ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය සහ ගාල්ල All Saints’ විද්‍යාලය අතර පළමු වරට පැවැති Pride of Galle වාර්ෂික මහා ක්‍රිකට් තරගය විසඳුමකින් තොරව පසුගියදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූවා.
විද්‍යාලෝක විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණඩායම
ලිඳුල නුවංග (නායක), පසන් මදුශංක (කඩුලු රකින්නා), අභිලාශ් අලංකාර, තුරුණු තීශාන්, චනුල් මංදිල්, යසිත් දීමන්ත, සචිත්‍ය ඉඳුවර, ගජත සහිරු, ඉඳුවර අනුහස්, ජනිශ් ඉරන්ත සහ නවෝද් ගවිශ්ත.
All Saints’ විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
භානුක පියලත් (නායක), චලක කවෙරු, නිරෝෂාන් බුද්ධිම, සඳලංකා සෙහිරු, උවන් පහසර, ඉමාන් චාරුත, චලිඳු හේෂාන් (කඩුලු රකින්නා), ඩිහේන් මෙත්සිලු, බිඟුම් සුලක්ෂණ, දෙනුවන් නිලංක සහ සදෙව් අභිශේක.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් All Saints’ විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි විද්‍යාලෝක විද්‍යාලය තම පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 364ක් ලබා ගන්නවා.
එම තරගයේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක ලිඳුල නුවංග. ඔහු පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 9ක් සමඟින් ලකුණු 162ක් ලබා ගන්නවා.
ඊට අමතර ව ආරම්භක පිතිකරු පසන් මංදිල් පන්දු 113කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 79ක් ලබා ගත්තා.
ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ල සඳහා ලකුණු 81ක සබඳතාවක් ද ගොඩ නගනවා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව ලිඳුල නුවංග, චනුල් මංදිල් හා එක් ව 4 වැනි කඩුල්ලට ලකුණු 65ක සබඳතාවක් ද සහ යසිත් දිමන්ත හා එක් ව 5 වැනි කඩුල්ලට ලකුණු 102ක සබඳතාවක් ද ගොඩනගනවා.
චනුල් මංදිල් පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 24ක් ද සහ යසිත් දීමන්ත ඉනිම අත්හිටුවන විට පන්දු 45කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 23ක් ද ලබා සිටි අතර ඊට අමතර ව අභිලාශ් අලංකාර පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 28ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී දකුණතින් මඳ වේග පන්දු යැවූ නායක භානුක පියලත් ලකුණු 115කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව ඉමාන් චාරුත සහ බිඟුම් සුලක්ෂණ කඩුල්ල බැගින් ද වෙන් කර ගත්තා.
- 2026 LPL තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කර ගැනීම එළඹෙන මැයි 08 සිට
- Peshawar Zalmi 2026 PSL ශූරතාව දිනයි!
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි All Saints’ විද්‍යාලයීය පළමු ඉනිම ලකුණු 85කට සීමා කිරීමට විද්‍යාලෝක පන්දු යවන්නෝ සමත් වෙනවා. එහි දී නායක ලිඳුල නුවංග ලකුණු 13කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව නවෝද් ගවිශ්ත සහ ජනිශ් ඉරන්ත කඩුලු 3ක් බැගින් ද සහ චනුල් මංදිල් කඩුල්ලක් ද දවා ගන්නවා.
All Saints’ විද්‍යාලයීය ලකුණු පුවරුව වෙනුවෙන් නිරෝශාන් බුද්ධිම පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ද, චලිඳු හේෂාන් පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 20ක් ද සහ ඩිහේන් මෙත්සිළු පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 14ක් ද ලබා ගන්නා ලද අතර අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් කරා පැමිණීමට හැකි වූයේ නැහැ.
ලකුණු 279ක් පිටුපස සිටිමින් පිට පිට 2 වැනි වරටත් පන්දුවට පහර දීමට පිටියට පිවිසි All Saints’ විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට තම 2 වැනි ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 116ක් ලබා සිටියා.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වූයේ උවන් පැහැසර. ඔහු පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 56ක් ලබා ගන්නවා. ඊට අමතර ව බිඟුන් සුලක්ෂණ (15), භානුක පියලත් (14) සහ චලිඳු හේෂාන් (නොදැවී 14) ද පිතිකරුවන් ලෙසින් වැඩි දායකත්වයක් දක්වනවා.
කඩුලු දවා ගැනීමේ දී නවෝද් ගවිශ්ත ලකුණු 36කට කඩුලු 3ක් දවා ගනිමින් එම ඉනිමේ වැඩිම කඩුලුලාභියා වූ අතර ඔහු තරගයේ දී ලකුණු 60කට කඩුලු 6ක් දවා ගැනිමට සමත් වෙනවා.
ඔහුට අමතර ව ජනිශ් ඉරන්ත කඩුලු 2ක් ද සහ චනුල් මංදිල් සහ ගජත සහිරු කඩුල්ල බැගින් ද දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- විද්‍යාලෝක විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 364 (63.1)පසන් මදුශංක 79, අභිලාශ් අලංකාර 28, ලිඳුල නුවංග 162, චනුල් මංදිල් 24, යසිත් දීමන්ත නොදැවී 23, භානුජ පියලත් 3/115
- All Saints’විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 85 (35.2) නිරෝෂාන් බුද්ධිම 26, චලිඳු හේෂාන් 20, ජනිෂ් ඉරන්ත 3/29, නවෝද් ගවිශ්ත 3/24, ලිඳුල නුවංග 3/13
- All Saints’ විද්‍යාලය –දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 116 (37.0)උවන් පැහැසර 56, ජනිශ් ඉරන්ත 2/30, නවෝද් ගවිශ්ත 3/36
තරගයේ විසඳුමක් නෑ.
තරගයේ දක්ෂතම පන්දු රකින්නා – ඉමාන් චාරුත (All Saints’ විද්‍යාලය)
තරගයේ දක්ෂතම පන්දු යවන්නා – නවෝද් ගවිශ්ත (විද්‍යාලෝක විද්‍යාලය)
තරගයේ දක්ෂතම පිතිකරු – පසන් මදුශංක (විද්‍යාලෝක විද්‍යාලය)
තරගයේ වීරයා – ලිඳුල නුවංග (විද්‍යාලෝක විද්‍යාලය)
තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















