හොඳම බොක්සිං ක්‍රීඩකයා නාවික ගුණරත්න

244

2019 ජාතික ආධුනික බොක්සිං තරගාවලිය මාර්තු මස 21 වැනිදා සිට 25 වැනිදා දක්වා කොළඹ MAS රාජකීය බොක්සිං කවයේ දී පැවැත්වූ අතර තරගාවලියේ වැඩි පදක්කම් ගණනකට හිමිකම් කියන්නට යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ ක්‍රීඩකයින් සමත් විය.

යුධ හමුදාවෙන් ස්ලිම්ලයින්ට නොවැටෙන සටනක්

ක්ලිෆඩ් කුසලාන බොක්සිං තරගාවලියේ තෙවන ….

ස්ලිම්ලයින්, යුද, නාවික, ගුවන් සහ පොලිස් යන සුපුරුදු ක්‍රීඩා සමාජවලට අමතරව පළමු වතාවට නවක කණ්ඩායමක් වන Scientific Technique Power Boxing සමාජය තරගාවලියට සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.

යුද හමුදාවට අමතරව තරගාවලිය පුරාවට වැඩි දස්කම් දක්වන්නට ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය සමත් වූ අතර පදක්කම් සටහනේ ප්‍රථම ස්ථානය යුද හමුදාව විසින් දිනා ගනිද්දී ස්ලිම්ලයින් කණ්ඩායමට එහි දෙවැනි ස්ථානය හිමි විය.

තරගාවලියේ අවසන් මහා තරග ඊයේ (25) දිනයේ දී පැවති අතර යුද හමුදා ක්‍රීඩා සමාජය රන් පදක්කම් 8ක් දිනා ගත්තේ අවසන් තරග 18න් තරග 8ක් ජයග්‍රහණය කරමිනි.

යුද හමුදාව නියෝජනය කරමින් පිරිමි කිලෝ ග්‍රෑම් 52ට අඩු බරපන්තිය යටතේ තරග කළ නවක ක්‍රීඩකයෙකු වන H. M. P. L. ජයවර්ධන සිය වේගය සහ දක්ෂතා හොඳින් කළමනාකරණය කර ගනිමින් සිය ප්‍රතිවාදියාට එරෙහිව තාක්ෂණයට අනුව ක්‍රීඩා කරනු දක්නට ලැබුණේ අත්දැකීම් සහිත ක්‍රීඩකයින්ට පවා අභියෝගයක් වෙමිනි. මෙවැනි නවක ක්‍රීඩකයින් ශ්‍රී ලාංකීය බොක්සිං ක්‍රීඩාවේ අනාගතයට සුබ පෙරනිමිත්තකි.

“ක්ලිෆඩ් කප්” පළමු දිනය නිමයි

ශ්‍රී ලංකා අන්තර් සමාජ බොක්සිං ක්ෂේත්‍රයේ ….

මෙවර තරගාවලියේ හොඳම බොක්සිං ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගැනීමට නාවික හමුදා ක්‍රීඩක M. H. M. ගුණරත්න සමත් වූ අතර ThePapare.com වෙත අදහස් දක්වමින් ගුණරත්න පවසා සිටියේ,

“මම තරගය අතඇරියේ නෑ. මම දන්නවා මට ගහන්න පුළුවන් කියලා, මගේ අභිමානය මම තිබ්බ. මගේ ඔලුව පැලිලා තිබුණේ මම ඉන්ජරි එක තියාගෙන සෙල්ලම් කළේ. ඒත් මම එ්ක නොසලකා සෙල්ලම් කළා. මගේ නාවික සහෝදරයෝ මට ගොඩක් උදව් කළා අවසන් තරගයේ දී.”

හොඳම බොක්සිං ක්‍රීඩිකාව ලෙස UPHILL ක්‍රීඩා සමාජය නියෝජනය කළ K. ඉන්දුකාදේවි සම්මාන දිනා ගත් අතර හොඳම පරාජිත බොක්සිං ක්‍රීඩිකාව ලෙස පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ L. I. N. මල්ශානි සම්මාන දිනා ගන්නා ලදි. යුද හමුදා ක්‍රීඩක නදීක කුමාර තරගාවලියේ හොඳම පරාජිත බොක්සිං ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේය.

මින් පෙර පැවති බොක්සිං තරග සමඟ සංසන්දනය කිරීමේ දී මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයේ යම්කිසි පසුබෑමක් දක්නට ලැබුණු නමුත් තරගාවලිය පුරාවට නවක ක්‍රීඩකයින් දක්ෂතා අතරට පැමිණීමට සමත් වීම විශේෂත්වයක් විය.  

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<