ලෙස තරග වට 2-0කින් ජයග්‍රහණය තමන් සතුකර ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ චලනි ලක්මාලි සමත් විය.

  • ශූරතාවය – චලනි ලක්මාලි (ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය)
  • අනුශූරතාවය – ජෝසප් රොෂිටා (ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජය)
  • තෙවන ස්ථානය – එම්. චිත්‍රාදේවි (ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජය)

හොඳම බොක්සිං ක්‍රීඩකයා නාවික ගුණරත්න

2019 ජාතික ආධුනික බොක්සිං තරගාවලිය ….

පිරිමි – කේවල ඉසව්ව

මෙවර තරගාවලියේ පිරිමි කේවල ඉසව්වේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ උදේශ් චන්දිම සහ කොළඹ රාජකීය විද්‍යාලය නියෝජනය කළ ෂහීඩ් හිල්මි සුදුසුකම් ලබා තිබුණි.

අවසන් මහා තරගයේ දී ලකුණු 25-07ක්, 15/25ක් සහ 25/23ක් ලෙස තරග වට 2-1ක තියුණු ජයග්‍රහණයක් හිමිකර ගනිමින් ශූරතාවය තමන් සතුකර ගැනීමට උදේශ් චන්දිම සමත් විය.

  • ශූරතාවය – උදේශ් චන්දිම (ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය)
  • අනුශූරතාවය – ෂහීඩ් හිල්මි (කොළඹ රාජකීය විද්‍යාලය)
  • තෙවන ස්ථානය – දිනෙත් දුලක්ෂණ (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)

ස්ලෑම් වාර්තාවන්:

කාන්තා අංශය:  

  • ජෝසප් රොෂිටා – 01 (White Slam)

පිරිමි අංශය:

  • ෂහීඩ් හිල්මි – 03 (White Slam)
  • නිශාන්ත ප්‍රනාන්දු – 02 (01-White Slam, 01-Black Slam)
  • අනස් අහමඩ් – 01 (Black Slam)
  • උදේශ් චන්දිම – 01 (White Slam)
  • ප්‍රමේද මෙන්ඩිස් – 01 (Black Slam)
  • සුරාජ් මදුවන්ත – 01 (White Slam)
  • දිනෙත් දුලක්ෂණ – 01 (Black Slam)  

2019 අසියානු බර එසවීමේ ශූරතාවයට යන සංචිතය මෙන්න

ආසියානු බර එසවීමේ සම්මේලනය විසින් සංවිධානය ……

මෙරට සිටින ප්‍රවීණ කැරම් ශූරයෙකු වන නිශාන්ත ප්‍රනාන්දු හට මෙවර තරගාවලියේ දී 5 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු විය. පසුගිය වසරේ (2018) පැවති 18 වැනි සභාපති කුසලාන කැරම් ශූරතාවයේ පිරිමි කේවල ඉසව්වේ ශූරතාවය මෙන්ම 2019 වසරේ පැවති ජාතික කැරම් ශූරතාවයේ දී පිරිමි කේවල ඉසව්වේ අනුශූරතාවය ද හිමිකර ගැනීමට නිශාන්ත ප්‍රනාන්දු සමත් විය.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<